ජපානයේ ඔන්ටාකේ ගිනිකන්ද හදිසියේ ම පුපුරායාමෙන් අවම වශයෙන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විශ්වාසකරන බව එරට පොලිසිය පවසයි.
පුද්ගලයන් 30 දෙනකු පමණ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් හමුවී ඇත. කාඩියැක් අරෙස්ට නමැති තත්ත්වයට පත්ව ඇති මොවුන් ජිවත්වන බවට කිසිම සංඥාවක් නැතැයි ද සහනසේකයෝ කියති. ඔවුන්ගේ හෘදයේ ස්ඵන්දනය නැවතී ඇත. ආශ්වාස ප්රාශ්වාස කරන්නේ ද නැත. එසේ වුව ද වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන තුරු මොවුන් මියගොස් ඇතැයි ස්ථිරවම කිව නොහැකියැයි සහන සේවකයෝ කියති.
ගිනිකන්ද පුපුරන අවස්ථාවේ එය නැරඹීමට ගොස් සිටි සංඛ්‍යාව 250ක් පමණ වෙති. ගිනිකන්ද පුපුරායාම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම්දීමක් නොතිබූ අතර දිවි බේරාගෙන පැමිණි පුද්ගලයන් පවසා ඇත්තේ හෙන ගසන්නාක් වැනි විශාල ශබ්දයක් සමඟ ගිනිකන්ද පුපුරා ගිය බවයි. භූමිකම්පන විද්‍යාඥයන් පවසන්නේ තවත් විශාල පිපිරීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරට ගිනි කන්දක් පුපුරා යනවද?(දී)
නෑ කියලා පුපුරන්නේ කලින් කියන්න ගිනිකන්දට අමතක වෙලානේ. (ස)
කණගාටුදායක පුවතක් (නි)
එහෙමෙ කියල පිපුරුවේ නැත්නම් ගිනිකන්දට නඩු දාමු. (දී)