අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ට මරු කැඳවූයේ තමා වුවත් අද දිනයේ අතමිට හිඟව රැකියාවකුදු නොමැතිව ඉතා අසරණව දිවි ගෙවීමට සිදුව ඇතිබව ඔසාමා බින් ලාඩින්ට මරු කැදවූ උණ්ඩය එල්ල කළ බව කියන ඇමරිකා නේවිසීල් හමුදා භටයා පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබේ.
2011 වසරේ මේ මෙහෙයුම පිළිඹද අනාවරණවය ඇති තොරතුරු වලට අනුව පකිස්තානයේ සැඟව සිටි බින් ලාඩෙන්ව ජීවග්රහයෙන් අල්ලා ගැනීමට සැළසුම් කෙරී තිබුණද මෙහෙයුමට යැවුණු ඇමරිකා නේවිසීල් භට කණ්ඩායම අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඔහු මරණයට පත්විය.
තම අනන්‍යතාව සගවා අදහස් දක්වා ඇති හමුදා භටයා බින් ලාඩන් තමන් සිතා සිටියාට වඩා උස් පුද්ගලයෙකුවූ බවත් තමන් ඇතුළු කණ්ඩායම ඔහුගේ නිවසට කඩා වදින විට ඔහු සිටියේ ඔහුගේ ලාබාල බිරිඳක් සමග බවත් පවසා ඇත.
ඒ මෙහෙයුමට හවුල්වීම නිසා තමන්ට බොහෝ දේ අහිමි වූ බව කියා ඇති හෙතෙම පවුලේ ආරක්ෂාව ගැනද වඩාත් සැලකිලිමත්වීමට සිදුව ඇති බවද සඳහන් කර ඇත.
මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් පෙන්ටගනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර පෙන්ටගන ආරංචි මාර්ග පවසන්නේ සාකච්ඡාවේදී රහසිගත තොරතුරු හෙළිවී ඇත්දැයි සොයාබැලීමට මෙම පරීක්ෂණය සිදුකරන බවයි.
සාකච්ඡාවට සහභාගීවූ හමුදා භටයාගේ අනාගතය ගැන ප්‍රකාශයක් කිරීම පෙන්ටගනය ප්‍රතික්ෂේප කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වැඩේ සෙබලට වුනේ.(හේ)
අනේ හැබෑට වෙච්ච දෙයක්! (නි)
බින් ලාඩ්න් කියන්නේ ,ඉස්ලාම් ආගම වෙනුවෙන් සටන් කරපු කෙනෙක්.අල්ලාහ්ගේ ආශිර්වාදය නිසා අර පර සුද්දන්ව විනාශ කරන්න ලැබුන.ඒ මොකද,මුස්ලිම් ජනතාවට දෙන හිරි හැර ඉවසන්න බැරි නිසා.සෙබලාට වුනේ අල්ලාහ්ගේ ශාපය ඉල්ලගන්න.මුල් කාලවාදී එයා ප්‍රස්සිද්ධ වෙන්න ඇති .නමුත් දැන් ,(අ).
මම ඇමරිකාවේ ඉඳලා ආපු අයගෙන් අහලා තියෙනවා, ඇමරිකාවේ සියල්ලම සල්ලි වලට දොස්තර, ඉස්පිරිතාල, බෙහෙත්, පැන්සන් එක පවා, අතපය වාරු නැති දවසට සිඟමන් තමා කියලා. (ර)
කාටත් හොඳ පාඩම්.(හේ)
එහෙම දේවල් වෙනවා.(හේ)
එහෙම වෙලා මදි.(හේ)
හේතුව මොකක්ද දන්නේ නෑනේ.(හේ)
ධර්මදාස , වහාම අංගොඩ ගිහිල්ල ඔලුව බලා ගත්තොත් හොඳ නේද ? ඔය වගේ මිනිස්සු ඉන්න ඕනේ අංගොඩම තමා. (ස)
මෙයා චන්දෙ ඉල්ලුවද දන්නේ නැහැ .... (ස)
දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මයත් වර්ගීකරණය වෙලා වගෙයි (නි)
ඔහුට මොකක්හරි සාධාරණයක් කරන්න බැරිද? (නි)
ඕවට මමනම් මොකුත් කියන්නේ නැහැ.(හේ)
අපොයි ධර්මදාස. ජාතික වීරයෝ කියන්නේ හැංගිලා ඉඳල අහිංසක මිනිස්සුන්ව මරණ මිනී මරුවන්ට නෙවෙයි. කැප්පෙටිපොල වගේ මුනට මුණ සටන් කරපු අයටයි. ඔය වගේ මෝඩ අදහස් දාල නිකන් ආගම ජාතිය දෙකම හෑල්ලු කරන්න එපා (අ)
මෙච්චර ලෝකෙට බලවතා උන රටක හිගමන් යනවා කියන්නේ ඒක දිට්ඨ දම්ම වේදනීය කර්මය පරිසන් දීලා තමා සත්‍ය තිත්තයි කොහොමත්.(හේ)
ඕක මොකද්ද (හේ)
ඔබාමට වඩා ඔසාමා අහිංසක මනුස්සය (අ)
ප්රභාකරන් දෙමල මිනිසුන්ගේ ජාතික වීරයෙක්. ඔසාම බින් ලාඩන් මුස්ලිම් මිනිසුන්ගේ ජාතික හා ආගමික වීරයෙක්. එක ඇත්ත. අපි සිංහලයෝ නිසා එදෙන්නා වීරයෝ කියන්න අකමැතියි.මෙහෙම තව දුර ගියොත් අපටත් බින් ලාඩන් වීරයෙක් කියලා දරුවන්ට කියා දෙන්න වෙයි. (අ)
ධර්මදාස, ඔයාගේ නම ධර්මදාස නෙමෙයි බූරු දාස කියල දාන්න තිබ්බේ. අහිංසක ජීවිත 10000 ගානක් විනාශ කරපු මේ මිනීමරුවාටද (ඔසාමා ටද?) ඔයා නිර්භීත මනුෂ්‍යයෙක් කියන්නේ? එහෙනම් ඔයා ප්රභාකරන් ටත් එහෙම කියනවා ඇති. අනේ මන්දන්නේ නැහැ ඔයා බත්ද, පුන්නක්කුද කන්නේ කියලා. (නදී)
පව් සෙබලා.(හේ)
බිල් ලාඩන් සුදු කොඩිය වනනකොට ද දන්නේ නැහැ මරා දැම්මේ (බ)
ධර්මදාස , අනිත් දවසේ තමුන් මොට්ටදාස කියලා අදහස් දාන්න.මොකද තමුන්ගේ අදහස අනුව ප්‍රභාකරනුත් ජාතික වීරයෙක්. (නි)
මොහුට දිට්ඨදම්මවේදනීය කර්මය පටිසන් දීලා තියෙන්නේ. ජාතියක් වෙනුවෙන් සටන් කරපු නිර්භීත මනුෂ්‍යයෙක් මරා දැමුවාට.(බ)