කාන්තාවකට ලිංගික අතවර කිරීමේ වරදට රූපවාහිනී විකට වැඩසටහනක් වන කොස්බි ෂෝ ඉදිරිපත් කළ බිල් කොස්බිට අමෙරිකා අධිකරණයක් ඩොලර් මිලියනයක ඇපයක් නියම කරනු ලැබීය.
2004 වසරේදී කාන්තාවක් පැහැරගෙන ඇයට මත්පෙති ලබාදී අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් 77 හැවිරිදි කොස්බිට නඩු පවරා තිබිණි.
පෙනිස්ල්වේනියාවේ අධිකරණයක් ඔහුට එම චෝදනාවට ඇප ලබාදුන් අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
මීට පෙරද කොස්බි විවිධ අපචාර හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට සම්බන්ධ අයෙක් බව ඇමරිකා වාර්තා පෙන්වා දෙයි.
කොස්බිට ඇවිදීමේ අපහසුවක්ද ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඔහු අධිකරණයට පැමිණියේද නීතිඥයන් දෙදෙනකුගේ වාරුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා ළමුන් සිනා ගස්සවමින් ඔවුන්ව අමන්දානන්දනයට පත් කල ඔවුන්ගේ ලෝකයේ ඉතාමත්ම ප්‍රිය මනාප පුද්ගලයා වූ මොහු සත්‍ය ලෝකයේ මොන තරම් මුර්ගයෙක්ද? (කෞ)
මේක ලංකවේ හිටියා නම් දේශ පාලුවෝ ගේමක් ගහල මූව නිදහස්.දැන් පේන්නැද්ද (කෞ)
පිටිගල මිලානෝ, සත්‍ය දැනගෙනද ඔබ මේ චෝදනා කරන්නේ? (නි)
මෙයාට හැමදාමත් ඔහොම චෝදනා තියෙන බව තමයි අපිනම් අහල තියෙන්නේ .. (කෞ)
වැඩිවිය පැමිණුනු සමහරෙක් කුඩා කලදී තමන් හට සිදුවූ අකටයුතුකම් වලට විරුද්ධව නඩු මාර්ගයට අවතීර්ණව ඔවුන්ගෙන් විශාල වන්දි මුදලුත් ඔවුන්ව සිරගත කිරීමටත් ක්‍රියාකළ අවස්ථා පහුගිය වකවානුවේ අසන්නට ලැබුනා. ඒ වගේම ලැජ්ජාවට තමාට සිදුවූ අතවරය සඟවාගත් අය තව කොතෙක් ඇද්ද? (නි)