ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට යැවු බව පෙන්ටගනය පවසයි.
රුසියාවට කිසියම් ආකාරයේ පණිවුඩයක් යැවීමක් ලෙස මෙම තීරණය ගත් බවත් යුරෝපයේ රටවල ස්ථීර සේවයේ හමුදා යොදවන බවත් පෙන්ටගන් මාධ්‍ය ප්‍රකාශක ජෙෆ් ඩේවිස් මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
යුක්රේනයේ රුසියා ක්‍රියාකාරකම් විචේනය කළ ඩේවිස් මහතා ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මිත්‍ර රටවල් විමසිල්ලෙන් සිටින බව ද පැවසීය.
‘ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ කැපවීම පෙන්වීම සඳහා දැනෙන යමක් කළ යුතුයි. ඇරත් එය යුරෝපයේදී අපේ ඒකබද්ධ ආරක්ෂාවට සම්බන්ධ දෙයක්‘ යයිද ඩේවිස් මහතා පැවසීය.
යුද්ධ ටැංකි, සන්නද්ධ හමුදා වාහන, කාලතුවක්කු, ට්‍රක් රථ සහ කන්ටේනර් රථ ඇතුළු යුද උපකරණ හා වාහන 2,400 ක් සමග ඇමෙරිකා හමුදාවේ 04 වැනි පාබල සේනාංකයේ 3 වැනි බලඇණිය මෙලෙස කොලරාඩෝහී කාසන් බලකොටුවේ සිට යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදර්ශිනී, ඇමරිකාවේ පුවත්පත් සහ විද්‍යුත් නාලිකා බහුතරය ඉංග්‍රීසියෙන් තමා. එතකොට අශිකා අජිත් ලංකා සහ නලින් වගේ එහෙ ඉන්න බහුතරය කියන්නේ බොරුද? (නි)
මෙය සි එන් එන් නාලිකාව ඇසුරෙන් කළ ලිපියක් , එදා ට්‍රම්ප්ගේ කතාවේදී ඔහු සි එන් එන් නාලිකා මාධ්‍ය වේදීන්ට එතන සිට කෙලිම්ම කිව්වා , ඔබලා බොරු වාර්තා බොරු ආරංචි හදන ලියන බව . බි බි සි නාලිකාවටද ඔහු එසේම කිවා (අ)
ලුම්බිණිට වැඩි දෙනෙක් ඇමෙරිකන් විරෝධී බවතුන් පෙනෙන්නේ.බුෂ් ගේ කරීයා කලාපය ඊට හේතුවයි. (හේ)
අපිට ඕනි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් පිරිසක් රට කලමනාකරණය කරනවා දකින්න. හැමෝම හිතන්න ඕනි හරි දේ ගැන. එක එක්කෙනාව ආරක්ෂා කරලා වැඩක් නැහැ. ඕනෑම රජයකින් වෙන්න වැනි රටට ජනතාවට සේවාවක්. (හේ)
නලින් නොදන්නා දේවල් කතා කරන්න එපා.. මම ඇමරිකාවේ පරිගණක ඉංජිනේරුවෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක්.. ලෝකයේ ඉහලම ප්රජාතන්ට්රවාදයක් ඇති රට අැමරිකාවයි.. ඇමරිකාවේ ධවල මන්ධිරය ඉදිරිපිට උද්ගෝෂණය කළත් පොලිසියට මොකුත් කරන්න බෑ. ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයා තොරන්නෙත් මිනිස්සුන්ට වුවමනා විදිහට විනා පක්ෂ නායකයන්ට ඕනා විදිහට නෙමේ. මෙහෙ නිරායුධ මිනිහෙක් හේතුවක් නැතිව අත්අඩංගුවට ගන්නවත් පොලිසියට බෑ. (අ)
නාමල් නිව්යෝර්ක්, මමත් ඉන්නේ ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ නගරයක අවුරුදු 30 ක් කාලයක්. අපේ ලංකාවේ මෙහි සිටින ටැක්සි පදවන අයත් කියන්නේ ඇහුවම, එයා පරිගණක ඉංජිනේරුවෙක් හෝ අයිටි ඉස්පෙෂලිස්ට් කියලා. නැත්නම් දොස්තර වගේ ලොකු දෙයක්. ඕක මට ගොඩක් පුරුදුයි. නමුත් ඔබ ඇමරිකාවේ සිටියට එම රට ගැන නොදන්නේ ඔබේ රැකියා කාලය අධික නිසා වන්නට පුළුවන් (නි)
