ඇමෙරිකාව කළ ආකාරයෙන් තමන් ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු නෙරපීමට කටයුතු නොකරන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී පරිගණක හැකර්වරුන් මැදිහත් වී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට රුසියාව හා එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෘජුවම මැදිහත් වූ බවට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එරට පුවත් සේවා පසුගිය කාලය මුළුල්ලේ වාර්තා කළේය.
ඊට පියවරක් ලෙස සම්බාධක පනවන්නැයි ඇමෙරිකා සෙනට් මණ්ඩලය යෝජනා කළ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ඊට ප්‍රථම ඇමෙරිකාවේ සිටි රුසියා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකුට පැය 72ක් ඇතුළත එරටින් පිටවන්නැයි නියෝග කළේය.
ඇමෙරිකාව එම පියවර ගැනීමත් සමඟ ඊට පළිගැනීමක් ලෙස රුසියාවේ සිටින ඇමෙරිකා නිලධාරීන් 35 දෙනකු එරටින් නෙරපිය යුතු යැයි විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් යෝජනා කර තිබිණි. එසේ වුවද ඉන් පසු ප්‍රකාශයක් කරමින් තමන් ඇමෙරිකා කළ දේ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා පැවැසීය.
ඬේලිමේල් ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගේත් බලය තියෙන්නේ තව ටික දවසයිනේ. (නි)
එ්කට තව කල් තිබෙනවානේ, එහෙම නේද පුටින් මහත්තයා. චීනය ලවා ඉන්දියාවටයි රුසියාව ලවා අැමරිකාවටයි ගස්සන්න පුලුවන්නම් ඒ වගේ සතුටක් මට නැත. (නි)
ලංකාදීපය නැත්නම් අපි මේ රට රටවල වෙන දේවල් කොහොම දැනගන්නද (නි)
පූටින් දන්නවා තව ටික දවසකින් ඔබාමා පැන්ෂන් යනවා. එතකොට ට්‍රම්ප් එක්ක කතා කරලා ඔය සම්බාදක ඔක්කොම ඉවත් කරගන්න පුළුවන්. දැන් එකට එක කරන්න ගියොත් වැඩේ ගොඩින් බේරාගන්න අමාරුයි. දැන් පුටින්ටත්,ට්‍රම්ප්ටත් යුරෝපෙටත්, ජපානයටත් තිබෙන ලොකුම ප්රශ්නය තමා ආර්ථික වශයෙන් යුධබලය පැත්තෙන් දිනෙන් දින නැඟීඑන චීනය සහ ත්‍රස්තවාදය. (නි)
බල්ලෝ මිනිසුන් හපා කෑවට, මිනිස්සු බල්ලන්ව හපා කන්නේ නැති බව පුටින් මහතා පෙන්වාදී තිබෙනවා. (නි)