කැනඩා පාර්ලිමේන්තුවේ ඇතුලත හා පිටත සිදුවූ වෙඩි තැබීමකින් එහි සිටි සොල්දාදුවකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. පාර්ලිමේන්තුව ඔටාවා නගරයේ පිහිටා ඇත.
තුවක්කුකරුවෙක් ජාතික යුධ ස්මාරකය අසලදී වෙඩි තැබීම ආරම්භ කර පසුව එය සමීපයේ පිහිටි පාර්ලිමේන්තුවට ද දිවගොස් එහිදී ද දිගටම වෙඩි තැබීම් සිදුකර තිබේ.
කැනෙඩියානු ගුවන් විදුලිය සීබීසි හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ම පවසා ඇත්තේ එක් තුවක්කුකරුවෙක් මරා දැමු බවයි. නමුත් මෙම කරුණ හරිහැටි සනාථ වී නොමැත.
මෙම සිද්ධිය ඇතිවුයේ මෙම සතිය මුලදි සොල්දාදුවන් දෙදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකිරීම හේතුවෙන් කැනඩාව ත්‍රස්ත තර්ජන ඉහළ යාම ගැන වාර්තාකර පැය ගණනක් ගතවීමට පෙරය.
කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ක් ගාර්නෙයු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තුවක්කු කරුවන් එක්කෙනෙක් නොව කිප දෙනෙක් සිටිය හැකි බවයි. තමා ඇතුළු අනෙක් සහෝදර දේශපාලඥයින් මෙම ස්ථානයෙන් පිටත් ව ගිය බව හෙතෙම පැවසිය.
ඇසින් දුටුවන් පැවසුවේ මේ අවස්ථාවේදි පාර්ලිමේන්තුව තුල මහත් කලබැගෑනියක් ව පැවැති බවයි.
කළින් ඔටාවා පොලිසිය ප්‍රකාශ කර තිබුනේ තුවක්කු කරුවන් එක්කෙනෙකුට වඩා මෙම සිද්ධියට සම්බන්ධ බවයි. මේ අතර කැනඩියානු අගමැති ස්ටෙපන් හාර්පර් ආරක්ෂා සහිතව පාර්ලිමේන්තුවෙන් පිටව ගිය බව ඔහුගේ සංනිවේදන අධ්‍යක්ෂකවරයා විදෙස් මාධ්‍යයට පවසා ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ටෝනි ක්ලෙමන්ට් පැවසුවේ වෙඩි තැබීම් සිදුවුයේ කැබිනට් රැස්විම පැවැත්වෙමින් තිබෙන විට බවයි.
මෙම මස මුලදි කැනඩාව ඇමරිකාව සමග එක්වි ඉරාකයේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් වු සටන් කාමින් (අයිඑස්) ට එරෙහිව ගුවන් මෙහෙයුම් දියත් කිරීමට ගෙන ඇති තීරණය ප්‍රකාශයට පත් කරණ ලදී. එම තීරණය හා මේ සිද්ධිය අතර සම්බන්ධයක් තිබේ ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවෙලේම සජීවීව ස්කයි නිව්ස් තුලින් මා දුටු විට මට හැඟුනේ හොද වැඩේ කියලයි. ඔය ත්‍රස්තවාදය කියන වචනේ අරුත සජීවීව ගෙනිහින් හරියටම ගහේ අත්තක් උඩම ඉදගෙන ගහ කපන්න හැදුවා වගේ පෙන්නලා දුන්න ත්රස්තවාදියා. ඔය කැනඩාවේ ඉන්න කප්පිත්තෝ ටික තමයි කොටින්ට කිරි පොවන්නේ. අපේ දේශය පෙර පිනකින් අපි නිදහස් කරගත්තේ. දැන් හොදයි එයාලටත් රස දැනුනා. (නදී)
නියමයි කැනඩාව කොටින්ට උඩ ගෙඩි දෙනවට (නදී)
අයි.එස්.අයි.එස් සහෝදරයනි ජයවේවා මේ අයට ත්‍රස්තවාදය මොකක්ද කියලා ඉගැන්නුවට (නදී)
ත්රස්තවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න, උදව් කරන, පෝෂණය කරන අයටත් ත්රස්තවාදයේ අරුමය දැකගන්න තේරුම් ගන්න අවස්තාව උදාවෙලා වගෙයි. (නදී)
කැනඩාව ලෝකයේ සිටිනා ත්රස්තයන් පෝෂණය කරන රටක්. ඔවුන් මගින් දියුණුවන තුන්වන ලෝකයේ රටවල් අස්ථාවර කිරීම , රටවල් තුල ප්‍රශ්න මතුකොට රටවල් දෙකට කැඩීම ඔවුන්ගේ අරමුණ උනා. දැන් වත් ත්රස්තයන් පෝෂණය කිරීම බාර ගැනීම නැවතුවහොත් ඉදිරියට ආරක්ෂාවට හොඳයි ත්රස්තයන් කොහේ ගියත් ඔවුන්ගේ ත්‍රස්තවාදය නතර නොකරති (නදී)
ඔහොම නෙමෙයි බෝම්බයක් දෙකක් පිපිරෙද්දී තේරේවි ත්රස්තයෝ කියන්නේ මොක්කුද කියලා.ඔහොම යන් ඔහොම යන් අපිටත් තව තව ලොකු ලොකු දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවිනෙ.(අ)
සෙබලෙක් මැරිලා. ඇත්ත රිපෝට් එක මේක නෙමෙයි (නදී)
බොහොම හොඳා..ඔහොම තමා වෙන්ට ඕනේ (අ)