ඇමෙරිකා රජය එරට වැසියන්ගේ දුරකතන ඇමැතුම්වලට හොරෙන් ඇහුම්කන් දෙමින් ඔත්තු බලන බවට චෝදනා කරමින්, ජනතාව වෙනුවෙන් පෙනී සිටින ‘ඇමෙරිකා ජනතා ස්වාධීනතා ආයතනය’ ඔබාමා පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත.
ඇමෙරිකා රජය එරට වැසියන්ගේ දුරකතන ඇමතුම්වලට ඇහුම්කන් දෙන අතරම ඊ මේල් සහ අන්තර්ජාල සේවා හරහා ද ඔත්තු බැලීමේ කටයුතු කරයි. එය සිදුවන්නේ ජාතික ආරක්ෂක ඒජන්සිය මගිනි.
මේ බව එරට මාධ්‍ය අනාවරණය කළේ ජාතික ආරක්ෂක ඒජන්සිය, එසේත් නැතිනම් ‘එන්.එස්.ඒ.’ ඒජන්සියේ හිටපු නිලධාරියකු වන 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වන් ස්නෝව්ඩවුන් ඒ ගැන සියලූම විස්තර ලොවට හෙළි කිරීමත් සමඟය.
ස්නෝව්ඩවුන් ඇමෙරිකාවෙන් පලා ගොස් හොංකොංහි ජීවත් වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් රජය සූදානම් වෙයි.
ඇමෙරිකාව අන්තර් ජාල සේවා සැපැයුම් සමාගම් වන ගූගල් සහ ෆේස්බුක් හරහා ද එරට වැසියන් ගැන ඔත්තු බැලීම සිදුකරන බවද මේ වනවිට අනාවරණය වී ඇත. මෙම ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ වී ඇත්තේ 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය.
ඇමෙරිකානු රජය පවසා ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ත්‍රස්තවාදී ප්‍රහාර පිටුදැකීමේ අරමුණින් තමන් එම ඔත්තු බැලීම සිදු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසල් මෙහෙමයි. ඕකට උත්තරේ දිග එකක්. මේක ඵල කරයිද මන් දන්නේ නැහැ. බලය කියන්නේ සංකල්පයක්. ඒක කාට ලැබුනත් ප්‍රතිපලය බොහෝවිට එක හා සමානයි. උදාහරණ ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය, ප්රංස යටත් විජිතය. හිට්ලර්, ඔටෝමන් අධිරාජ්‍ය, සෝවියට් දේසේ, මිසරය, ඊජිප්තුව සහ අද ඇමරිකාව. මේ ඔක්කොම ක්‍රියා කලේ එක වගේ. මේකට හම සුදුද කළුද කියලත් වැඩක් නැහැ. දැන් ඉන්දියාව අපට කරන්නේ හතුරුකම් මයිනේ. ඒ මොකෝ. ඒක තම බලය. එතකොට චීනේ තියනවා බිදු කියල වෙබ් අඩවියක්. එහෙ ඇමරිකන් වෙබ් අඩවි පාවිච්චි කරන්නේ නැහැ. අඩුම ගානේ ෆේස්බුක් වත් නැහැ. ඒ හැම එකටම