උතුරු කොරියාව කෙටිදුර මිසයිල ප්‍රහාර හයක් මුහුදට එල්ලකර ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක බළධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට දැඩි ආර්ථික සම්බාධක පැනවීමෙන් පැය කිහිපයකට පසු මෙම ක්‍රියාව සිදුකර ඇත.
උතුරු කොරියාවේ නැගෙනහිර වෙරලේ වොන්සන් ප්‍රදේශයේ සිට මිසයිල ප්‍රහාර එල්ල කල බව වාර්ථා වී ඇත. මේවා රොකට් හෝ නියාමක මිසයිල බව දකුණු කොරියාව පවසයි.
ආර්ථික සම්බාධක පැනවීමට විරෝධය පල කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විචාරකයෝ පවසති.
තම රට සතුව ඇති න්‍යෂ්ටික අවි අවශ්‍ය ඕනෑම විටක පාවිච්චි කිරීමට සූදානම් බව උතුරු කොරියානු ජනපති කිම් ජොං උන් ප්‍රකාශ කැර ඇතැයි බීබිසී පුවත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාව ගැන ආඩම්බරයෙන් කතාකරන උදවිය ආඩම්බර වෙන්නේ ඇයි? (නි)
ඇමරිකාව කියන්නේ මිනිසෙකුට මහන්සිවී දියුණුවිය හැකි රටක් ක්‍රිස්ටෝ.. යුරෝපයේ බොහෝවිට වෙන්නේ නිකන් ඉන්න අයටත් ආණ්ඩුවෙන් ගෙවීම... නමුත් ඇමරිකානු මධ්‍යම පන්තිය ලෝකයේ පොහොසත්ම මධ්‍යම පන්තිවලින් එකක්... ඇමරිකාවේ කම්කරු ආරක්ෂණ නීති නැත්තේ නෑ.. හැබැයි වැඩ නොකරන අසනීපයක් නැති අයට නිකන් සල්ලි දෙන්නේ නෑ.. අනෙක මෙහෙ අවම වැටුම පැයකට ඩොලර් 7.50, අවම වැටුපෙ රස්සා කරන අය ඉන්නේ ඇමරිකාවේ සුළු පිරිසයි..එයින් ජීවත්වෙන්න කෙනෙකුට දවසකට පැය 14 වැඩකළ යුතු නෑ..(බ)
නාමල් නිව්යෝර්ක් , මම ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ ජර්මනිය ප්රන්සය බෙල්ජියම ස්පාඤ්ඤය, ඉතාලිය යන රටවල පමණයි සංචාරය කලේ , මම අදහස් කලේ ඇමරිකාවේ මධ්‍යම පන්තියේ කොටස මම දැකපු සමුවුණ අය දිනකට අවම පැය 14 කට වඩා රැකියාවේ නියුතුවන ඔවුන්ගේ අවම වැටුම ඩොලර 6 සහ 7 වෙනි පැයකට ලබන කොටසක් , නමුත් මාදුටු යුරෝපයේ රටවල අවම හැකියාවක් නැති කම්කරුවන් පවා යුරෝ 9 සිට 10 අවම වැටුපක් සහ දිනකට පැය 8 ක් පමණක් රැකියා කරන කොටසක් , කම්කරුවන් ආරක්ෂාවන නීතිද බහුලය , හිතු මතේ රැකියාවෙන් නෙරපීමට බැහැ , රැකියව නැති උනොත් රැකියාවක් සොයා ගන තුරු ජිවත් වන්නට පුළුවන් අවම ගෙවීමක් රජයෙන් ගෙවනවා , මේවා මා දුටු ඇමරිකාවේ නැහැ , විශේෂයෙන් යුරෝපයේ තිබෙන සෝෂල් සේකුරිටි සිස්ටම් එක ලෝකයේ වෙනත් රටවල නැති තරම් , එකයි මම කිව්වේ , විධායක ශ්‍රේණියේ අය ගෙන නොවේ , මා ඇමරිකාව නරකය කිවා නොවේ , අපේ රට සමග බලන කල ඇමරිකාව දිව්‍ය ලෝකයක් , (හේ)
ආයේ ලෝක යුද්ධයක් ඇතිවෙයි වගේ.(හේ)
ක්‍රිස්ටෝ, ඔබ යුරෝපයේ ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, රොමේනියාව, පෘතුගාලය වගේ රටවලට ගිහිල්ලා නැද්ද? ඒවායේ ඇමරිකාවට වඩා කොච්චර විරැකියාව තිබෙනවාද? නැගෙනහිර යුරෝපයේ සමහරු හිඟාකනවා. ඔබ ඇමරිකාවට කවදාවත් ගිහින් නැති හැඩයි. යුරෝපයේ රටවල් බහුතරයකට වඩා ඇමරිකාවේ ඒකපුද්ගල ආදායම වැඩියි. චීනයේ තිබෙන්නේත් බහුතර ඇමරිකානු සමාගම්. ඒවායේ ඇමරිකානුවන් වැඩකරන්නේ විධායක ශ්‍රේණිවල (නි)
