ලෝක ප්‍රසිද්ධ රූපවාහිනී නිරූපණ ශිල්පිනීයකු වන කිම් කාඩේෂියන්ගේ වටිනා ආභරණ රැසක් පැරිස් නුවරදී පොලිස් ඇදුමින් සැරසුණු කොල්ලකරුවන් පිරිසක් විසින් සොරකම් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආයුධ සන්නද්ධව පැමිණි පස් දෙනෙකු ඇය නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණ මෙම සොරකම සිදුකර ඇති අතර ඇයට කිසිදු ශෘරීරික හානියක් කර නැත.සොරකම් කරන ලද ආභරණ වල වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 11.2ක් පමණ වන බව වාර්තා වෙයි.සිදුවීමෙන් පැය කිහිපයකට පසු ඇය පෞද්ගලික ජෙට් යානයකින් නිව්යෝක් නුවර බලා පිටත්ව ගියාය.
මෙය අවාසනාවන්ත සිදුවීමක් බවත් මෙවන් අපරාධ කරන අයට බරපතල දඩුවම් ලබාදිය යුතු බවත් ප්‍රංශ විදේශ ඇමති ජීන් මාර්ක් ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ තමයි.(හේ)
ඔන්න ලංකාවේ පාතාලේ කෙනෙක් ඒකටත් ගෑවිලා ඇති ..?(හේ)
මේ වටිනා ආභරණ හොරුන්ට නැවත විකිණීමට අමාරුය. මොවුන් පළඳින කාර්තියර්, බුශේරෝන් වැනි වෙළඳ නාම ඇති ආභරණ කාණ්ඩ අංක මගින් ලොව ඕනෑම රටකදී හඳුනා ගත හැකි අතර දියමන්ති ගලවා රත්‍රං (බොහෝ විට කැරට් 18) දියකළ විට ලොකු මුදලක් ලබාගත නොහැක. (හේ)
මෙයාලා ලංකාවේ වෙන දේවල් ආදර්ශයටවත් ගත්තද? (නි)
මාරයි. එහෙ කොල්ලකාරයෝ පොලිස්කාරයෝ විදියට ඇවිල්ලා මංකොල්ලකාලා? මෙහෙ වෙන්නේ පොලිස්කාරයෝ කොල්ලකාරයෝ විදියට ඇවිල්ලා මංකොල්ලකාලා යන එක. (නි)
දැන්කාලේ කොල්ලකරුවෝ බුද්ධිමත් (නි)
පැරිසිය කළු සහ අරාබි ජාතිකයන්ගෙන් පිරීඉතිරි ගිහින්. අපරාධ 90%ක්ම කරන්නේ විදේශිකයෝ. ප්‍රංශ ජාතිකයෝ නීතිගරුක ජාතියක් (නි)
මෙයත් ඔලිම්පික් වගේ ගේමක් වෙන්න බැරි නැහැ (නි)
මේක රක්ෂණ වංචාවක් කියලයි කියන්නේ. (ර)