වැනිසියුලාවේ ප්‍රධාන සත්වෝද්‍යාන බොහොමයක සතුන් බඩගින්න නිසා මිය යතියි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ආහාර හිඟ වී මාස හයක පමණ සිට සතුන් මිය යන බව කියති.
සත්වෝද්‍යාන සේවකයන් පවසා ඇත්තේ සමහර සතුන් මිය යෑමට පෙර සති දෙකක පමණ කාලයක් නිරාහාරව සිට ඇති බවයි. සිංහයන් සහ කොටියන් වැනි මාංශ භක්ෂක සතුන්ට මස් වෙනුවට අඹ සහ වට්ටක්කා වැනි ද්‍රව්‍ය ලබාදෙන බවද හෙළි වී ඇත.
රට ආර්ථික අර්බුදය මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි විචාරකයෝ බවසති. එහෙත් ආහාර හිඟ වීම නිසා සතුන් මිය යන බව වැනිසියුලා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් අවාසනාවන්තද (නි)
නිකන්ම මැරෙන්න දෙනවට වඩා නරකද සත්තු ටික ඔක්කොම එකට දැම්මා නම්? අඩුම තරමේ ඉතුරුවෙන එකා ජිවිතේ ගැටගහ ගනීවි (නි)
මෙන්න බංකොලොත් සමාජ වාදයේ ප්‍රතිපල. (ම)
මේ අසරණ සතුන්ට කන්න දෙන්න බැරිනම් ඇමරිකාව වගේ රටකට බාර දෙන්න කරුණාකරලා මම ගිය සතියේ පුතා සමග ගියේ මෙරටේ එක සත්තු වත්තක් නැරබීමට සතුන්ට තිබෙන නිදහස ,සේවකයින් කතා කරන්නේ හුරතල් නම් වලින් අනේ ඔය සතුන්වත් බාරදෙන්න. කතා කරන්න බැරි තිරිසනා පලි නැහැ රටේ ප්‍රශ්න වලට. (ර)
අහිංසක සතතු. (ර)
අනේ පව්. හරි දුකයි අසරණ සත්තු! (නි)
චතුරි, ඔබ මොන රටේ සත්තු වත්තටද ගියේ? (නි)
ලංකාවේ පාර්ලිමෙන්තුවට හරි ගෙනත් දාන්න....ඒකෙ ඉන්න සත්තුන්ට කන්ඩ වැඩිවෙලා....(අ)
මේ අහිංසක සත්තු කොටුකරලා ඉද්දි කොහොම කෑම හොයන්නද.? (ර)
සිංහයා නම් හාමතේ හොඳටම හෙම්බත් වෙලා වාගෙයි. බඩගින්නේ හිටියත්,වට්ටක්කයි අඹයි කොහොම කන්නද පව්! අසරණ සත්තු.(අ)
සමාජවාදය තිබුන කාලයේ (හියුගෝ චර්වෙස්) මේ රට ඉතාමත් හොදින් තිබුනා. ඇමරිකාව තමයි ඒක විනාශ කලේ... පෙන්නේ නැද්ද සිරියාව සහ ලිබියාව... (ර)
ඔය සතුන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළා නම් උදව් කරන්ට කැමති අය හැම රටේම ඉන්නවා. (අ)
හොඳම වැඩේ ගිවිසුමක් ගහලා වෙනත් රටකට බාරදෙන එක. ආර්ථිකය හරිගියාම අායෙමත් ගෙනෙමු. (නි)
ප්‍රියන්ත ඔයාට මගේ අදහස තේරුම් ගන්න අමාරුනම් ඔයාට මහින්දගේ පද යාත්‍රාව තේරුම් ගන්න හරි අමාරු ඇති නේද. මම යම් රටක නමක් සදහන් කර ඒ රටේ අගය තේරුම්කරන්නේ මම ඇස් දෙකට දැකපු. නිසයි අපි හැම අවුරුද්දෙම යනවා සතුන් බැලීමට (අ)
මෙයාල හිතුවද දන්නේ නෑ මේක සූටෝපියා කියලා (බ)
චතුරි බොරු කියන්න එපා. අපිත් ඇමෙරිකාවේ තමා ඉන්නේ. මෙහෙ සත්තු කියලත් සතුටින් ඉන්නේ නෑ. හොදම දේ තමා සත්තුන් ක්‍රමානුකුලව වනාන්තර වලට මුදා හැරීම..(රේ)