කොන්කෝඩ් ජෙට් යානා පරපුරේ නවතම පුරුක ‘‘කොන්කෝඩ් පුත්‍රයා“ නමින් වර්ෂ 2021 දී වෙළඳ පොළට හඳුන්වාදීමට එහි නිෂ්පාදකයෝ කටයුතු කරති. පැයට කිලෝ මීටර 1,200ක වේගයෙන් පියාසර කළ හැකි මේ යානයට ලන්ඩන් නගරයේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යාමට ගත වන්නේ පැය තුනක කාලයකි.
ඒඑස් 2 යනුවෙන් නම් කැර ඇති මේ මාදිලිය ඉදිරි වර්ෂයේ දී අත්හදා බැලීමේ පියාසර කටයුතු 2021 දක්වා සිදුකර 2023 දී ප්‍රථම වරට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය. මෙය ලෝකයේ සුපර් සොනික් තාක්ෂණය යොදා ගන්නා ප්‍රථම පුද්ගලික ගුවන්යානය වනු ඇත.
අඩි තිහක් දිගැති මැදිරියක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 12කි. දිග අඩි 170කි. පියාපත් තුඩු අතර පළල අඩි 61කි. උස අඩි 22කි. පියාසර කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 1960 කි.
යානයේ නිෂ්පාදකයන් පවසන්නේ එහි සැකිල්ල හා තටු සාදා ඇත්තේ කාබන් ෆයිබර් භාවිතයෙන් බවයි. මෙහි අත්තටු ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු කිරීමෙන් ඉන්ධන දහනය සියයට 20ක් පහත දැමීමට හැකියාව ලැබී ඇති බව ද ඔවුහු කියති.
මේ යානා නිෂ්පාදනය කරන ඇමෙරිකා සමාගමේ නිෂ්පාදනාගාරය අක්කර 100 ක් වසා පැතිරී ඇත. අඩි 9,000ක් දිගැති ධාවන පථයක් යානය පියාසර කරවීම සඳහා සකසමින් තිබෙන බව ද නිෂ්පාදක සමාගම පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වතාවේ සිදුවුණ දේ නම් වෙන්න එපා..... (නි)
මිනිසුන්ට ජීවත්වීමට මෙපමණ වේගයක් අවශ්‍යද? කෙසේවෙතත් මිනිස් මනසේ හැකියාව භෞතිකව පෙන්වීම මිනිසාගේ ජයග්‍රහණ ගොඩට එකතුවන්නක්. (නි)
අහවලා හිටියා නම් ලංකාවටත් එකක් ගන්නවා ෂුවර් එකටම (නි)
වෙදආරච්චි තාම ජීවත්වෙන්නේ අහවලාගේ කාලයේද? බඩු මිල පොඩ්ඩක් බැලුවා නම් ඕවායේ ඇත්ත නැත්ත තේරෙයි. (නි)
අහන්න ලැබීමත් සන්තෝෂයි. යන්න අවස්ථාවක් උදාවුණොත් හිතාගන්න අමාරුයි (නි).
වෙදආරච්චි අහවලගේ කාලේ ලැම්බෝගිනි රත්තරන් අස්වයෝ බෙබිලගේ හෙලිකොප්ටර් තියනවා කිය කියා මැරෙන්න හැදුවා. කෝ එකක්වත් හම්බ උනාද? බොරුවට බයිලා ගහල නෝන්ඩි වෙන්න එපා. අහවලා නිසා අදටත් නිදහසේ බුක්ති විඳින දේවල් ගැන හිතන්න. (ස)
සුබ පැතුම්! (නි)
අපේ රජකුමරවාරුත් මේවා ලංකාවට ගෙනේවි හිටියනම් ...(ම) .
අපේ රටේ මැති ඇමතිවරුන්ට විදේශ ගමන් බහුල කමත් ඒවාට කාලය මදි නිසාත් , වෙන මොනවා නැතත් මෙම ගුවන් යානා හත අටක් වත් ගතහොත් ඔවුන්ගේ කාලය ඉතුරු කර ගන්න පුළුවන් , ඉතුරුවන කාලයවත් රටට වැඩක් සෙතක් කරවා ගන්නට (බ)
වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා නොහැකි නිසා, "කොන්කෝර්ඩ් පුතා" මගින් පියාසර කිරීම අධික වියදමක් දැරීමට වෙනවා නොඅනුමානයි. කොහොම වුනත් මෙවැනි "සුපර්සොනික්" ගුවන් යානා නිපදවන්නෙත්, පාවිච්චි කරන්නෙත් කෝටි ප්‍රකෝටිපතියන්ට නිසා එක ප්‍රශ්නයක් නොවෙයි....(ම)
අපේ 'රජතුමා' හිටියා නම් අනිවාර්යයෙන්ම මේවායින් දෙකක් විතර ලංකා අහසේද පියාඹනු ඇත (නි)
තාක්ෂණයේ දියුණුව... (නි)
මට නම් මේව බැලුවාම, අපි ගැන ඇති වෙන්න සෑහෙන දුකක්. ලෝකෙ අනිත් රටවල් බහුතරයක් දවසින් දවස ඉස්සරහට යනව. ඒකට අපි ඇතුළු අපේ රට. දවසින් දවස යන්නෙ ආපස්සට. නවොත්පාදනය සහ අලුත් චින්තනය කියන එක බින්දුවයි. (ස)
සුමිත්‍ර දැන්වත් ලජ්ජා නැති ඔය ගොබෙල්ස් ක්‍රමය නවත්ත ගන්න. (ස)
දැනට ශතවර්ෂ බාගයකට පෙරත් කොන්කෝර්ඩ් සහ රුසියානු යානා අහස දෙවනත් කළා ඔය වේගයෙන්ම. (නි)
සුබ පැතුම්! (නි)