පාල ..... මම කිහිප වරක් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරය කරලා තියෙනවා , යුරෝපය සමග සසඳා බැලුවම ඇමරිකාව ජිවන රටාව හරිම පහල මට්ටමක , යුරෝපයේ මද්යම පන්තියේ මිනිසුන්ගේ ජිවන රටාව ඉහලයි ඇමරිකාවට වඩා , දැන් ඇමරිකානුවන් යුරෝපියන් අලුත් රැකියා සහ නිෂ්පාදන කටයුතු වලට යන්නට පොර කන්නේ චීනයට , ඔබගේ දෙනීම ලෝකය ගෙන බොහොම අල්පයක් වාගේ , පළමුව රටවල් වලට ගොස් තත්ත්වය පිරික්සා බලන්න (හේ)
උතුරු කොරියාවේ නායකයා ඒකාධිපතියෙක්. ඔහු ඔහුගේම ආමි කමාන්ඩර් මැරුවා පුංචි වරදකට. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නායකයෙක් පත්කර ගන්න බෑ. එම සිවිල් වැසියන් ආහාර නැතිව විදුලිය නැතිව දුක් විඳිනවා.(බ)
උතුරු කොරියාවේ තියෙන්නේ පවුල්වාදී ඒකාධිපති පාලනයක්. කොටින්ම පාලකයා කියන විදිහට තමයි කොණ්ඩේ කපන්නත් ඕනේ.ජනතාව සාගින්නේ. චීනේ උතුරු කොරියාව පස්සේ ඉන්නෙත් ආදරේකට නෙවෙයි. (බ)
බණ්ඩාර දන්න දෙයක් කථාකරන්න. සිංගප්පූරුව තායිවානය දකුණු කොරියාව මැලේසියාව වගේ ඇමරිකාව හා බටහිර පස්සේ ගිය හැම රටක්ම දියුණු වුණා. උතුරු කොරියාවේ මිනිස්සුන්ට වඩා දකුණු කොරියාවේ සතුන්ට හොඳට කෑම තිබෙනවා (බ)
මේකේ අදහස් දාන අය දන්නේ නැහැ උතුරු කොරියාවේ මිනිස්සු විදින දහදුක්. (නි)
ජපානය, දකුණු කොරියාව, බ්රසිලය, ඉන්දියාව නිෂ්පාදන ආර්ථිනයෙන් බලවත්ව ඉන්න හැටි බලන්න. යුරෝපයේ රටවල් දෙකකට විතරයි න්‍යෂ්ඨික අවි තිබෙන්නේ. ලංකාවේ සෝබනකාරයන්ගේ කතා කියලා වැඩක් නැහැ ඉතින්. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
දකුණු කොරියාව, ජපානය, සිංගප්පුරුව වගේ රටවල් ඇමරිකාව පස්සේ ගිහින් තමා ගොඩ ගියේ. (නි)
පාල, ඇමරිකාව දකුණු කොරියාවට උදව් කරන්නේ උතුරු කොරියාව මර්දනය කරන්න මිසක් එයාලට ආදරේට නෙමෙයි. (නි)
උතුරු කොරියාව කොන්ද කෙළින් තියාගෙන ක්‍රියා කරනවා. දකුණු කොරියාව ඇමෙරිකාවට යටත් වෙලා. ඇමෙරිකාව එකම ජාතියක් දෙකට බෙදලා කොටවනවා (නි)
ඇමරිකාව පස්සේ ගිය ලෝකයේ අනෙකුත් රටවලට මොකද වුණේ කියලා දන්නේ නැද්ද? නව න්‍යෂ්ටික අවි ඇතුව තවත් රටක් බලවත් වනවාට ඇමරිකාව ඇතුළු යුරෝපයම අකමැතිවන්නේ ඇයි කියලා ටිකක් හාර ඇවිස්සුවොත් ලෝක දේශපාලනය ඇතුළුව ඔබට තේරේවි මොකද්ද උත්තරේ කියලා. (නි)
අපේ උගතුන් කෙසේ කිවුවත් උතුරු කොරියාව දශක කිහිපයක සිට ආර්ථික සහ නොයෙකුත් සම්බාධක මැද රට මෙතරම් ඉහළට ගෙනවිත් තියෙනවා. උතුරු කොරියාව බටහිර රටවලට අවශ්‍ය විදියට නොනැමෙන නිසාත්, ඔවුන්ගේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නිසාත් බටහිර රටවල් කිසියම් බියකින් පසුවන බව පේනවා. උතුරු කොරියාව ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ, තම දෙකකුල් වලින් හිටගෙන වෙන අයට නොබියව ඉන්න එක ගැන (නි)
සුපුන් හරි. උතුරු කොරියාව පිස්සු රාජාණ්ඩුවක් වගේ තමයි වැඩ කරන්නේ. (හේ)
ඇමරිකාව පස්සේ ගියොත් දන්නවනේ වෙන දේ. (ර)
නියමයි. (ර)
ඇමරිකාව පස්සේ ගිය දකුණු කොරියාව අද ලංකාවට රස්සා දෙනවා.රුසියාව චිනේ පස්සේ ගිය උතුරු කොරියාවට වලේ වල නැහැ. එ්ත් න්‍යෂ්ටික අවි පිස්සුවක් හදාගන.චිනෙත් වෙනස් වෙලා රුසියාවත් වෙනස් වෙලා. හරියට කන්නවත් තියනවද මේ රටේ මිනිස්සුන්ට. (බ)
ඔන්න කොමියුනිස්ට්වාදයෙන් වෙච්ච දේ. දානපති පන්තිය වෙනුවට උග්‍ර නිලධාරිවාදී පන්තියකුත් පවුල්වාදියෝ ටිකකුත් බෝවුණා. මේ කිම්ගේ සීයාගේ ඉඳන් පුතා මුණුබුරා වෙනතුරු ජනාධිපති. ඒ කොහොමද? රාජාණ්ඩුවක්ද...? (නි)