ප්රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.
එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 11.3 පමණවේ.
පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්‍යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්‍යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්‍යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්‍යුත් තැපෑලක් නොමැති තරම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
නමුත් e - mail පැමිණීමට පෙර මේ ලකුණ වැඩිපුරම බාවිතා වුනේ at the rate of යන්නටයි.(රේ)
බොහොමයක් මුර පද වලට මෙම ලකුණ භාවිතා කරනවා.(රේ්)
මෙතුමා කවුරුවත් නොසිතන දේවල් ගැන ලියලා දැනුම බෙදාදෙනවා. (නි)
එම සලකුණ නොමැති විද්‍යුත් තැපෑලක් නැත එය අනිවාර්යෙන් තිබිය යුතුය. (බ)
නොදන්නා දේවල් දැනගැනීමට මෙවැනි වැදගත් ලිපි ලියන සුනිල් මහත්මයාට බොහෝම ස්තුතියි .(ම)
හැමදාම මිනීමැරුම් ,අනතුරු ,දුෂණ,අපචාර ගැන කතා බලන අපිට ඔලුවට ගන්න දෙයක් තිබෙන හොඳ ලිපියක්. සුනිල්ට ස්තුතියි! (නි)
බොහොම වටිනා ලිපියක් (නි)
ෂා! හොඳ ලිපියක්නේ.අපි මෙච්චර ඉන්ටර්නෙට් බලනවා.නමුත් ඔය කතාව දන්නේ නැහැනේ.එම දැනුම ලබා දුන් ඔබතුමාට පින්සිද්ධ වේවා !! (නි)
ටිකක් දිගට කියවන්න බලාගෙන ආවෙ. තව ටිකක් දිගු වුණා නම් හොඳයි (නි)
හොඳ වැදගත් කරුණක් දැනගැනීමට ලැබුණු ලිපියක්. මෙවැනි දේ පාඨකයන්ට දැනගැනීමට සළස්වන ඔබතුමාට තවත් ධෛර්යය ලැබේවා! (නි)
ආනන්දගේ මෙම ලිපියට මාගේ ප්‍රසාදය පුදමි ! (අ)
ආනන්දගේ මෙම ලිපියට මාගේ ප්‍රසාදය පුදමි (ත)
දැනුම බෙදා දීම අති උතුම් පුණ්‍ය කර්මයක්. බෞද්ධයන්ගේ විශ්වාසයට අනුව ඊළඟ ආත්මයේදී සුනිල් මහතාගේ දැනුම දස දහස් ගුණයකින් වැඩි වේව(රේ)