කෝටිපතිනියක වුවත් තම මුල්ම රැකියාව වූ නගර පිරිසිදුකරන්නියකගේ තනතුරේ තවමත් රාජකාරි කරන කාන්තාවක් චීනයේ සිටී.
යු හුස්හෙන් නම් වන මෙම කාන්තාවගේ වයස අවුරුදු 54 කි.සාර්ථක දේපළ වෙළදාම් සමාගමක් ඇය සතුවන අතර එයින් ලැඛෙන මුදල නගරයේ කුණු එකතු කරමින් දුක් නොවිඳ අධි සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීමට ඇයට හොදටම ප්රමාණවත්ය.
නමුත් එවැන්නකට ඇය සූදානම් නැත.තමන් කෝටිපතිනියක වූවේ එක් රැයකින් නොවන බව පවසන ඇය එවන් තත්ත්වයකට පැමිණීමට තමන් දැඩි සේ වෙහෙසවූ බව කියන්නීය.
‘මට දැන් සල්ලි තියෙනවා තමයි.ඒත් මම කැමති නැහැ අනෙක් අයට පේන්න එක එක වැඩ කරන්න.ඒකයි මම මගේ පරණ රස්සාවේ තවමත් නිරත වන්නේ.අනෙක සල්ලි තියෙන නිසා මම ගෙදරට වෙලා කකා බිබිී හිටියොත් මගේ දරුවන් මගෙන් දකින්නේ මොකද්ද?.ඔවුන් සිතයි සල්ලි තියෙන්නේ වියදම් කරලා විනෝද වෙන්න විතරයි කියලා.ඒනිසා මම තීරණය කළා මගේ පළමු රස්සාවේම දිගටම නිරත වන්න.මට වුවමනා මම ආදර්ශයට ගෙන මගේ දරුවන් හැදෙනවා දකින්න.සල්ලි කියන්නේ මහන්සි වෙලා උපයාගන්න වුවමනා දෙයක් බව පෙන්වා දෙන්න‘ ඇය පවසන්නීය.
ඇය සැමදා පාන්දර 3 ට අවදිවන්නීය.සතියට දින 6 ක් රැකියාවේ නිරත වන්නීය.
දැනට අවුරුදු 14 ක් පිරිසිදුකරන්නියක ලෙස සේවයේ නිරත වන යු කිසිදිනෙකවත් ප්‍රමාද වී සේවයට වාර්තා කර නැතැයි ඇයගේ ප්‍රධානියා පවසන්නේය.මෙම මුලූ කාලයටම ඇය ගෙන ඇත්තේ නිවාඩු දින 3 ක් පමණක් යැයිද ඔහු කියන්නේය.
ඇයගේ දරුවන්ද රැකියාවල නිරත වන්නන් වේ.ඇයගේ එක් පුතෙකු ලොතරැයි අලෙවි කරන්නෙකු ලෙස රැකියාවේ නිරතව සිට ඇතැයිද සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් මවක්. පළමුවෙන් ඇය , ඇය ගැනම තෘප්තිමත්, දෙවනුව දරුවන්ට ක්‍රියාවෙන් එම ආදර්ශය ලබාදීම , තුන්වෙනුව වයසට යනවිට අවශ්‍ය ක්‍රියාකාරකම් නිසා නිරෝගිවිම. ලංකාවේ අපි යන්තම් සල්ලියක් ලැබුනම තනියෙම වැඩක් කරගන්න කැමති නැහැ. ගෙදරට වැඩට කවුරු හරි ඕනේ. ඊට පස්සේ ඇග වෙහෙසල වැඩක් නොකර නිකම්ම ලෙඩවෙනවා. (දී)
ශ්‍රි ලංකාවේ නම් කුණු ජිවිතේට දැකල නැති විදියට හැසිරෙයි. (නදී)
මේක කියවනවිට මට මතක් උනේ සමහර බටහිර රටවල පොලවල්වල එළවලු විකුණන.වියට්නාම ජාතිකයෝ කෝටිපතියෝ.කොපමණ මුදල් තිබුණත් තමන්ගේ වත්තෙයි පිටියේ වැවෙන වැඩිපුර දේවල් පොලේ විකුනනවා.අපේ කට්ටිය නම් මොනතරම් ලජ්ජා වෙනවද?හොයන්නෙම ලොකු රැකියාවල්.ලොකු රැකියාවල් නැහැ කියල මේ උදවිය දුප්පත් උනාද.(අ)
ලංකාවේ වගේනම් මේ පැත්ත වත් බලන එකක් නෑ.(නදී)
අෂාන් ගේ ලස්සන කතාවක්. නියමයි.(නදී)
කුඩු බිස්නස් කරන දේශපාලුවො ඉන්න රටවල් දියුනුවේවිද.(නදී)
මේවාට කියන්නේ පවට පින දෙන්න බැහැ කියලා.(නදී)
අශාන්, ඔයා සමන්තට දීපු පිළිතුර ගොඩක් හොදයි., අපි මේ මැදපෙරදිග කරන සේවයටත් අවමන් කරන අය ඉන්නවා.., මගේ හැගීම නම් කුමක් හෝ රැකියාවක් කිරීම වැදගත් බවයි. කාගෙන්වත් පිනට හෝ , හොරකම් , අනුන්ගේ දේ කඩා වඩා නොගෙන කන පුද්ගලයා නියම මිනිසෙකි යනු මගේ හැගීමයි. (නදී)
