තම පාරිභෝගිකයින් පිනවීමට යැයි කියා ඔවුන්ගේ ආහාර වලට අබිං මිශ්‍ර කළ අවන්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට චීනයේ ෂාන්ක්සි ප්‍රාන්ත පොලිසිය සමත්ව ඇත.
අවන්හල් හිමිකරුවාගේ හොරය අසුවී තිබෙන්නේ අහඹු ලෙස රථ වාහන නවත්වමින් ඒවායේ යන්නවුන් පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරීන් පිරිසක් මේ අවන්හලෙන් ආහාර ගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ වාහනය නවත්වා ඔහුව පරීක්ෂා කිරීමත් සමගය.
පොලිස් නිළධාරීන් මෙන්ම එම පුද්ගලයාද පුදුමයට පත්කරමින් ඔහු අබිං භාවිතා කර ඇතැයි එහිදී අනාවරණය වී ඇත.
මේ පුද්ගලයා තමන් ජීවිතයේ කිසිම දිනෙකවත් අබිං භාවිතා කර නැතැයි පොලිසිය හමුවේ කියා ඇත.
ඔහුගෙන් ලද තොරතුරු අනුව ඔහු අවසානයට ආහාර ගත් අවන්හල ගැන සැක ඉපිදවූ පොලිසිය එහි ගොස් සොයාබැලීමේදී අවන්හල් හිමිකරු ආහාර වලට අබිං මිශ්‍ර කරන්නේයැයි සොයාගෙන තිබේ.
හිමිකරු පවසා ඇත්තේ තම අවන්හලට නැවත නැවතත් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමටත් ඔවුන්ට කිසියම් වින්දනයක් ලබා දීමටත් මෙසේ ආහාර වලට අබිං මිශ්‍ර කළ බවයි.
අවන්හල් හිමිකරු මේ වන විට සිටිනුයේ පොලිස් අත්අඩංගුවේය. ඒ මත්ද්‍රව්‍ය බෙදාහැරියේ යැයි යන වරදටය.
අබිං අතීතයේ සිටම චීනයේ බහුලව භාවිතා කළ ආහාර රසකාරකයක් වන අතර මෑතකදී හදුන්වාදුන් නව නීති අනුව එහි භාවිතය දැන් තහනම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබිං කියන්නේ ගංජා ද? (නදී)
ඉස්සර ලංකාවෙත් ඔය රසකාරකය පාවිච්චි කරා.දැන් නම් තියෙනවද දන්නෙත් නැහැ. (දී)
ගංජා,මරිජුවානා,කංසා, කියන්නේ එක ජාතියක්.අබිං කියන්නේ වෙන ජාතියක්. (දී)
අබිං කියන්නේ බෙහෙතක් නෙව (දී)
මම අහලා තියෙනවා ගන්ජත් ලංකාවේ සමහර පළාත්වල කෑම වලට දානවා කියල. ඒක ඇත්තද (දී)
අබිං කෑවහම නින්ද යනවා (දී)
සමහර රටවල නම් ගංජා භාවිතයේදී තිබු නීතිමය තහනම ඉවත්කර තිබෙනවා. සමහරු කියනවා මස් උයනකොට ගංජා ටිකක් එකතු කළාම මස් ඉක්මනට බුරුල් වෙනවා කියලා. ඒකේ සත්‍ය ,අසත්‍යතාවය ගැන නම් කියන්න දන්නේ නැහැ. (නි)
චමින්ද, මස් උයනකොට ගංජා ටිකක් එකතු කළාම මස් ඉක්මනට බුරුල් වෙනවා තමයි. (අ)
හොද පුවතක් (දී)
බන්දුලගේත් මේ දවස් වල, නට් තදවෙලා තියෙන්නේ.බුරුල් වෙන්න මොනවා හරි දුන්නනම් හොදයි. (අ)
ගංජා සිංහල බෙහෙත් වලට පාවිච්චි කරලා තියෙනවා. ඇදුම රෝගයට කොළවලින් දුම් අැල්ලීමත් තේ වගේ වක්කරල බොන්නත් දෙනවා. අනවශ්‍ය පමණට ගත්තම තමයි සේරම නරක අතට යන්නේ. (අ)
නාරද, මට මස් රාත්තල් පන්සියක් විතර තම්බගන්න ඕන වෙලා තියෙනවා,කොහෙන්ද ඒ හා සමාන, අවශ්‍ය කරන ගංජා හොයාගන්නේ ? (දී)