උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව තීරණය කැර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පසුගියදා උතුරු කොරියාව ලෝකයේ අනෙක් රටවල කීම නොඅසා න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකිරීම ඊට හේතුවයි. දකුණු කොරියාව මේ සම්බන්ධයෙන් සිය විරෝධය දැඩිව ප්‍රකාශ කැර තිබිණි.
නව සම්බාධක යෙදීම මගින් උතුරු කොරියාවේ සංවිධාන 12 ක් හා පුද්ගලයන් 16ක් අසාදු ලේඛනයට ඇතුළත් කෙරේ. එමෙන්ම උතුරු කොරියාවෙන් පිටවන හා එරටට ඇතුළුවන නැව් පිළිබඳ දැඩි සෝදිසියක් සිදුකිරීමටද මෙමගින් පියවර ගනු ඇත.
මෙතෙක් උතුරු කොරියාවට එරෙහිව පැනවූ දරුණුම සම්බාධක මෙය බව ද විදෙස් පුවත් සේවා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර හිතුවක්කාර කොල්ලන්ට දඬුවම් කරන්න ගියොත් ඔවුන්ගේ මුරණ්ඩුකම් තවත් වැඩිවෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැහැ. තුන්වැනි ලෝක යුද්ධය උතුරු කොරියාවෙන් පටන් ගැනීම වළක්වා ගැනීමට ලෝක බලවතුන් එකා මෙන් නැඟීසිටිය යුතුයි. (නි)
උතුරු කොරියාව එක්ක හෙප්පෙනවා කියන්නේ පිස්සු බල්ලෙක් ලඟට ගොස් උට කිති කවනවා වාගේ දෙයක් , උතුරු කොරියාවට පාඩුවේ ඉන්න දෙනවානම් කිසිවක් සිදුවන්නේ නැහැ.(හේ)