ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල පාගමනක් පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. බටහිර ලන්ඩනයේ මෙන්ම දකුණු ලන්ඩනයේද ඒ සදහා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබිණි.
යුරෝපිය සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග එංගලන්තයේ ජාතිවාදී ප්‍රහාර රාශියක් සිදුවිය. පෝලන්ත සංස්කෘතික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය.
ඉන්පසුව මෙම ජාතිවාදී විරෝධී පාගමන් සහ විවිධ ක්‍රියාකාරකම් සදහා රාජ්‍ය ආයතන මෙන්ම ජනතාවද එක්විය. ලොවම එක පවුලක් බව මෙම පාගමනට එක්වූ හැමස්මිත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩි ස්ලෝටර් පැවසිය.
පොලිස් වාර්තා වලට අනුව ජුනි 24 සිට ජුලි 5 දක්වා කාලයේ වාර්ගික හෝ ආගමික වෛරය හේතුකොටගෙන ගැටුම් 771ක් සිදුව තිබේ. මේ සදහා එරට විශාල ජනකායකගේ ආශීර්වාදය සහ කැමැත්ත ලැබී තිබෙන බවත් ඒ වෙනුවෙන් කරන අරගලයට විශාල සහයක් ලැබෙන බවත් සදහන් වේ.
යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු යුරෝපා පුරවැසිභාවය හිමි ජනතාවට මෙන්ම සුළු ජාතීන්ට විශාල තර්ජනයක් එල්ල විය. ඔවුනට තම රටින් පිටවෙන ලෙසත් ඔවුන්ට අයිති රට වෙත යන ලෙසත් කියමින් සමහරු ගැටුම් ඇති කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින දකින තැන ගහල එලෙවුවට කමක් නැහැ අතන මෙතන බෝම්බ පත්තු කර කර අැවිදිනවට....(බ)
මේ පෝලන්ත ජාතිකයින් නම් යුරෝපයට මහා ප්‍රශ්නයක්...ප්‍රංශයේ තත්වය මීටත් වඩා ප්‍රශ්නකාරියි..ප්‍රංශයේ ඉන්න පෝලන්ත ජාතිකයින් ඉතාම අඩු කුලියට ඕනෑම වැඩක් කරනවා.ඒ නිසා රටේ ජනතාවගේ විරැකියාව ඉහළ ගියා.එංගලන්තයේත් එහෙමමයි.(බ)
පෝලන්ත ජාතිකයින් ඉතාම අඩු කුලියට ඕනෑම වැඩක් කරනවා. ඒ නිසා රටේ ජනතාවගේ විරැකියාව ඉහළ ගියාලු. ඉක්ටා අාවොත් ලංකාවටත් ඔය ටිකම වේවි. (නි)
ජාතිවාදයට එරෙහිව සියලු දෙනා නැගී සිටිය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ.(හේ)
විජිත් මහත්තයා පෝලන්ත ජාතිකයෙකුගෙන් හොඳ ටොක්කක් කාලා වගෙයි. පෝලන්තේ විතරක් නෙමෙයි, කොම්යුනිස්ට් රටවල් වල බොහෝ දෙනෙක් එතරම් ශිෂ්ටසම්පන්න නැහැ. බටහිර ජාතීන්ට ගරුකළාට අපේ අයව ගණන් ගන්නේ නැහැ (නි)
ඇත්තටම මම කණගාටු වෙන්නේ මේ බටහිර රටවල් ආසියාතික රටවලට කාලයකට ඉස්සර යම් යම් දේ කළත්, මේ රටවලින් එන නව සොයාගැනීම් ලෝකයට වැදගත්. මේ රටවල මිනිස්සු ඕනෑවට වැඩිය 100% සුපිරි පාලන ක්‍රම ගෙනියන්න උත්සාහය නිසා මුළු ලෝකයේම ජනතාවට ඉදිරි 100 වසර තුළ නොයෙකුත් ව්‍යසන වලට මුහුණ දෙන්න වෙනවා. මේ බටහිර සෑම රටක්ම තමන්ගේ ජාතිය වැඩිකර ගන්න හිතන්නේ නැහැ, සැප විතරයි හිතන්නේ. මේ අයගේ රටවලට උවමනා මිනිස් සම්පත නැතිනිසා පාලන ක්‍රම වෙනස් කරලා කරන්න යන දේ නිසා මේ රටවල අනන්‍යතාවය නැත්තටම නැතිවෙනවා. මේ මගේ මතයයි. (නි)