ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පට්නාහි ආගමික උත්සවයක දී පිරිසක් කලබලයට පත්ව දිවයාමෙන් 32ක් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියගිය වැඩිපිරිසක් දරුවන් හා ගැහැනුන්ය. කලබලයට හේතුව නිශ්චිත නැතත් විදුලි කම්බියක් කඩා වැටෙන බවට පැතිරගිය කටකතාවක් ඊට හේතු වී ඇතැයි සැකයක් පවතී. මෙවැනි මරණ සිදුවන කලබලකාරී තත්ත්ව හින්දු ආගමික උත්සව වලදී බහුලව වාර්තාවෙයි. සීමිත ඉඩක අතිවිශාල පිරිසක් රැස්වීම ඊට හේතුවී ඇත. පසුගිය වර්ෂයේ (2013) ඔක්තෝබර් මාසයේ දී ද මෙවැනිම ආගමික උත්සවයක දී වන්දනාකරුවන් 91 දෙනකු මියගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ජන ගහණයෙන් අති විශාල ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙලෙයි. ඔවුන්ගේ දුක්ගැනවිලි කොපමණ ඇත්ද යන්න වැටහෙනවා අදහන දෙවියන්ට කන්නලව් කිරීමෙන්.පෑගී මියයාමට තරම් කොපමණ ජන ගංගාවක් ගලා ඇත්ද ? (නදී)
ඒ වුණාට ඉන්දියාවේ කතා නම් බොහොම උජාරුයි (නි)
මම අවුරුදු18 ක් තිස්සේ ඉන්නෙත් රස්සාව කරන්නෙත් ඔය රටේ. අපි මේ ගොල්ලන්ගෙන් පෝක් සමුද්‍ර සන්ධි යෙන් වෙන්වෙලා තියෙන්නෙ අපේ පූරුවෙ වාසනාවකට. ඒ නිසා අපේ සංස්කෘතිය අපට ආවේනිකයි. මේ වගේ පිස්සු විදිහට අපි ආගම් අදහන්නේ නෑ. සෑම දෙයකටම මුල මේ රටේ අසීමිත දුප්පත්කම සහ නූගත්කම. (නදී)
හේමන්ත අසීමිතව දුප්පත් නම් කෝටි ගණන් වියදම් කරලා අඟහරු අල්ලන්න යන්නේ කොහොමද (අ)
හේමන්තගේ කතාව නම් ඇත්ත. එ්කනේ හින්දු කට්ටිය ලංකාවට එන්න හදන්නේ. ප්රභාකරන්ට රට දුන්නා නම් අපේ කට්ටියගේ අනාගතේ බලන්න තිබුනා (නදී)
හේමන්ත, ඔයත් පත්තර බල බල ඉන්නේ. රට හිටියට ලංකාවේ නේද හිත (නදී)