ඇවිදීම මොළයේ මතක ශක්තිය වර්ධනය කිරීමට හේතු වන්නේ යැයි ඇමරිකාවේ පිට්සර්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පවසන ආකාරයට සතියට දින 3 ක් වත් එක් දිනකට මිනිත්තු 40 ක පමණ කාලයක් ඇවිදින්නේනම් එය මොළයේ මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ.
පර්යේෂක පිරිස වයස අවුරුදු 55 ත් 80 ත් අතර වූ පුද්ගලයින් පිරිසක් තෝරාගෙන සිදුකළ පර්යේෂණයකින් මේ කරුණු හෙළිව ඇත.
මුලින්ම ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡුායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිස සතියකට දින 3 ක් විනාඩි 40 බැගින් ඇවිදීමට කාලය වැය කරන්නැයි ඔවුන්ට උපදෙස් දී තිබේ.මෙසේ වසරකට පසු යළිත් ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිසට දැකගත හැකිව තිබෙනුයේ ඔවුන් සියලූදෙනාගේම මොළයන්ගේ මතක ශක්තිය සදහා හේතු වන ප්‍රදේශයන් සියයට 2 කින් පමණ වර්ධනය වී ඇති බවයි.
වයසත් සමග මොළයත් අකර්මණ්‍ය වන්නේයැයි පිළිගැනෙනා මුත් මේ පර්යේෂණයෙන් මොළයට ජීවය දීමේ ක්‍රම ඇත්තේයැයි පෙනී යන බව පර්යේෂක පිරිසේ ප්‍රධානී ආචාර්ය කර්ක් එරික්සන් පවසයි.
‘‘මේ ප්‍රතිඵල ලබාගන්න වැඩි මහන්සියක් විය යුතු නැහැ.පොඞ්ඩක් ඇවිදින එක විතරයි කරන්න ඕනේ.මෙකෙන් වෙන්නේ වයසට යන එක පමා කිරීමක් වගේ දෙයක්‘‘ යැයි ඔහු කියයි.
නමුත් මොළය වර්ධනය වීමට යැයි කියා පණ කඩාගෙන ඇවිදීම පමණක් සෑහෙන්නේ නැති බව පර්යේෂක පිරිස පවසති.
‘‘ඇවිදින එක පමණක් නොවේ.ව්‍යායාම කිරීම මොළයේ වර්ධනයට බලපානවා.නමුත් මොළයේ වර්ධනයටය කියලා පමණටත් වඩා ව්‍යායාමයන් කිරීම කිසිදු ඵලයක් නැති දෙයක්.මොළය ගෙවී යන එකයි වෙන්නේ.ඒ නිසා තමන් ආශා කරන,සතුටක් ලබන ව්‍යායාමයක් තෝරා ගැනීම වැදගත්.මොකද සතුටින් කරන දෙයක් නම් මොළයට පීඩනයක් ඇත්තේ නැහැ.ඒකත් වයසට යන එක ප්‍රමාද කරන හේතුවක් තමයි‘‘ ආචාර්ය එරක්සන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිදින පය දහස් වටී කියල අපේ පුරාන කියමනක් තියෙනවා නේ. ඇමරිකාව ඒක නොදැන වෙන්න ඇති. (අ)
අපේ පාර්ලිමේන්තුවට වාහන යන එක නතර කරලා යන අය මග ඉඳල පයින් යන්න සැලසුවොත් ලංකාවටත් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන් (අ)
ප්‍රයිවෙට් බස් වලින් බේරිලා යන්න පුලුවන්නම් තමයි ඇඟට ගුණ (දී)
අපරාදේ ඉස්කෝලේ යන කාලේ දැනගත්ත නම් මම පයින් යනවා දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට(දිල්)
මේක සත්‍යයක් කියල හිතෙනවා මොකද අපේ ගම්වල ජීවත්වන වැඩිහිටි පරම්පරාව කරන්නෙම පයින් ඇවිදින එකනේ. ඒ ගොල්ලත් එක්ක කතා කලහම මැන ගන්න පුළුවන් ඒ ඇත්තන්ගේ මතක ශක්තියේ පරිමාව. (දී)
එකනේ ඇවිද්ද පය දහස් වැටි කියන්නේ (දී)