ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.
විනාශ වී ගිය මෝටර් රථයක් පසුපසින් සැගවී සිටින කිසිවෙකුට හෝ අඬගසමින් බවක් පෙනෙන දරුවා ස්නයිපර් වෙඩි උණ්ඩ එල්ල වන්නට ගත් විට එහෙ මෙහෙ දුවමින් ඒවායින් බේරෙන්නට උත්සාහ ගන්නා අයුරු එහි සටහන්ව ඇත.
එක්වරම පපුව අල්ලා ගන්නා ඔහු බිම පතිත වේ.
ඔහු මියගොස් නැත.තමන් මියගොස් ඇතැයි තුවක්කුකරු රවටන ඔහු මෝටර් රථය ආසන්නයටම ළං වේ.
එවිටම මෝටර් රථයෙන් මෑත් වන කුඩා දැරියක් ඔහුගේ අත් අල්ලා ගනී.දිවි බේරා ගන්නැයි ඔහු සන් කළද බියපත්වී සිටින ඇය එතැනින් සෙළවීමට පවා නොහැකිව සිටින අයුරු වීඩියෝවේ පටිගතව ඇත.
තමන් රැවටුණු බව වටහා ගත් තුවක්කුකරු මෙවර දෙදෙනාම ඉලක්ක කර වෙඩි ඉල්ල කිරීමට පටන් ගනී.ඒ හමුවේ දරුවා හා දැරිය එකිනෙකාගේ අත් අල්වාගෙන විගස එතැනින් පැන දුවනු වීඩියෝවේ අවසානයට ඇත.
වීඩියෝව කොතැන්හි පටිගත කෙරී ඇත්දැයි තහවුරු කරගෙන නැතත් අවට පරිසරය සිරියාවේ යබ්රූඞ් නගරය හා සම වන බව පැවසේ.
කැරළිකරුවන්ගේ පාලනය යටතේ තිබූ යබ්රූඞ් නගරය මේ වන විට සිරියා ආරක්ෂක අංශ අත්පත් කරගෙන සිටී.එසේ නමුත් තවමත් නගරයේ තැන් තැන්හි ගැටුම් ඇතිවන බව සදහන්ය.
වීඩියෝව අන්තර්ජාලය වෙත එක්කර ඇත්තේ සිරියාවේ කි‍්‍රයාත්මක ස්වේච්ඡා සංවිධානයකි.
ව්‍යාජ ලෙස සකස් කෙරුණකැයි ඇතැමුන් චෝදනා නැගුවද විශේෂඥයින් පවසන්නේ වීඩියෝවේ අව්‍යාජ භාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
https://www.youtube.com/watch?v=Mgtbjcd9Ofk (දිල්)
බොහොම ස්තූතියි මේ පුවත වෙබ් අඩවියේ දැම්මාට. ජීවිතේ පරදුවට තියලා මේ ළමයාව බේරා ගන්නවානේ බුද්ද ධර්මය කොහෙටත් සත්‍යයි. යුද ගිනි නිවී ලෝක සත්වයෝ නිදුක් වෙත්වා. (දිල්)
අපේ රටේ එල්.ටී.ටී යුද්දේ කාලේ බොරුවට රඟපාපු එකක් වෙන්න පුළුවන් (නදී)
මාරයි නේද? (අ)
මේ වීඩියෝ ලින්ක් එක සඳහන් කරන්න පුලුවන්ද? (නි)
වීඩියෝවත් නරඹන්න පුළුවන් නම් තවත් හොඳයි (නි)
එය සත්‍ය වීඩියෝ පටයකි පුංචි වීරයාට බුදු සරණයි(දිල්)
සත්‍ය ෆිල්ම් එකක් නොවේ: http://www.bbc.com/news/blogs-trending-30057401(අ)
හිතා ගන්නත් අමාරුයි.(හේ)
පළමුව සත්‍ය සොයා බලන්න, සමන් හරි, එල්.ටී.ටී.ඊ. එකෙන් මොනතරම් මේවගේ දාලා ඇත්ද .? (ර)