දිනකට දුම්වැටි 10 කට අධික ප්‍රමාණයක් පානය කරන ‘‘ඉබ්බේක්‘‘චීනයේ චැන්ග්චුන්ග් ප්‍රදේශයේ සිටී.
ඉබ්බාගේ හිමිකරු හා වෘත්තියෙන් කෝකියෙකු වන ටෑන්ග් සිය සුරතලාට දුම්වැටි පානයෙන් තොර ලොවක් නැති බව පවසයි.හදිසියේවත් දුම්වැටියක් සපයා දීම තමන් අතින් අතපසු වුවහොත් සිය සුරතලා ‘සුස්මමින්’ කළහාකාරී ලෙස හැසිරෙන බවද ඔහු කියයි.
ඉබ්බා දුම්බීමට ඇබ්බැහි වී ඇත්තේද ටෑන්ග්ගෙන් ගුරුහරුකම් අනුවය.දිනක් මුවෙහි සිරවී තිබූ මස් කට්ටක් ඉවත් කිරීමට නොදී මුව වසාගෙන සිටි තම සුරතලාට ටෑන්ග් තමන් අතවූ තිබූ දුම්වැටිය දී ඇත්තේ ඉබ්බා එය සපන අතර මුවෙහි සිරවී තිබූ මස් කට්ට ඉවත් කිරීමේ අරමුණෙනි.
ටෑන්ගේ උපක්‍රමය සාර්ථක වුවද එහි අතුරුපලය ඇති බව පෙනෙන්ට ඇත්තේ එදින පටන් සෑම දිනකම දුම්වැටියක් ඉල්ලා මේ ඉබි සුරතලා ටෑන්ග්ට කරදර කරන්ට පටන් ගැනීම නිසාවෙනි.
මුලදී තමන් සමග දුම්බොන සිය සුරතලා දුටු විට ඇතිවූයේ සතුටක් වුවත් දැන් නම් තම සුරතලා දුම්වැටි ඉල්ලා කරන කරදරය ඉවසිය නොහැකි තැනට පත්ව ඇතැයි ටෑන්ග් කියයි.කවුරුන් හෝ තම සුරතලාගේ මේ පුරුද්ද අත්හැර දැමිීමට උපකාර කරන්නේ නම් මැනවයි ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර ස්ව සංවිදාන නඩු පවරා නැත්තේ මන්ද? (නි)
කරන්න තියෙන එකම දේ පුරුදු කළ කෙනත්,ඉබ්බත් දෙදෙනාම ගඟකට හෝ මුහුදට පනින එකයි.ඉබ්බා පීනලා යයි.පුරුදුකළ කෙනාට පීනන්න බැරි නම්... (නි)
ඉබ්බෙකුට අවුරුදු පන්සීයක් ආයුෂ තිබෙනවා කියලා අහලා තියෙනවා. මෙයාගේ ආයුෂ අවුරුදු සීයකින් ඉවර වේවි. (නි)
පොඩි වැඩක්නේ කරන්න තියෙන්නේ. මස් කට්ටක් දීලා සිගරට් එක අහකට ගන්න (නි)
සිතන්ට අපහසුයි. මිනිසෙකුට තරම් සත්වයෙකුට සිතීමේ හැකියාවක් නොමැති නිසාත් ,මිනිසා තරම් සත්වයා සිතට වහලෙක් නොවන නිසාත්... (නි)