ඉන්දියාවේ ප්‍රවීණ රංග ශිල්පියකු වූ ඕම් පූරි මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.
මුම්බායි නුවර ඔහුගේ නිවසේ දී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර ඔහු කලාත්මක හා ප්රමුඛ පෙළේ සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇත. බ්‍රිතාන්‍ය චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් එක්වූ ඕම් පූරි මහත්මා ගාන්ධිගේ චරිතය අළලා සකස් කළ වීර කාව්යයකටද රංගන දායකත්වය ලබාදී ඇත.
ඉන්දීය, පාකිස්තාන, බ්‍රිතාන්‍ය හා හොලිවුඩ් චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන් පූරි 2004 වසරේදී බ්‍රිතාන්‍ය චිත්‍රපට කර්මාන්තයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ගෞරව සම්මානයකට ද පාත්රවිය.
සිටි ඔෆ් ජෝයි, හන්ඩ්‍රඩ් ෆූට් ජර්නි, ඊස්ට් ඊස් ඊස්ට්, ආර්ද් සත්‍යා, සදගටි, පා සහ ජානේ බි දෝ යාරෝ ආදී චිත්‍රපට රැසක ඔහු කළ රංගනයන් අතිශය ජනප්‍රිය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම අග්‍රගණ්‍යයේ නළුවෙක්. ඒත් අපේ බොහෝ දෙනෙක් මේ නළුවා දන්නේ නැහැ. ඒ මොකද මෙයා චිත්‍රපටි වල ජෝකර් ඇදුම් ඇඳගෙන සින්දු කියලා නැටුවේ නැහැනේ. (නි)
මොහු ඉතාමත් දක්ෂ අග්‍රගණ්‍යයේ නළුවෙක්. මොහුගේ රඟපෑම් ඉතාමත් තාත්වික වන අතර මිර්චි නමැති හින්දි චිත්‍රපටිය නැරඹුවා නම් එය ප්රත්යක්ෂ වනු ඇත. මොහුට නිවන් සුවපතමි (නි)
නිවන් සුව ලැබේවා.! (ර)