ඒගොල්ලෝ ආදේශක හදාගෙන ඒවා තමා පාවිච්චි කරන්නේ. ඒවගේම එම අන්තර්ජාල භාවිත කරන්නන් ගැන තොරතුරු එකතුකරන දරුණුම රටත් චිනේ. එයාල මේ වෙබ් අඩවි හදල ඇමරිකන් වෙබ් අඩවි තහනම් කරලා තියෙන්නෙත් රාජ්‍ය ආරක්ෂාව නිසාමයි. වැඩේ තියෙන්නේ එයාලා එහෙම කරන්නේ ඒ වෙනුවට ආදේශක හදාන. අපේ තත්වේ එහෙම නෙවේනේ. අපිට නැවක් නාවොත් රටම හාමතේ. ඉපදෙන දරුවොත් ලක්ෂ 3 වත් ණයයි. විරැකියාව, උද්ඝෝෂණ, මිනීමැරුම් හැමතැනම. අපේ දේවල් අපි හදා නොගෙන දියුණුවක් නැහැ. මේ මොකුත් නොකර අමරිකාවටයි බටහිරටයි බැන බැන ඉදීමෙන් වෙන්නේ අපව මේ තත්වෙට පත්කරපු සහ පත් කරමින් ඉන්න සහ ඉදිරියේත් පත්කරන්ට හදන පාලකයන්ට විරුද්දව නැගෙන්න තියන හඩ ඇමරිකන් භීතියක් හෝ බටහිර වෛරයක් ගොඩනැගීම හරහා යටපත් විමෙන් දුශිත පාලකයෝ සුදනා වීම. ගහන්ට ඕන තැනටයි ගහන්ට ඕනා. අපට ගුගල් ගැන ප්‍රශ්නයක් තිබේනම් ඊට විකල්පයක් හදන්ට ඕනා. එසේ නැතිව පත්තර ගානේ විලාසිතාවට වෙනත් රටවල් වලට බැන බැන හිටියට හරියයිද. දැන් බලන්නකෝ අපට පාපැදියක් වාත් හදා ගන්ට ඇත්තටම බැරිද, එහෙමත් නැතිනම් කම්මැලිද, එහෙමත් නැතිනම් මොකද්ද හේතුව. අපට බෙහෙත් පෙත්තක් වත් හදා ගන්ට බැහැ කියල වෙනත් රටවලින් එන බෙහෙත් වල සිංහල ජාතිය නැති කරන රසායනික ඇතුලත් කරලා කියල මිනිස්සු විස්වාස කරනවා. කොහෙන්ද මේ අදහස් එන්නේ. මන් කිවේ ඒක.(නදී)
කැත වැඩක් හරිද?(නදී)
පරගැති කමයි වන්දිබට්ටකමෙයි එතරන් වෙනසක් මන් නම් දකින්නේ නැහැ.දෙකම එකයි.අනික ඉපදුන මවුබිමට ගැරහීම සහ දුර්දාන්ත පාලකයන්ට ගැරහීම යනු එකක් නොව දෙකකි... ඇහුනද සදරුවන්. (අ)
පර ගැතියනි,ඇමෙරිකාව හෝ වේවා ලංකාව හෝ වේවා අයුක්තිය අයුක්තියමයි.නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්න සුද්දන්ට කඩේ ගිහිල්ලවත් අන්තවාදීන්ට කඩේ ගිහිල්ලවත් ත්රස්තවාදීන්ට,මුලධර්මවාදීන්ට,කඩේ ගිහිල්ලවත් විසඳන්න බැහැ.ඉපදුන මව්බිමට ගරහලා විසඳන්න බැහැ.විසඳන්න පුළුවන් අපිටමයි.හොරු තක්කඩි ගෙදර යවල සුදුස්සන් සුදුසු තැන්වලට පත්කරලා ප්‍රශ්න විසඳගන්න ජනතාව දැනගන්න ඕනෑ.නැතුව ළිං මැඩියෝ වගේ පාරේ බෝඩ් උස්සගෙන කෑගහල වැඩක් නැහැ. (නි)
