මුදල් කාසි කපා විනාශ කිරිම, පළුදු කිරීම හෝ තලා දැමීම වරදක් බව මහ බැංකුව කියයි. මෙය ශ්රී ලංකාවේ පමණක් නොව ලොව සියළු රටවල දී වරදක් ලෙස පිළිගැනෙන්නකි. එසේ වුව ද මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ කාසි භාවිතා කරමින් සිදුකළ අපූරු නිර්මාණ කිහිපයකි.
මුදල් කාසි කපා විනාශ කිරිම, පළුදු කිරීම හෝ තලා දැමීම වරදක් බව මහ බැංකුව කියයි. මෙය ශ්රී ලංකාවේ පමණක් නොව ලොව සියළු රටවල දී වරදක් ලෙස පිළිගැනෙන්නකි. එසේ වුව ද මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ කාසි භාවිතා කරමින් සිදුකළ අපූරු නිර්මාණ කිහිපයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් පොඩිකාලේ වෙසක් එකට කැරකෙන කූඩූ හදනකොට මැද විදපු තඹ සතයක් ගත්තා කූඩුව කරකවන්න . දැන් කූඩූ හදන්නේ නැහැ. (නි)
අනේ හරිම ලස්සනයි! (නි)
පුදුමාකාර ලස්සනයි නේ? (නදී)
මේ වැඩේට කාසි ම ගන්න ඕනද , ලෝහ තහඩුවකින් රවුම් ටිකක් කපලත් මේ වැඩේ කරන්න පුළුවනි නේද (දිල්)
මේකත් අමුතුම වැඩක් තමයි (නි)
අමුතු අමුතු වැඩ කරන්න ඉතින් හැමෝටම බැහැනේ (නි)
චමින්ද සම්පත්, රොෂාන්, කළණි, එදා මානව හිමිකම් රකිනවා කියල ඔයාලගේ තාත්තල සීයල ඔයාලට ඒ පාඩම කියල නුදුන්නා නම් කුමක්ද වෙන්නේ? (ස)
මෙයාගේ තාත්තා පොඩි කාලේ මෙයාට ගහලා නැහැ. සීයා ඇඟිලි පුච්චලත් නැහැ. ඒක නිසා තමයි මේ ලෝකය පුදුම කළ නිර්මාණකරුවා බිහිවුණේ. ඔන්න වෙනස (නි)
ඉස්සර තිබුණ කාසි වල වටිනාකමක් තිබුණා. දැන් තියෙන කාසි නමට සහ හදුනා ගැනීමට පමණක් තියෙන කාසි. වටිනාකම අතින් අන්තිමයි. නමුත් කලාකරුවෙකුගේ නිර්මාණ සිතුවිලි මිලක් කරන්න අපහසුයි. හරියට මැණිකක් නොදන්නා අපි ගල් කැටයක් කියා පයින් ගසා ගියත් මැණික් ගැන දන්නා පුද්ගලයා එය ඇහිද ගන්නවා වගේ! (ස)
මොකක්ද මේ අලුත් වැඩේ? (නි)
මෙයාට නම් හිතෙන්න ඇති බල්ලොත් නොකන සල්ලි කියල. (ස)
අයියෝ සල්ලි ... (ස)
හොඳ නිර්මාණයක්, (දිල්)
මොහුගේ නිර්මාණශීලි චින්තනය අගය කරමි. එහෙත් කාසි ටික නම් අපරාදෙ නේද? (ස)
අපුරු නිර්මාණයක් ! වැඩි හරිය ඇමරිකන් කාසි ! (ස)
ලංකාවේ මිනිස්සුන්ට බලන්න හොද පුවතක් නම් නෙමෙයි වගේ. දැනටමත් රුපියල් පහේ කාසි උණු කරලා මාල හදල බස් වල විකුනනවා නේද. (ස)
ඉස්සර කෝච්චියට කාසි තියලා තැලුනහම අරන් තියා ගන්නවා. එකක් දැකලා තාත්ත කියා දුන්නා සල්ලි තලන එක වැරදියි කියලා. ඉතින් මේ කලාවේ කාසි ඔක්කොම පලුදු වෙලානේ. (නි)
මම පුංචි කාලෙ සීයාගෙන් රුපියලක් ඉල්ලුවා ටොෆි කන්න. ටික වෙලාවකින් සීයා කිවුවා රුපියල කුස්සියෙ ලිප් ගල උඩ ඇති, ගන්න කියලා. මම රුපියල ගත් විට මගේ ඇඟිලි හොඳටම පිළිස්සුනා. සීයා හඩනඟා සිනාසී කිවුවා වැඩක් නොකර ගන්න සල්ලි වලට ඇඟිලි පිළිස්සෙනවා කියලා. (නි)
මට තාමත් මතකයි තඔ කාසියක් තලල බවුත් එකක් හදල තාත්තගෙන් ගුටි කෑව. එදා තාත්ත කිවුවෙ කාසි තලන එක පවක් කියල. (ස)