ලුම්බිණි සහ නාමල් නිව්යෝර්ක් දෙන්නම එකයි වගේ. දෙන්නම ඉහළින් කඩේ යනවා බොරු කියමින් (නි)
නාමල්, ඔබ නිව්යෝර්ක් වල හිටියට මොකුත් නොදන්නා පාටයි.මම ඉන්නේ අල්ලපු රටේ. ඡන්දෙන් පස්සේ හිලරි නටන නාඩගම මොකක්ද දැන්. මේකද මහා ලොකු ප්රජාතන්ත්රවාදේ. පැරදුනා නම් ගෙදර යන්න ඕනෑ (නි)
නාමල්, ඔයා මොනවද ඇමරිකාවේ ඉඳලා ඇමරිකාව ගැන දන්නේ? ඇමරිකන් පොලිසිය මේ වනවිට නිකරුනේ අහිංසක කළු ජාතියින් කී දෙනෙක් මැරුවද? ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයද මේ? නිකන් බොරුවට පුම්බන්න එපා නාමල් අනුන්ගේ රටවල් (නි)
නාමල්, වෙන දියුණු රටවලට ගිහින් මෙහෙදී වගේ මම දොස්තර, මම ඉංජිනේරුවා, මම ගියේ රෝයල්, මම දකුණේ කියන මෝඩ උද්දචමාන්නයෙන් පිරුණු මෝඩකම පෙන්නන්න එපා. ඔයා කවුරු වුණත් ඔය රටවල ඒවා ගණන් ගන්නේ නැහැ (නි)
අනේ නලින්, ඇමෙරිකාවට කඩේ යන්න අමුතුවෙන් ඕනෑ නැහැ. ඇමෙරිකාවට ඕනෑදෙයක් කරලා පනින්න මාන බලන ලංකාවේ ජනතාවගෙන්ම පේනවා කට මොනවා කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා (නි)
නාමල් කියන දේ හරි. අශිකා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් පළවන ප්රවෘත්ති අහන්න (නි)
හිමාල් වෑඩිපුර න්‍යස්ටික අවි තිබෙන්නෙ රුසියාවෙ.(අ)
1944 වර්ෂයේදී වාගේම ජර්මනිය ඉල්ලන් කෑමක් කරන්නේ යමක් සිදු වුනොත් , රුසියාව අවතක්සේරු කළ හැකි රටක් නෙමේ , රුසියාව වෙනත් රටවල් වගේ සංදර්ශන කියාපෑම් කරන්නේ නැහැ , තමන් ගැන , එහෙත් ඔවුන් ඇමරිකාව සමග කරට කර ඉන්නා යුධමය ශක්තිය ඇති රටක්. (අ)
අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
නාමල් ඔබගේ කොමෙන්ට් එකෙන් තේරෙනවා ඔබ කවුද කියා.ලෝකයේ ඉහළම ප්රජාතන්ත්රවාදයක් ඇති රට අැමරිකාවයි.. ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට උද්ගෝෂණය කළත් පොලිසියට මොකුත් කරන්න බෑ. ඒ ඔබ දකින දේ. ඉහලම ප්රජාතන්ත්රවාදයක් ඇති නිසාද? කළු ජාතීන් පොලිසිය පාරෙදි ඝාතනය කරන්නේ. ඒ වගේ දිනකට කොපමන මරණවාද කියා ඔබ දන්නවාද? ඒ අය අපේ රටටයි ඇගිල්ල දික් කරන්නේ.ඒකද? ඉහල ප්රජාතන්ත්රවාදය? (බ)
දුලිප්, ඔබ කියන දේ ටිකක් ඇත්ත! නමුත් ඔයාට පුලුවන් නම් බලන්න 2008-2009 කාලයේ ඩොලරයේ අගය මොන තරම් බාල්දු වුණාද කියලා. නමුත් පහුගිය කාලෙය් ඇමෙරිකාව ලබාගත් ආර්ථික ප්‍රගතියක් එක්ක තමා ඩොලරයේ අගය ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේ. (නි)
සිංහ, ඔබ කියනවා වගේ කළු ජාතිකයන්ට ඇතිවෙලා තියන අසාධාරණයට එරට ප්රජාතන්ත්රවාදය හෑල්ලු කරන්න එපා. එතන ගැටගැහිලා තියෙන්නේ සමාජ ගැටළු ගොඩක්.