තිසල්,අපේ වර්තමාන ප්‍රශ්නවලට බටහිර පළි නැත. (නි)
තිසල් නැහැ ඔබ කියන්නේ මා කියන දේ නොවේ.කෙටියෙන් කිවොත් අපි දියුණු වෙන්න නම් ජපානේ,කොරියාව,සින්ගපුරුව, චිනේ, මැලේසියාව ආදර්ශයට ගතතයුතුයි.විලාසිතා බටහිර විරෝධී වෙනුවට කම්මැලිකම,හොරකම වංචාව නැතිව වැඩකරලා රට දියුණු කිරීමට හැකිනම් බටහිර හිර බැරිනම් අගහරු උනත් පාවිච්චි කරමු. හැමදාම ගැනු රටපටවල ලෝකෙන් නයට කාල හරියන්නේ නැහැ. (අ)
චූලා, ඔබ දැන් ගොඩක් වචන වලින් කියන්නෙත් මම කියන දෙයමය.අපේ රටේ ගිනි අවුළුවන,යුධ ගිනි නිවෙන්නට නොදී ආයුධ විකුණමින් අපව හුරා කන්නට බිය කරන්නට හදන රටවල් ගැන අවදියෙන් සිටිය යුතුය.තමන් මානව හිමිකම් කඩමින් යුද්ධය අවසන්කළ අපව මානව හිමිකම් දංගෙඩියට දක්වන්නට හදන්නේ ආදරයටද ? වැඩිම ලිංගික දේවල් බලන බව පමණද ගුගල්ට අපට ලබාදෙය හැකි තොරතුරු.මොකද ගුගල්ට බැරිවුනේ අපේ හොද දේවල් ගැන තොරතුරු අපිට දෙන්නට. මම කියන්නෙත් මේවා ගැන සිහි බුද්ධියෙන් දැනුවත්ව සමාජය දැනුවත් කිරීම තුලින් රටට ආදරය කරන පිරිස වැඩිකරගත යුතු බවය.ළිදෙන් වතුර බි ගගට ආවඩන එක නවතා ජීවත්වෙන රටට අවදිව සිටිය යුතු බවය.රට වෙනුවෙන් පෙනීසිටිය යුතු බවය. (නි)
මුරුගන්,'' යන්නේ කොහෙද මල්ලේ පොල් '' .ඔයා හැමදාම කියන්නේ ඔය වගේ දේවල්ම තමා. ඇමෙරිකාවේ බොහොම නරක විදයට තමන්ගේම රටේ පුරවැසියන්ගේ මානව අයිතීන් නැතිකරනවා. මේ ළගදි ගෙනාවා පනතක් , ඇමෙරිකාව ඇතුලත හෝ ඉන් පිටත ජීවත්වෙන ඕනෑම ඇමෙරිකානු පුරවැසියෙක්ව නඩු විබාගයකින් තොරව වැරදිකරු කරන්න ජනාදිපතිට බලයක් තියෙනවා. ඔන්න මානව හිමිකම්. අපේ රට ඒ අතින් වාසනාවන්තයි. (නි)
සඳරුවන්, ඔබ අඩු වයසෙන් ඉපදුන කෙනෙක් වගේ අදහස් දක්වන්නේ.පළමුව අනුන්ගේ වැරදි සොයන්න ප්‍රථම තමන්ගේ හා තමන් අවට අයගේ වැරදි බලන්න. (නි)
සඳරුවන්, කරන රැකියාවේ නෙමෙයි උසස් පහත්භාවය තියෙන්නේ. රැකියාවෙන් ලැබෙන මුදල රටෙන් රටට වෙනස්. ඔබගේ නුගත් ප්‍රතිචාර වල නම් පහත් බාවයක් හොඳට පේනවා. ඔබට මෙය වැටහෙනවද දන්නේ නැහැ (නි)
තිසල් මහත්තයෝ, ඇමරිකාව ගොඩක් ලොකුද ? (නි)