මුදල් යහමින් තියන අතටපයට වැඩකාරයෝ තියාගෙන උජාරුවට ඉන්න අයට ඉතා හොඳ ආදර්ශයක්. (නදී)
මුල අමතක නොවීම නම් අගෙයි. නමුත් මුදල් දැන් ඇයට තිබෙන නිසා එම රැකියාව වෙනත් නැති බැරි කෙනෙකුට ලැබුනා නම් හොඳයිනේ.(නදී)
සමන්ත ලංකාවේ මිනිස්සුන්ගේ ඔය කරුමේ කියන වචනේ නිසා තමයි අපේ රට තවමත් එක තැන පල් වෙන්නේ. සුළු රැකියාවක් කිරීම පවක් හැටියට දකින්නේ අපේ මෝඩයෝ විතරයි. කොයි රැකියාවත් මිනිසුන්ට අවශ්‍යයි කියල හිතන්ඩ. (නදී)
අහල තියනවද කඩල විකුණන කෙනෙක් ගැන නුගේගොඩ පැත්තේ. ඔහු ධනවත් උනත් පරණ රැකියාව කරනවා.(නදී)
ඔයාලට මතක නැද්ද අපේ රටෙත් ඉන්නවා ගිරාඳුරුකෝට්ටේ දොස්තර නෝනා. කුරුඳුවත්තේ සැප දාලා ගිහින් ඉන්නේ.(නදී)
මෙතුමියගේ ආදර්ශය අද දවසේදී යමක් මට හිතන්න හුරු කලා. අපි දන්න රැකියාව (රැකියාව කුමක් උවත් සමාජයට සේවයක් වන රැකියාවක්නම්) ඒක වැදගත් විදිහට කරන්නත් පුලුවන්නම් ඒක වැඩි වර්ධනය කරගෙන එකෙන් දියුණු වෙන්න හැකි බවත්, අනෙක් කාරණාව නම්, කොයිතරම් මුදල්-හදල් තිබුණත් තමන්ගේ පවුලට සහ සමාජයට හානියක් නොවන විදිහට ඒවා යොදවන්න සහ හසුරවන්න හැකිනම් ජීවිතය හුගාක් සුන්දර තැනක් කළහැකි බවත්.(දිල්)
ආදර්ශමත් මවක්.(නදී)
මගේ ලොකු අම්මත් කරන්නේ මේ රස්සාව. එයාත් කැමති නැහැ කොච්චර වයසට ගියත් දරුවන් දෙන දේ කාල ගෙදරට වෙලා ඉන්න. එයාට ඕනේ රස්සාව කරල සතුටින් ඉන්නයි.(නදී)
කෝටිපති වුනත් ජන්මෙන් ආ පුරුද්ද නැති කල නොහැක. (දී)
මුල අමතක වන අයට ආදර්ශයක්.(නදී)
සිරි ,භානු ,දෙදෙනාගේ අදහස් කාලෝචිතයි. (නදී)
ප්‍රායෝගික නොවුනත් ගන්න ආදර්ශයක් තියනවා. අපේ රටේ දරුවන් වයස 25 /30 යනකනුත් හැමදාම අම්මලා කන්න දෙවි කියල හිත හිතා ආණ්ඩුවේ රස්සා ලැබෙන කම් නිකන් ඉන්නවා. පිට රට වල වැඩිහිටියන් සහ තරුණ තරුණියන් රස්සාවේ තරම ගැන හිතන්නේ නැතිව මහන්සි නොබලා වැඩ කරනවා. ඒ රටවල් දියුණු වෙන්නේ ඒ නිසා. (නදී)
පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්නේ නැත්තේ. සල්ලි හම්බ උනාට තව පව් ගෙවලා ඉවර නැති හින්දා කියල තමයි මට නම් හිතෙන්නේ.(නදී)
ලංකාවේ වගේ වෙනත් යුරෝපිය රටවල රැකියාව අනුව මිනිසුන්ට වෙනස් කමක් නෑ. ඒ රටවල මිනිස්සු රැකියාව ඇසුවිට ක්ලීනින් කියන්නේ එඩිතරවයි. (නදී)
ඇයි ධම්ම එහෙම කියන්නේ. මතක නැද්ද පසුගිය දවස් වල පත්තරේ තිබුන කොළඹ හිගාකන කෝටිපති හිගනන්නන් ගැන. මේ අයත් කොච්චර සල්ලි තිබුනත් ඒක අතාරින්නෙ නැහැ. ඒවගේම සමහර අය පරම්පරා ගණනකට ඇතිවෙන්න කොමිස් ගහල හම්බ කරත් තවත් ඒ වැඩේ අතාරින්නෙ නැහැ. තව කෙනෙකුට අවස්ථාව දෙන්න 55 න් විශ්‍රාම යන්නෙත් නැහැ.(නදී)
මේ තමයි නියම ජීවිතය. (නදී)
ගරු කළ යුතු චරිතයක් අපේ අයට හොද ආදර්ශයක් (දිල්)
මෙය ශ්‍රී ලංකාවට අදාලව ප්‍රායෝගික තත්වයක් නොවේ.(දිල්)