ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත.
එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට හේතුවක් මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ටොරොංගා සත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ මේ සතුන් පේළියේ සැමවිටම ඉදිරියෙන් ගමන් කරන්නේ ගැහැනු සත්ත්වයකු බවයි. ඒ පසුපස පිරිමි සතුන් එකිනෙකාට අතිශයින් සමීපව ඉතා දුෂ්කර ගමණක යෙදෙන බව ද ඔවුහු කියති. එයට හේතුව සොයා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ ගැහැනු සතුන් සිය ප්‍රජනක කාලයේ දී පිරිමි සතුන් ආකර්ශනය කරගැනීමට ලිංගික හෝමෝනයක් නිකුත් කරන බවයි. එයට ආකර්ෂණය වන පිරිමි සතුන් ගැහැනු සතා පසුපස උගේ අඩිපාරේ ගමන් කරයි.
මෙය අපූරු දසුනකි. උද්‍යාන සේවකයන් පවසන්නේ එය එචිඩ්නා කෝච්චිය යනුවෙනි. මෙලෙස තමා පසුපස වැටී සිටිනි පිරිමි සතුන් අතරින් එකකු ගැහැනු එචිඩ්නා සිය සහකරු ලෙස තෝරාගනී. මෙවැනි අසීරු චාරිකාවක පිරිමි සතුන් යෙදවිමෙන් පසු ස්වකීය වල්ලභයා තෝරාගැනීම ප්‍රහේලිකාවක් බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. ගැහැනු සතා විඩාපත් වූ විට තමා පසුපස මුලින්ම සිටින පිරිමි සතා සමග එක්වන බව නිරික්ෂණය කැර තිබේ.
ස්වභාවික වනයේ දී නම් මෙවැනි ගැහැනු සතකු පිටුපස පිරිමි සතුන් 10ක් පමණ ගමන් කරන බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. අවුරුදු 40ක පමණ කාලයක් ජීවත්වන මේ සත්ත්වයකු තම වර්ගයා බෝ කරන්නේ බිත්තර දැමීමෙනි. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් අභිජනනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතෙක් සිව්පාවෙක් දකින්න නැති සමහර රටවල ඉන්න අයට මේවා ලොකු දේවල් තමයි.(අ)
සත්ව ලෝකය කොහොමත් ඔය වගේ තමයි. හරිම සුන්දරයි. ප්‍රබලයා ජයගන්නවා. (නි)
මම ඉන්න රටේ මේ සතුන් නිතර වාහන වලට යටවෙලා මැරෙනවා. මේ සතා සුළු දෙයකටත් තම ආත්ම ආරක්ෂාවට තම ශරීරය බෝලයක හැඩයට රවුම් කරගෙන ඔලුව හංගාගන්න නිසා, වාහන වලට ගොදුරු වෙලා මැරෙනවා. සෑම දිනකම උදේට වැඩට යනවිට පාරේ 3,4 දෙනෙක් වාහන වලට යටවී මැරිලා ඇති සැටි මා දකිනවා. හරිම අහිංසක සතෙක් ..!! (නි)
අපේ ලොකු ලොකු අයගේ සමහර පුතුන්ව මට මතක් වුණා (නි)
හේමන්ත, ඔබ මොන රටේ ජීවත් වෙන කෙනෙක්ද කියන්න මම දන්නේ නැහැ. කුඩා රටක් වන ලංකාවේ අපිට ආවේනික සතුනුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඕස්ට්‍රේලියාවෙත් ඊට ආවේනික සතුන් වන කැන්ගරුවන්, වොලබි ,කොවාලා , ප්ලැටිපුස්, තස්මේනියන් ඩෙවිල්,වැනි සතුන් විශාල සංඛ්‍යාවක් "හොඳින් "ඉන්නවා. මොකද මේ රටේ මඩේ එරුණ අලි පැටියාගේ වලිගය කපාගෙන ගිය මිනිහා වගේ නරක මිනිස්සු ඉතාම අඩුයි.(අ)
සෑම්, ඔයා නිදි පැදුරෙන් අවදිවෙලා වගේ බෙරිහන් දෙන්න එපා. යන්නේ කොහේද මල්ලේ පොල් කිවුවලු. ඒවගේ හතරබීරි කතාවක් තමයි ඔයා කියන්නේ. අපි ඕනෑ තරම් දැකලා තියෙනවා සතුන් රැලේ යන කාලෙට ගැහැණු සතා පස්සෙන් යනවා. ඉතින් මේක අලුත් අත්දැකීමක් නොවෙයි ගොඩක් අයට. වෙනසකට තියෙන්නේ මේ සතා ලංකාවේ නැති එක තමයි. (නි)
මට මේ කතාවෙන් තේරෙන්නේ මේ පිටුපසින් යන සතුන්ටත් වෙන්නේ ඡන්දෙ කාලෙට අපේක්ෂකයින් පසුපස පෝළිමේ යන කට්ටියට වෙන දේම තමා (නි)
බොහොම හොඳයි සෑම් මහත්තයා (නි)
සැම්, ඔබ හරි. (නි)
අපෝ මේ හෙමන්තගෙන් බැනුම් අහපු සෑම් මම නොවයි. රුෂාන් බොහොම හොඳයි කියපු සැම් මම. අනේ මන්ද අදහස් දාන නමට පේටන්ට් බලපත්‍රය ගන්න වෙයි වගේ. (ස)
හේමන්ත කියන කෙනා මොන පුවතට ප්‍රතිචාර දැම්මත් එයාගේ අදහසම විතරක් නිවැරදියි කියන මතයේ ඉන්න කෙනෙක්. (නදී)
හේමන්ත ඔබට මේ සතාව අල්ලන්නේ නැති වුනාට හැමෝටම එහෙම වෙන්න ඕන නැහැ නේද ? (නදී)
ඇයි සෑම් දන්නේ නැද්ද, හේමන්ත ඉන්නේ බ්‍රහ්ම ලෝකයෙනේ. එයාට හැම පුවතකම වැරැද්දක්මයි පේන්නේ. (නි)
එචිඩ්නා නෙමෙයි එකීඩ්නා. (අ)
කොච්චර ලස්සන දසුනක්ද. මට නම් මේක විතරක් නෙමේ ස්වාබ ධර්මයේ වෙන හැම දෙයක්ම ලොකු දෙයක්. අද උදේ මම නැගිටලා ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. (නදී)