ඇමෙරිකාවේ නාසා ආයතනය අන්තර් ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකර ඇති කැමරා පද්ධතිය මඟින් මහ පොළොවට බ්රභමණය වන ආකාරයේ විස්මිත දර්ශන සජීවී ලෙසින් නොනවත්වා විකාශනය කිරීම ආරම්භ කර ඇත.
පැයකට කිලෝමීටර් 18000 ක වේගයෙන් පොළවට වටා කරකැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මෙම කැමරා සවිකර ඇත්තේ අනාගතයෙදී දුර ඈත ගැඹුරු අභ්‍යාවකාශයේ තොරතුරු ගවේෂණයේදී වැදගත්වන එම පරිසරයට ඔරොත්තුදෙන අන්දමේ නවීන කැමරා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර ගැනීමේ අරමුණෙනි.
කෙසේ වුවද එම කැමරා මඟින් පොළවට විකාශනය කෙරෙන රුප රාමු අපතේ නොයවා සියලු ලෝක වාසීන්හට දැක බලා ගැනීමට ලබාදීමට නාසා ආයතනයත් සජීවී දර්ශන විකාශනය කරනු ලබන යු එස් ස්ට්‍රීම් සමාගම සමඟ සිටියි.
තව දින කිහිපයකින් මෙම කැමරා පද්ධතියට නවීන තම වීඩියෝ කැමරා කිහිපයක්ම එකතු කිරීමට කටයුතු යොදන බව නාසා ආයතනක කියයි.
කැමරා කිහිපයක් යොදාගනිමින් විකාශනය කෙරෙන මෙම රුප රාමු සමහර අවස්තාවලදී කලුපාට බවක් පෙනෙන්නට ඇත්තේ එම වෙලාවේදී අභ්‍යාවකාශ යානය පෘතුවියේ රාත්‍රී කාලය පවත්නා පෙදෙස් පසුකර ගමන් කරන බැවිනි.
කැමරා මාරු කරන අවස්ථාවලදී තිරය අළු පාටින් දිස්වෙයි.
පැය එක හමාරක කාලයකදී පෘතුවිය එක්වටයක් බ්‍රමණය වන ආකාරය සජීවීව දැකබලාගැනීමට හැකිවෙයි.
එමෙන්ම වලාකුළු රහිත පැහැදිලි අහසක් ඇති අවස්ථා වලදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉන්දියා කලාපය ඉහළින් යාත්‍රාකරන විට
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශයට දිස්වන අන්දමද දැකගැනීමේ අවස්ථාවද ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ අදහස් දුටු විට හිනා යනවා (නි)
අපිත් ටිකක් විමසිලිමත්ව සිටියොත් හොඳ බව හිතෙනවා. (ස)
චලනය නොවන ද්‍රව්‍යයක් කොහේවත් නැහැ.විශ්වයේ - අවකාශයේ සහ තමා තුළ කොහේවත් නැවතී ඇති නිශ්චල දෙයක් කියා දෙයක් නැත. (නි)
මෙන්න ලින්ක් එක. http://www.ustream.tv/channel/live-iss-stream (නි)
හරිම වටිනා දෙයක් (නි)
මොන කැමරා සවි කළත් වැඩක් නැහැ. තවම මැලේසියානු ගුවන් යානය හොයාගන්න බැරි වුණානේ! (නි)
ජීවක, අර්ථවත් දෙයක් කියන්නකෝ (නි)
නිල්මිනිත් ජීවක වගේම තමා (නි)
මේ අධිරජ්‍යවාදී කැමරාවේ විකාශනය සබැ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විදියට වර්ජනය කල යුතුයි. (ස)