ඒකාලේ ලංකාවේ හිටපු වීරවරයන්ට දිවැස් නොතිබීමයි තිබුන එකම අඩුපාඩුව.මොකෝ එහෙම තිබුනා නම් දිවැසින් බලලා සුද්දන්ට එරෙහිව කැරලි නොගහා තවත් කාලයක් හිටවා ගනී.සුද්දෝ හිටියා නම් අපිත් ඒ වගේ ඉන්න තිබුනා.දැන් මේ බෝට්ටුවල නැගලා සුද්දන්ගේ රටවලට නොයා... (නි)
සදරුවන්,ඇමරිකාවේ මිලේච්ඡද කියලා විවේචනය කරන්න කලින් අපේ රටේ මිලේච්ඡ වැඩ විවේචනේ කරලා ඉන්න. උදාහරණ ලෙස සංචාරකයන් දුෂණය කර මරා දමා යහතින් සිටීම. නඩු නැති අපරාද, හොර මැරකන්, දේශපාලකයන් කෙලින පිස්සු, කෝටි ගණන් ගහන ගැහිලි. ඇමරිකාව මොනවා නැතත් තමන්ගේ රටේ ජනයා ගැන හිතනවා. අපේ අය අපේ සාක්කුවට බැහැලා අපිටම කපන්නේ.(නදී)
අපේ අය ඇමරිකාවෙන් නයට කමින් ඇමරිකාවටම බනිනවා. ඒ බැන බැන කොරියාව, සිංගප්පුරුව,ජපානේ, ඊශ්‍රායල් වගේ ඇමරිකාව පසු පස ගොස් දියුණුවූ රටවලට වැඩට යනවා. මොකද්ද මේ මානසික තත්වේ.(නදී)
සදරුවන්, ලෝකේ ගොඩක් රටවලට රැකියාව කියන දේ සංකල්පයක්. ලංකාවට රැකියාව කියන්නේ තමන්ගේ තත්වේ පෙන්වීමක්. මෙවැනි අදහස් නිසා දැන් පොල් ගහක නගින්ට මිනිහෙක් නැහැ. ඇමරිකාව පැත්තකට දමන්න. ගන්න කොරියාව,ජපානේ, සිංගපුරුව. යුද්ද කරලද දියුණු උනේ.(නදී)
මම මේ ගැන මීට පෙර අදහස් දැක්වූ විට සමහර අය අන්ධයන් සේ මට දැක්වූ අදහස් පහත උපුටා දක්වමි. එය පලකරන ලෙස මම ලංකාදීපයෙන් කාරුණික ඉල්ලීමක් කරමි.මා මේ ගැන කියා සිටියේ එඞ්වන් ස්නෝව්ඩවුන් ඒ ගැන සියලූම විස්තර ලොවට හෙළි කිරීමට පෙරය. සමහර විට දැන් මා පවා අත් අඩංගුවට ගන්නට ඉඩ ඇත. ඒ මමද ඇමෙරිකානු පුරවැසියෙකු බැවින් මට මෙම තොරතුරු කලින් ලැබුනේද යන්න විමසනු ඇති.එහෙත් මා හට ඇති දේශපාලන හා සමාජ දැනුම මත ඇති ඉව නිසා මෙවැනි දේ සිදුවන බව කීමට හැකිය.මම නැවතත් කියනවා.තොරතුරු ලබාගන්නේ ඇමෙරිකානුවන් ගැන පමණක් නොව සියලු දෙන ගැනමය.මේ මම, ඔබ, ගමේ බණ්ඩාය්යා, සොපි අක්කා ඇතුළු හැමෝම ගැනය.