අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පියාසර කළ නොහැකිව පැය ගණනාවක් ගුවන්තොටුපළේ නවතා තිබූ ගුවන්යානයක සිටි මගීන් සැනසීමට ඔවුන් වෙනුවෙන් පීට්සා ඇනවුම් කළ ගුවන් නියමුවෙක් ගැන ඇමෙරිකාවෙන් වාර්තා වේ.
ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම ගුවන්යානය ෆිලඩෙල්පියා සිට ඇට්ලැන්ටා බලා පියාසර කරමින් තිබූණක් වූ අතර ජෝර්ජියා ප්රාන්තයේ කාලගුණය හදිසියේ අයහපත්වීම නිසා එය සමනය වනතෙක් යානය ගොඩ බස්වා තබාගැනීමට සිදුවිය.
පැය ගණනාවක් බලා සිටියද කාලගුණය යහපත් වන අයුරක් පෙනෙන්ට නොතිබුණු නිසාද , මගීන් නොඉවසිලිමත් වෙමින් සිටි නිසාද යානයේ ප්රධාන නියමු තැන පාලක මැදිරිය හා සම්බන්ධව වී වෙනුවෙන් පිට්සා ඇනවුම් කළේය. අනපේක්ෂිත ලෙස ලැබුණු පිට්සා තෑග්ගෙන් මගීන් කුල්මත් වුහ.
පියාසැරියට අවසරය ලැබුණු විට ගුවන්යානය නැවත ගුවන් ගතවිය.මගීන් ට්විටර් හා ෆේස්බුක් පණිවුඩ වලින් ගුවන් නියමුවාට හා ඩෙල්ටා ගුවන් සේවයට ස්තූතිය පළකළහ.
ඩෙල්ටා ගුවන්සේවය මේ ආකාරයට පිට්සා සත්කාරයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවන බවද සදහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට අපේ සේවය.....පිස තියා වතුරවත් නැතිව වරක් ......... යානයක් පැය 5 ක් විතර පමාවුණා. (කේ)
අපේ ශ්රී ලංකන් ගුවන් සේවය බඩ පුරවන්නේ ලොකු ලොක්කන්ගේ විතරයි. දැක්කනේ කෙනෙක් පොඩි කෙල්ලෝ එක්ක ගත්ත සැප. එ් සල්ලි වලින් ලංකාවටම පීසා දෙන්න තිබුනා. (බ)
රනිල්, මොනවද ඔය කියන්නේ රෝමයේ වරක් ......... යානයක් පැය 15 ක් විතර පමාවුණා, එතකොට දුන්නේ පරිප්පු (බ)
රනිල්, කොස්වත්ත - නියම දෙන්නෙක් , මේක ධාවන පථයේ වුනේ,, උඹල දෙන්න ගුවන් තොටුපල ඇතුලේ පැය 5/15 හිටියේ , හොටෙල්ස් තියෙන්නේ සල්ලි ගෙවල කාපල්ලකො , ඔකොම නිකන් දෙනකම් ඉන්ව එපා බන් (බ)
ඒ ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය, මේ අපේ ගුවන් සේවය. සමකරන්න පුලුවන්ද මේ රටවල් දෙකත්, ගුවන් සේවා දෙකත් ? අපේ අනිත් ගුවන් සේවය ගැන කුමන කතාද, ළමයිනේ ?(බ)
රනිල් සහ කොස්වත්ත ලිඳෙන් වතුර බිල ලිඳෙන් වතුර නාල ගඟට ආවඩන මිනිස්සු. 2011 ට කලින් ශ්රී ලංකන් ගුවන් සේවයට ආසියාවේ තිබුන හොඳම සේවයට හිමි සම්මානය ලැබුන අවුරුදු ගණනාවක සිට. නමුත් මෝඩ දේශපාල තීරණ නිසා 2011 සිට එන්න එන්නම පරිහානියට ලක් වුණා. එ්ක ගුවන් සේවයේ වැරද්දක් නෙමෙයි අපේ නුගත් දේශපාලකයන්ගේ වැරදි. 2011 ට කලින් මැදපෙරදිග ඉන්න ඉන්දියානු ජාතිකයින් ඉන්දියාවට යාමට සහ ඒමට අපේ ගුවන් සේවය භාවිතා කළා හොඳට කන්න බොන්න දුන්න නිසා. දැන් ඒ තත්වය වෙනස් වෙලා. මෝඩ දේශපාලන තීරණ නිසා (බ)