පෘථීවිය වෙත එන ඇස්ටරොයිඩයන් උඩුගුවනේදීම විනාශ කළ හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.
පෘථීවිය කරා එන ඇස්ටරොයිඩයක් වේ නම් එය මතට න්‍යෂ්ඨික බෝම්බයක් සවිකළ කුඩා යානාවක් යවා එය පුපුරුවා හැරීම ඔවුන්ගේ සැළැස්මයි.
මෙම පුපුරුවා හැරීමේදී ඇස්ටරොයිඩයෙන් බිදී යන කැබලි පෘථීවිය මතට වැටේ යැයි බිය විය යුතු නැතැයිද ඔවුහු කියති.මන්ද පිපිරීම නිසාවෙන් අධික ත්වරණයකට ලක්ව අධිවේගයෙන් පෘථීවිය වෙතට පැමිණෙන ඇස්ටරොයිඩ කැබලි පෘථීවි වායුගෝලයේ ගැටීමෙන්ම විනාශව යනු ඇති බව ඔවුහු පවසති.
මේ එක් මෙහෙයුමකට ඩොලර් ලක්ෂ 5000 ක් පමණ වැයවේයැයි ගණන් බලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම ඇමෙරිකාවට බනින අයට මේක හොද ප්‍රවෘත්තියක්
ලෝක විනාශයේ එක විදිහක් වලක්වා ගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ආරම්භක පියවරක් , අපිට නම් ඕව කරන්න දන්නෙත් නෑ ඕනෙත් නෑ , විරුද්ද පක්ෂේ උන්ගේ කකුල් කඩලා හරි ඡන්දයක් දිනලා , (අ)