චුල නමින් අවේගාත්මකව අදහස් දැක්වූ පුද්ගලයාද තොරතුරු රැස් කරන අයෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇත. ************************************************************************** තිසල් 2013-06-02 19:28:28 මොනවා කියනවද? ෆේස්බූක් ගූගල් හැම එකක්ම බිහිවුන මුල් කාලයේ සිටම ඇමෙරිකාවට අවශ්‍ය තොරතුරු ලබාගන්නට භාවිත කරනවා. අපි දක්වන සියලුම අදහස් සමීක්ෂණය කර රටක දේශපාලනය පමණක් නොව සමාජීය ආර්ථික සංස්කෘතික සිතුම් පැතුම් හැම දෙයක්ම හදුනාගන්නටත් එමගින් රටක සියල්ල ඇමෙරිකාවේ සිට පාලනය කිරීමට,බලපෑම් කිරීමට, වෙළදාමට,රජයන් පෙරලීමට යොදාගනී. චුලා 2013-06-03 09:37:26 දැන් මේ එක වෙබ් අඩවියක්වත් ඇමරිකාවෙන් බලෙන් අපේ කරේ පටවලා නැහැනේ තිසල්.අපිනේ බලෙන් යන්නේ.අනික තව රටවල් ලෝකේ තියනවනේ ඕනෑ නම් වෙබ අඩවියක් හදන්ට බැරියෑ.ඊනියා ඇමරිකන් විරෝදියෝ නිකන් බුරනවා. තිසල් 2013-06-03 16:47:15 චුල, මොකද ඔයාට ඔය තරම්ම කැක්කුම? "විද්දේ පදුරට වැදුනේ හාවට" කීවලු.මම ඇමෙරිකන් විරෝදියෙක් නොව ඇමෙරිකන් පුරවැසියෙක්.එහි පුරවැසියන්ට නිදහසේ අදහස් ප්‍රකාශකිරීමට ඇති අයිතිය නිදහස නිසා මා එරටෙහි දේශපාලනය ගැන මා දරන අදහස ලියුවෙමි. ඔබ පුදුම ලෙස කලබලවී "නිකන් බුරනවා" වැනි වචන භාවිත කිරීම නිසා ඔබ තුලින් "බුරනවා" වැනි හඩක් ඇසේ. (නදී)
නන්දන කට උඩට හරවාගෙන හිටියට බන්දේසියේ තියල ලඟට ගෙනත් දෙන්නේ නෑ කව්රුවත්. තමන් උත්සාහයෙන් දියුණු වෙන්ඩ ඕන. ලිපට අඟුරු අදින්න ආපු මිනිස්සු අද හෝටල්වල අධයක්ෂක්වරු වෙලා ඉන්නේ උත්සාහයෙන්. නැතුව ඇමෙරිකානුවන්ගේ ම්ලේච්ච වැඩ සාදාරනීයකරණය කරලා නෙමෙයි ඔහේ වගේ.(නදී)
උතුම් රැකියා කිවේ සදරුවන් පන්ති බේදෙන් නිලධාරිවාදෙන් පිරිච්ච රැකියාද. ඒ කියන්නේ හැමෝගෙම සිහිනේ දොස්තර වීම. මාළු කාරයට ලියුම් කාරයට ස්තුතියි කියන්න බැරි මාන්නේ. ඇහුවම කතාකරන්නෙම බුදුබණ. හැබැයි පන්ති බෙදේ ඉහ වහා ගිහින්. ඉතින් රටකට හරියයිද.(නදී)
සුද්දන්ට වේටර් වැඩ කරලා ජීවත් වෙන අයට රටක් ජාතියක් වැඩක් නෑ.ඩොලර් 5ක් දුන්නනම් ඕන ගැතිකමක් කරයි.ඇත්තටම රටක් ජාතියකුත් නැතුව ඇති මෙයාලට.වේටර් වැඩවලට වඩා හොඳ වැදගත් උතුම් රැකියා කරන අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා ගරුත්වය තියාගෙන.ගරුත්වය මුදලට ගන්න බැහැ(අ).
