අහිතකර කොලෙස්ටරෝල් හේතුවෙන් පිළිකා ශරීරය පුරා ම පිළිකා ව්‍යාප්තවන බව නවතම පර්යේෂණයකින් සනාථ වී ඇත. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ කොලෙස්ටරෝල් මගින් යාන්ත්‍රික ලෙස සිරුරේ ඇති සෛලවල සංචලනය නියාමනය කරන බවයි.
මේ සොයා ගැනීම මගින් ඔවුන් පවසන්නේ පිළිකාව හා කොලෙස්ටරෝල් අතර ඇති සම්බන්ධතාව තේරුම්ගත හැකි බවයි.
පර්යේෂණයේ ප්‍රධානී සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ග්‍රෙවල් පවසන්නේ මේ පර්යේෂණය පිලිකා පර්යේෂණ වලට වැදගත් සම්බන්ධයක් වන බවයි. ඔහු පවසන්නේ පිළිකාව ශරීරය පුරා ව්‍යාප්ත වූ පසු එයට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. සිරුරේ බොහෝ සෛල තමාට ආසන්නව ඇති සෛල සමග මතුපිට ඇති අනු මගින් බැඳී පවතී.
මහාචාර්ය ග්‍රෙවල් මෙසේ කියයි.
සිරුරේ ඉතා ඉහළ ප්‍රමාණයකින් අහිතකර කොලෙස්ටරෝල් පවතී නම් ඒ හේතුවෙන් පිළිකා සෛල එහා මෙහා ගමන් කරන අතර ව්‍යාප්ත වන බවත් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අපිට සොයා ගත හැකි වූවා හිතකර කොලෙස්ටරෝල් වල ඇති ඉන්ටග්රීන් නමැති ලිකොප්රෝටීනය සෛල තුළ තබාගෙන පිළිකා සෛල ව්‍යාප්තිය අඩුවන බව.
මහාචාර්යවරයා පවසන්නේ පැහැදිලිව ම කොලෙස්ටරෝල් හා පිළිකා පැතිරීම අතර සම්බන්ධතාවක් ඇති බව කියා සිටියි.
අහිතකර කොලෙස්ටරෝල් මගින් පිළිකා සෛල ඉහළ දමන අතර හිතකර කොලෙස්ටරෝල් පිළිකා සෛල පහළ දමන බව මෙමගින් සනාථ වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලෙස්ටරෝල් කියන්නේ අපි වගේ [විශේෂයෙන් ශ්‍රී ලංකා,ඉන්දියානු,පකිස්තාන්,බංගලාදේශ්] ආසියානුවන්ට විශාල වශයෙන් ඇති රෝගයක්.මා ජීවත් වන රටේ පපුවේ අමාරුවක් හැදිලා රෝහලට ගියොත් ,ඉපදුන රට මොකද්ද කියලා අපෙන් අහලා අනිකුත් රෝගීන්ට කලින් ප්‍රතිකාර දෙන ක්‍රමවේදයක් තියෙන්නේ.මොකද දොස්තරවරුන්ට තියෙනවා අපි කන කෑම බීම ගැන හොඳ අවබෝධයක්. (නි)
රණතුංග, ඉපදුණු රටට ආවේනික කෑම කෑවා නම් පපුවේ අමාරුව හැදෙන්නේ නැහැ. (ස)
රණතුංග, මොකක්ද ඔයා ඉන්න රට. මතුරටද??? (ස)
නිල්මිණි, මතුරටට ටිකක් කිට්ටුයි. (ස)
අනේ රණ තුංග දන්නා තරම?කොලෙස්ටරෝල් අඩුම ආසියා රටවල ජීවත් වන පුද්ගලයන්ටයි. යුරෝපා රට වල ජීවත්වන්නන්ට කොලෙස්ටෙරෝල් අධිකයි. රණතුංග ඉන්නේ මොන රටේද? (නි)
රණතුංග ජීවත් වෙන්නේ ඉතියෝපියාවේද? (නි)
අපි නොදන්නා කොලෙස්ටරෝල් ? (ස)
රණා මොනවද මේ කියවන්නේ? (නි)
මටත් කොලෙස්ටරෝල් තිබෙනවා... (නි)
රණතුංග, කළකිරෙන්න එපා. දෙවියෝ පය නොගහන තැන්වල යක්කු බඩපිණුම් ගහනවා (නි)
රණතුංග, සේරම් කියපු දේ හරියට හරි කළකිරෙන්නත් එපා. උත්තර දෙන්න යන්නත් එපා(දිල්)
රණතුංග කොලෙස්ටරෝල් කියන්නෙ රෝගයක් නොවෙයි.(නදී)
මොනවා කියනවාදෝ මන්දා ..... ඔව්ව කොස් දෙල් කන අපිට නං නැ නොවැ............... (ස)