2015 වසරේ විශ්ව රූ රැජින තේරීමේ තරගය පෙරේදා (20) ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණු අතර, විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළැඳියේ පිලිපීනය නියෝජනය කළ 26 හැවිරිදි පීයා ඇලොන්සෝ සුරූපිනියයි.
මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ නිවේදකයා ලෙස කටයුතු කළේ හොලිවුඩයේ ප්‍රහසන රංගන ශිල්පී වන ස්ටීව් හාර්විය. ජයග්‍රාහිකාවගේ නම ප්‍රකාශයට පත් කරද්දී, හාර්වි වැරදීමකින් පීයා ඇලොන්සෝගේ නම වෙනුවට දෙවැනි ස්ථානයට පත් කොලොම්බියා සුරූපිනියගේ නම ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඔල්වරසන් මැද කිරුළු පැළැඳි කොලොම්බියා සුරූපිනිය ඒඩ්රියාන් ගුටියරේස් මිනිත්තු දෙකක් පමණ ජයග්‍රහණයේ ප්‍රීතිය සමරද්දී, පිලිපීන සුරූපිනිය ඇයට දෙවැනි ස්ථානය ලැබිණැයි සිතා වේදිකාවේ මුල්ලකට ගියාය.
එම අවස්ථාවේදී, තමා අතින් සිදුවුණු වරද නිවැරදි කිරීමට ස්ටීව් හාර්වි කටයුතු කළේය. ඔහු විනිසුරුවරුන් දුන් ජයග්‍රාහිකාවගේ නම සඳහන් කාඩ්පත ද සැමට පෙන්නුවේය. එම අවස්ථාවේදී ගුරියරේස්ගේ මුහුණ අඳුරු වී ගිය බව දකින්න ලැබු‚.
ඒ අනුව, ඒඩ්රියාන් ගුටියරේස්ට පැළැදූ විශ්ව රූ රැජින කිරුළ පීයා ඇලොන්සෝ ට පැළැඳවීම සිදුවිය. එය සිදුවූයේ 2014 වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි පොලීනා වේගා අතිනි. සිදුවුණු ‘නම් මාරු වීමේ ජංජාලය‘ ගැන තමන් ද පුදුමයට පත් වීයැයි පොලීනා ද පැවැසුවාය.
‘මට සමාවෙන්න, වරද මගේ.‘ යැයි සිදුවුණු වරද වෙනුවෙන් යළිත් වරක් රැස්ව සිටි පිරිසෙන් සහ ලොව පුරා ලක්ෂ ගණනක් ප්රේක්ෂකයන්ගෙන් ද හාර්වි ඉල්ලා සිටියේය. ඉන්පසු සිය ටිව්ටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ද හාර්වි දිගින් දිගටම සමාව ඇයැද සිටියේය.
විශ්ව රූ රැජින තරගයේ තෙවැනි ස්ථානයට පත් වූයේ ඇමෙරිකන් සුරූපිනි ඔලීවියා ජෝර්ඩන්ය.
ජයාග්‍රාහිකාව වුණු පීයා ඇලොන්සෝ 26 හැවිරිදි සුරූපිනියකි. ඇය නිරූපිකාවක, නිවේදිකාවක පමණක් නොව සූපවේදිනියකි.
ලාස් වේගාස්හිදීය (ඒ.එෆ්.පී.)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් අපේ සමහර ටෙලි නිලියන් මේ ලස්සන ඇඳුම කොපි කර වහාම ඇඳගෙන මුළු රටම හිනස්සවාවී. (බ)
පව් කෙල්ල. (ර)
ඔහොම වැරදීම් වෙනවා. (ර)
පිස්සෝ එ් රටවලත් ඉන්නවා එහෙනම් (බ)
අපේ රූප රාජිනිය තෝරන උත්සව වලදීත් ඒ නිවේදකයෝ හිතාමතාම වරද්දලා ජනප්‍රිය වේවිද දන්නේ නැහැ (නි)
දුල්මි, අපේ අය ලස්සන කරන්න අමුතුවෙන්ම වෙනස් කරන්න වේවි (නි)
මේ වරදට සමාව දෙන්න බැහැ. මේ නිවේදකයා ඇයට වන්දි ගෙවිය යුතුයි. (නි)
සොපී, ඔයා කතාකරන්නේ නිකන් ඔයා රූ රැජින වුණා වගේනේ. අතපසුවීම් සිතාමතා කරන්නේ නැහැ (නි)
සොපි, ඔය ඉහත රංග මෙතන අවුරුදු 5ක් තිස්සේ ලියන මම නම් නොවේ ඔන්න. (නි)
ඒක අත් වැරද්දක්.... අපේ නිවේදකයෝ කතා කරන භාෂාව දැක්කම සංසාරේ එපා වෙනවා.....(ම)
වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. (ර)
පොඩි අත්වැරැද්දක් තමයි. ඒත් අර කොලොම්බියානු ගැහැණු ළමයට ඒ වෙලාවෙදි මොනවා හිතෙන්න ඇද්ද? (කෞ)
අනේ මොන තරම් දුකක් හිතෙන්න ඇද්ද, පව්. නිවේදකයාට සුරුපිනියෝ ටික දැක්කම අමතක වෙන්න ඇති. (ර)
මේ වරදට විශාල වන්දියන් සංවිධායකයින්ගෙන් ලැබිය යුතුයි (කෞ)
අලුත් රංග,මම කිව්වේ මට වන්දි ගෙවිය යුතුයි කියලා නෙමෙයි. ඇයට වන්දි ගෙවියයුතු බවයි. පොඩ්ඩක් හිතන්න ජාත්‍යන්තර මට්ටමේ තරඟයකින් කිරුළු පළඳලා ලෝකෙටම ප්‍රකාශ කරලා සුළු මොහොතකින් කිරුළ අහිමි කළාම ඇයට ඇතිවන පීඩනය මොනතරම්ද? (නි)