නඩුත් හාමුදුරුවන්ගේ ...බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.අනේ මුකුත් නැති මන් පව් නේද මාමේ?(අ)
ලංකාවේ සිංහයෝ මේ ඇරලා තියෙන්නේ හැකර කට මෙතනත්. මෙහෙ පාරවල්වල වැඩ කරන්නේ චීන්නු. ගාර්මන්ට් වල වැඩ කරන්නේ අල්ලපු රටේ අය. ලංකාවේ අයට කවුරුත් වැඩක් දෙන්නේ නැහැ මොකෝ හොරු, උද්ගොෂකයෝ, වන්දිබට්ටයෝ එහෙම අය බෙරිහන් දෙනවා අනුන්ගේ වැරදි ගැන.(නදී)
තම කම්මැලිකම, බැරිකම, අලසකම, කුසිතකම, වංචාව,හොර තක්කඩිකම නිසා දියුණුවීමට බැරි කමේ ඉරිසියාවෙන් පෙලෙන ඊනියා බටහිර විරෝදියෝ ලංකාවේ දුෂිත පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට කඩේ යමින් ඔවුන්ගේ වැරදි හීන් නුලෙන් වසා දමමින් එල්ලෙන්ට වැල් හොයා ඉබාගාතේ යති. ඔවුන්ට මෙන්න හොද පුවතක්.(නදී)
මොහොමඩ් කියනවා වගේ ඇමරිකාවේ විපක්ෂේ අපේ වගේ විපක්ෂයක් නොවේ. ඔය ජෙෆ් කියන විදියට ඇමරිකාවේ විපක්ෂේ හිටියොත් එහෙ ප්‍රාන්ත කඩන්න ගිහින් ගොඩක් කල්. අපේ දුර්වල කම් වලට වෙනර ටවලට බනිමින් මෙහෙ පාලකයන්ගේ වැරදි හීන් නුලෙන් අනුමතකරන බලල් අතක් නොවන්න.(නදී)
ලෝකයට ඇති දරුණුම පිළිකාව අන්තවාදියෝයි.(නදී)
ලෝකයට ඇති දරුණුතම පිළිකාව ඇමෙරිකාවයි. (ත)
ජෙෆ් ඔය කිව්වට ඇමෙරිකාවේ විපක්ෂය ශක්තිමත් නම් තමයි ඇමරිකානු ජනතාව නැගිටින්නේ නේ. හේතුව ඇමෙරිකන් විපක්ෂය උනත් ඇමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් සිටින ජනාදිපති පාවා දෙන්නේ නැහැ. ලංකාවේ වගේ ජනතාව උසි ගන්නනවා දේශපාලන වාසි ලබා ගන්න. ඇමෙරිකාවේ ජනාදිපති මැතිවරණයෙන් පසු පක්ෂ දෙකම එකතුව රට නගා සිටුවන්නත් රටේ ආරක්ෂාවත් වෙනුවෙන් වැඩ කරනවා. අපේ රටේ තමා , මොන දේ කලත් හොඳ හෝ නරක හෝ ජනතාව මුලාකර උසි ගන්වා රට අස්ථාවර කරන්නේ.(නදී)
ඇමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ඕන දෙයක් කරන්න ඒ අයට බලය තිබෙනවා .මොන නඩු දැම්මත් වැඩක් වෙන්නේ නැහැ . එහෙත් ඇමෙරිකාව කරන දේවල් අපි වගේ 3 වන ලෝකයේ රටක් කරපු ගමන් එකට විරුද්ධව නැගිටින්නේ ඇමෙරිකාව . එතන තමා වෙනස . (ත)
ප්රජාතන්ත්රවාදයේ හොද ලක්ෂනයක් හැමෝම දැනගත යුතුයි. ඉලෙක්ට්‍රොනික ලෝකයේ රහස් නැත.(නදී)
මානව හිමිකම් ගැන ලෝකයේ ඉන්න පොඩි වුන්ට බන කියමින් කරන තරමක් මිනිස් අයිතිවාසිකම් කෙලසන්නේ කවුද කියා ලෝකය තේරුම් ගත යුතුයි. ඇමරිකන් විපක්ෂය ශක්තිමත් නම් ඇමරිකන් වැසියන් නැගිටීවි.(නදී)
රටේ ආරක්ෂාවට කරන නිසා මොකුත් කියන්න බැහැ. ඒත් කාටවත් පෞද්ගලිකත්වයක් නැති වෙනවානේ. පිට රටවල්වල සිදුවෙන හැම දේම හිස්මුදුනින් වැලදගන්නා අපේ රටත් මේ ටික නොකළොත් ඇති.මොකද පටන් ගන්නේ ආරක්ෂාවට වුනත් අන්තිමට අනිත් පැත්ත වෙන්න පුළුවන්. (නි)