වසර 30ක සිට උගන්ඩාව පාලනය කරන ජනාධිපති යොවෙරි මුසවනි පස්වැනි වතාවටත් ජනාධිපති වශයෙන් යළි තේරී පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්ථා කරයි. ඔහුට සියයට 60.75 ක ඡන්ද ප්‍රතිඵලයක් ලැබී ඇති බවත් ඔහුගේ ප්‍රතිවිරුද්ධ තරඟකරුවන් අතර කිසා බෙසිග්යේ සියයට 35ක් ඡන්ද ලබා ඇති බවත් එරට මැතිවරණ කාර්යාලය මාධ්‍යයට පවසා ඇත.
මැතිවරණයදා දෙවෙනියට ඡන්ද ලබාගත් කිසා බෙසිග්යේට නිවාස අඩස්සියේ සිටින්නට සිදුවිය . ඔහු පවසන්නේ මේ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නැයි ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව දැක්වෙන නිවේදනයක් විදෙස් මාධ්‍ය වෙත නිකුත් කැර ඇත. එම වාර්තාවේ දැක්වෙන්නේ මේ මැතිවරණය එරට ඉතිහාාසයේ මෙතෙක් පැවති වංචාකාරිම මැතිවරණය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල්වල කවදාද හරි විදියට සාධාරන ඡන්දයක් තිබ්බ්ෙ? ඇමරිකාව ලෝකෙන්ම දරුණු රට. නමුත ඡන්දය තිබුනද කියලාවත් දන්නේ නැහැ. ඒ තරම් නිහතමානි මිනිසුන් සිටින නිසා. (නි)
මේ රටත් එක්ක සමාන කරාම අපේ හිටපු ජනපති කොතරම් සාධාරන ඡන්දයක් තිබ්බද කියා දැන් ජනතාවට වැටහෙනවා , ඔහු පැරදුන දවසෙම සියල්ල භාරදී පිටවුණා , බලන්න කොතරම් නිහතමානී අවංක සාධාරන කෙනෙක්ද කියලා. (ර)
මම ඉන්නේ උගණ්ඩාවේ. මේක හොඳටම දුෂිත මැතිවරණයක්. (නි)
මහින්ද පැරදිලා පලාගියේ නැහැ (නි)
උගණ්ඩාවේ ක්රමයම තමා කාලයක් ලංකාවේ තිබුනේ. ඔවුන් සිතුවේ කවදාවත් ඔවුන් බලයෙන් පහවන්නේ නැහැ කියා (නි)
මමත් ඉන්නේ උගන්ඩාවේ. මේ ජන්දේ ගන්න දෙයක් නැහැ . (ර)
මොකද මේවට ඇමරිකාව නිහඬ? අර මානව හිමිකමේ මොනකුමරුට මේවා පෙනෙන්නේ නැද්ද. උගන්ඩාවේ අයට මානව හිමිකම් ඕනේ නැතුව ඇති මගේ හිතේ. කොහොමත් මිටි තැනින්නේ වතුර බහින්නේ. (බ)