අභ්‍යවකාශයේ සිට දකින මිහිකත කොපමණ සුන්දරද? මිහිකතෙහි වෙන අපරාධ උහුලා ගන්නට බැරි ඇය හඬ හඬා නේද ඉන්නේ? (නි)
සොබා දහමේ නිර්මාණ සොබා දහමට ඕනෑම වේලාවකදී විනාශ කරනවා. ඒ වගේම ආරක්ෂා කරනවා. (ස)
අපිට පෙන්නන්නෙ ලස්සන පැත්ත විතරයි. (නි)
අපිට පෙනෙන ලස්සන (දිල්)
ලස්සන වගේම රටක් මේ විදියට උඩු ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේ අවදානම ගැනත් සිතිය යුතුයි. (නදී)
දොඩන්ගොඩ ;ආපහු ගල් යුගයට යන්න වගේ සුදානම් වෙන්නේ (ස)
අමරිකාවට අපට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න ඇති වුවමනාව මොකද්ද? එයා අපේ හොඳ මිතුරෙක්. (නි)
තව ඉස්සරහට වැරදි කරන අයට දඩ කොලය මෙම කැමරාවෙන් බලල එවයි ...... බොහොම පරිස්සම් වෙමු. (ස)
ලෝකය. (ස)
http://eol.jsc.nasa.gov/HDEV/ මේ ලින්ක් එක වඩාත් පැහැදිලිව බලන්න පුලුවන් (නි)
ඉතා වටිනා ලිපියක් (නි)
මේකත් ලංකාවට විරුද්ධ ඇමෙරිකානු කුමන්ත්‍රණයක් විය හැකියි නේද ? (ස)
මේ තරම් දේවල් තිබිලත් අර අතුරුදන් වූ යානය සොයා ගන්න බැරි වුණේ ඇයි. (ස)
දැනටත් මේ දර්ශනය මිලියන දොළහකට වැඩි පිරිසක් නරඹමින් සිටිනවා. (ස)
මන රංජන දර්ශනීය ලංකා .මාතා අතිරමනි . සැරදේ සැරදේ අප ලක්මෑණී. (ස)
ගොඩක් හොඳ දෙයක්. සජීවීව බැලීමට හැකි විදියක් දෙන්න පුලුවන්ද? (නි)
කොහොමද අපේ ලෝකේ. (ස)
මේක බලාගන්න පුලුවන් වෙබ් ලිපිනයක් ඇතොත් එය වඩා ප්‍රයෝජනවත් වේවි (නි)
අපේ මාමත් ඉන්නවා මට පෙනෙනවා. (නි)
හරිම ලස්සනයි (නි)
නසා ආයතනය මෙය කරන විස්මිත දර්සනය අපට පුදුම උපදවන දෙයක් සේම පාසැල් දරුවන්ට අධ්යායපනට බොහොම ප්‍රයෝජනයක් ලබාදෙනු ඇති (ස) .
බලන්නම වටිනා දේවල්... (නි)
නාසා ආයතනයට කාලෙකට පස්සේ ඉතා හොඳ අදහසක් පහළ වෙලා. මෙය සියලු ලෝකවාසීන්ගේ යහපත සඳහාම පමණක් වේවා! (නි)
විජේරත්න, මේ වගේ හොඳ ලිපි වලට ගරහන්න එපා. ඔයා හරිම කුහකයෙක් (නි)
http://newswatch.nationalgeographic.com/2014/05/09/watch-stunning-live-nasa-feed-of-earth-from-space/ (නි)
අනුරංග, ස්තූතියි. (ස)
සමහරු කියනවා ලෝකය පැතලියි කියලා. තාමත් ඇතැම් අය විශ්වාස කරනවා..(ස)
දයාරත්න, මේ කැමරා වලින් කරන්නේ නැතිවුණු ගුවන් යානා හොයන එක නොවේ. මෝඩ අදහස් දක්වන්න එපා. (ස)
ඒක දැක්කම නම් බයත් හිතෙනවා. අම්මෝ වටේම මුහුද. මොනවා උනත් අපි වාසනාවන්තයි. (ස)