ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචි ඇලිසියා රෝහල් ගත වූයේ සිය තෙවැනි දරු ප්‍රසූතිය සදහාය.
සාමාන්‍ය ආකාරයට බිළිදා මෙලොවට බිහිකිරීම අපහසු වූ හෙයින් වෛද්‍යවරු තීරණය කළේ සිසේරියන් සැත්කමක් ආධාරයෙන් බිළිදා මව් කුසයෙන් පිටතට ගැනීමටය.
සැත්කම කෙරීගෙන යන අතරවාරයේ බිළිදා හදිසියේම වෛද්‍යවරයෙකුගේ ඇගිල්ලක් සිය සිගිති අත්වලින් ග්‍රහණය කර ගත්තේ සියල්ලන් පුදුමයට පත්කරවමිනි.
‘සැත්කම කෙරෙන අයුරු බලාගෙනයි මම සිටියේ.හදිසියේම එක් වෛද්‍යවරයෙකු කෑගැසුවා,ඒයි මෙන්න මෙයා මගේ ඇගිල්ල අල්ලගෙන කියලා,මම වහාම ඒ අවස්ථාවේ ඡායාරූපයක් ගත්තා.මටම පුදුමයි වෙච්ච දේ ගැන‘ යි පවසන්නේ බිලිදාගේ පියා වන රැන්ඩි ය.
මෙය සිදුවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.රැන්ඩි විසින් ගැනුනු ඒ දුර්ලභ ගණයේ ඡායාරූපය අන්තර්ජාලයට එක්කෙරුනේ පසුගියදා වන අතර ඊට මේ වන විට අන්තර්ජාලයේ ලොකු ආකර්ශනයක් ලැබී ඇත. .ගැහැණු දරුවෙකු වූ අලූත උපන් බිළිදා සුවෙන් පසුවන බව ඇගේ දෙමව්පියෝ කියති. දැන් ඇගේ වයස සති 11 ක් පමණ වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ල නම් කොලු පැටියෙක් වගේ (ස)
ඉපදෙනකොටම චන්ඩියෙක් වගේ (ස)
මාර බබෙක්නේ ඒ (දී)
උපදිනකොටම අතට අත දීලා නේද? (නි)
අනේ අහිංසක කෙලි පොඩිත්තියක්... (නි)
උපදිනකොටම හොද අතකින් අල්ලලා තියෙන්නේ. (නි)
චණ්ඩි බබෙක්. (නි)
ඔය දරුවා ඇමරි කාවේ හොඳ ප්‍රසිද්ධ කාන්තාවක් වේවි (ස)
දැන් අපේ අයත් ඉපදෙන්න කලින් අතට අත දෙන්න ගනීවි (ස)
පුදුම වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
ඒ බබාගේ මවට උදව් කරනවට තමයි ඒ බබා දොස්තරට සුබ පතලා තියෙන්නේ (ස)
අරුම පුදුම වැඩ (දී)
මේ බබා හරිම සංවේදීයි වගේ. ඇය අනාගතයේදී ඉතා කරුණාවන්ත කතක් වේවි. (නි)
අපේ රටේ ළමයෙක් මේක කළා නම් මෙලහකටත් රේසින් කාර් ෆර්මිට් එකක් ලැබිලා තෑග්ගක් විදියට. (නි)