ලොව බලගතුම නායකයා ලෙස හැඳින්වෙන් ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් ජපානයට යන බව ධවල මන්දිරය නිවේදනය කළේය.
ඔබාමා ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ රාජ්‍ය භෝජනයට එක්වීමට ද නියමිතය.
1996න් පසු ජපානයේ සහ මලයාසියාවේ සංචාරයක නිරත වන අමෙරිකා ජනපති වන්නේ ද ඔබාමායි.
අද ඇරැඹි ඔබාමාගේ අසියා සංචාරය අප්‍රේල් 29 වැනි දා අවසන් වීමට නියමිතය.මීට මාස හතකට පෙර ද ඇමෙරිකා ජනපති ආසියා සංචාරයකට සූදානමින් සිටිය ද අමෙරිකාවේ ඇති වූ අර්ථික අස්ථාවරත්නය නිසා එය අවලංගු විය.
(ටෝකියෝහිදීය/ඕසෝහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්))

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද කියන්නේ එයා බලගතුම නායක කියල ? ..නුත් හිනා යනවා නේද?එතකොට පුටින් ?(දී)
අපි දුපත් ඒත් අපි ලග ආගන්තුක සත්කාර තියෙනවා. ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් පසුව මාගේ මවු බිමද අමතකනොකරන බව මා හොදින් දනිමි (දී)
අාර්ථික අස්ථාවර බව කියලා සංචාරය අවලංගු කළාලු. එයා මොනවා හිතුවද දන්නෙ නැහැ (නි)
ආසියාවේ ලස්සන රටක් බලන්නට ඔබාමට වරම් නැහැ . ඔබාමා යන්නේ ඇමරිකාවට ආර්ථික අතින් වාසියක් හෝ යුදමය වශයෙන් එම රටට වාසි සහගත රටවලට පමණයි . (අ)
එතකොට? (නදී)
ලංකාවට නම් එන්න එපා. (නදී)
ඇමෙරිකන් කාරයා යන යන තැන අවුලක් ඇති කරලා එකෙන් වාසී ලබා ගන්නවා. අපේ රටට නම් නො ආවට කමක් නැහැ.(නදී)
එන්න අපේ රටේ අසිරිය බලා යන්න . ඔබාමා මහතාණනි . ආසියාවේ ආශ්චර්ය බැලීමට හැකි එකම රට අපේ රට (ස)