ඉන්දියාවේ සිට ඩුබායි දක්වා ගමන් කළ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන්තොටුපළේ දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එහි සිටි මගීන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළේ හදිසි තත්ත්වයක් ප්රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා කියයි.
අනතුරින් මගීන් කිසිවකුට හෝ හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැති බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේම පිහිටයි ඇසල කියන කට්ටිය ගුවන් සමාගම ගසා කාලම විනාශම කලා.අද ගුවන් පතක් ගන්න මුදලින් අපිට වෙනත් ගුවන් යානාවකින් දෙපාරක් ලංකාවට ගිහින් එන්න පුළුවන්.ගිනි ගානට විකුණලත් එත් පාඩුයිලු .මේවට කියන්නේ ජාතික අපරාධ කියලයි.(රේ)
අනතුරක් නොවුණ එක ලොකු දෙයක් (නි)
නලින් හරි. මේ පයිලට්ගේ වීර ක්රියාවට තමයි මගීන්ට කිසිම අනතුරක් නොවී බේරුනේ (නි)
මේ වගේ දේවල් වලටත් ඇසළ සසලවෙලා. පව් දෙයියනේ! (නි)
මේ ප්ලේන් එක ක්රෑෂ් ලෑන්ඩින් කරලා තියෙන්නේ. එතකොට කලින් කියල, ප්ලේන් එකේ ඉන්ධන අවම කරගෙන, අනිත් ප්ලේන් පැත්තකට කරලා, එයාර්පෝට් ගිනි නිවන රථ ගෙනත් ඔක්කොම සුදානම් කරලා තමයි ලෑන්ඩ් කරන්නේ.. ගිනි ගත්තත් නැතත් ප්ලේන් එකට වතුර විදිනවා. (බ)
ඇසලට මොළය අමාරුවක් වත් ද. මේක වෙනත් රටක ගුවන් යානාවක් ගිනිගත්ත ප්රශ්නයක්. එකටත් මෙහෙ දේශපාලනය ඇදගන්නේ ඇයි (බ)
කොහෙවත් රටක ගුවන් යානයක් ගිනිගත්තත් සමහරු කතා කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන (නි)
අැසළ, ඔයා මොනවද කියවන්නේ? (නි)
රාජපක්ෂලාට කොච්චර බැන්නත් වැඩක් නැහැ බැරිකමට. ඒ අය රට බේරාගත්ත නිසා තමයි අද මේ ඇත්තන්ට කෑ මොරදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් අදත් බයේ දඟලන්න තමයි වෙන්නේ. දැන් මොකද ඔයගොල්ලන් කියන්නේ යාපනය සරසවියේදී අපේ කොල්ලන්ගේ ඔලුපලාපු එක ගැන? ඔය තමයි කසකාරයා. පෙරහැර පස්සේ එයි. එ්කට නම් මහින්ද වැරදිකාරයා වෙන එකක් නැහැ. (නි)
මේ සිද්දිය වෙනකොට මම හිටියේ ගුවන්තොටුපළේ..විනාඩියක්වත් ගියේ නැහැ ගිනි නිවන රථ ඇවිත් ගින්න මැඩ පවත්වන්න. හරියට ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ (බ)
රාජපක්ෂල උදේ ඉදන් රෑ වෙනකම් රටේ මිනිසුන්ගේ මොළ හෝදන වැඩේ සුපිරියටම කරලා තියෙනවා කියන එකට හොදම නිදසුනක් ලැබිල තියෙනවා.මෙවැනි මිනිසුන්ට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (රේ)
අර ඒ දවස් වල කොළඹ නගරේ බෝම්බ පුපුරනකොට සමහරු කිවුවා මතකද ‘එතනින් ගියා විතරයි‘ කියලා. බයිලා කයිවාරුකාරයෝ ඉන්නවා ඉතින්. එ්ත් කාටද ඕනෑ ඇත්ත හොයන්න. (නි)
මම මිට ටික වෙලාවකට කලින් පිටවුණ එමිරේට්ස් යානයකින් ලංකාවට පිටත්වුණේ. දෙයියෝ බැලුවා වාගේ කිසි කරදරයක් නැතුව ආවා (නි)
අනතුරක් නැත්නම් එච්චරයි (නි)
ගොන් කතා කියන්න එපා ඇසළ. රාජපක්ෂ වගකියන්න ඕන දේවලුත් තියෙනවා, (බ)
අපේ රටෙත් කියල වෙනසක් නැහැ (අ)
රිස්වාන්, තිලක් ඩුබායි හිටියේ නැද්ද ඔතන හිටියනම් එකටත් රාජපක්ෂ වග කියන්න ඕනේ කියයි. (ර)