නාමල්,ලෝකේ ජනගහණයෙන් 5%ක් අැමෙරිකානුවෝ. එ්ත් ලෝකෙන්ම 25% හිරකරුවෝ ඉන්නේ ඇමෙරිකාවේ. (නි)
මා ගිය රටවල් අතුරින් , සිඟන්නන් බහුලවම ඉන්නා රට ඇමරිකාවය , ඕනෙම ලොකු නගරයක කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි වල රාත්‍රියට නිදන , දවල්ට එම පෙට්ටි ඔලුව උඩ තියන් සිඟා කන වෙඩිම රටම ඔය නාමල් කියන පාරාදීසය. (ර)
ඇමෙරිකාවේ ගඳ යුරෝපය හරහා එන බව රුසියාව දන්නවා. මේ හමුදා කණ්ඩායම එවීම රුසියාවේ ජන මාධ්‍ය හැදින්නුයේ ක්ලෝරිඩාවේ මැස්සන් ටිකක් යුරෝපයට පැමිණි බවයි .ලංකාව, යුරෝපයට ඇමෙරිකාවට බය වුණාට රුසියාව ඔවුන් ගණන් ගන්නේ නැහැ (බ)
සිංහ සහ සේරම්, ඔබ කතාකරන්නේ මොනවාද කියලා දන්නේ නැති හැඩයි. මම ජීවත්වන්නේත් ඇමරිකාවේ ටෙක්සාස් වල. ඇමරිකාවේ අවි ආයුධ මිලදී ගතහැකි නිසා අපරාධකරුවන් හා පොලීසිය අතර වෙඩි හුවමාරු වී මිනිසුන් මියයාම වැඩියි. එතන කලු සුදු භේදයක් නැහැ. නමුත් ඇමරිකාව සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් ලබාදෙන රටක්. (නි)
බටහිර රටවල මිනිස්සු නොහිටින්න මේ ලෝකය ම්ලේච්ඡයන් රජකරවන යුගයක් වෙන්න තිබුනා. බටහිර මිනිසුන්ගේ වැරදි නැතුවම නොවෙයි. නමුත්, ඒ මිනිස්සු ළඟ තිබෙන අන් මත ඉවසීම අනෙක් මිනිස්සුන් ළඟ අඩුවෙන් දක්නට ලැබෙන්නේ. (නි)
කුමාර කිව්වා වාගේ බටහිර රටවල මිනිස්සු නොඑන්න ලංකාවත් ම්ලේච්ඡයන් රජකරන රටක්. ඒ කියන්නේ පෘතුගීසින් ලන්දේසින් එංගලන්තයෙන් විත් අපිව යටත් කරගෙන අපේ ම්ලේච්ඡකම් නැතිකරලා ඔවුන් අපිට ආපහු රට දීලා ගියා. මේ කතා වලට කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ (නි)
රාජපක්ෂ, ඔබ නොදන්නා දේවල් බොහෝ ඇමරිකාවේ සිදුවනවා. කල්ලන්ට තියෙන්නේ දෙවනි පන්තියේ පුරවැසිකමක්. ටෙක්සාස් සිටියට රැකියාවට කරනා කාලය බහුල නිසා ඔබට ඉන්න රට ගැන අවබෝධයක් නැහැ (නි)
මම හිතන්නේ ලංකාවේ බොහොම දෙනෙක් ඇමෙරිකාව ගැන හරිහැටි අවබෝධයක් නැහැ. 2008 ආර්ථීක අර්බුධය සාර්ථක ලෙස මුහුණ දී දැන් විශාල ප්‍රගතියක් ලබා තියනවා. ඇමෙරිකානු ඩොලරයට තියන ප්‍රබල තත්වයෙන්ම එය ඉතා පැහැදිලි වෙනවා. චීනය ඇමෙරිකාවට ණය දී නැහැ. නමුත් රජය නිකුත්කළ බැඳුම්කර ට්‍රිලියන හතරක් පමණ මිලදී තියනවා. අද ලබා තියන දියුණුව දිගටම ගෙනියන එක අලුත් රජයට තියන අභියෝගයක්. එක එක යුද්ධ වලට පැටලෙන්නේ නැතුව හිටියොත් තව ඉස්සරහට යන්න පුළුවන් (නි)
එලිපිටිම මැර බලය පෙන්වීමක්. යුරෝපය කැමති වුනත් නැතත් එයාල ඒක කරනවා. අකමැති වුනොත් මොකක් හරි අංචියක් අදිනවා. හැමෝම ළඟ ටික ටික හරි වැරදි තියෙන නිසා ඒවා වෙලාවට ප්‍රයෝජනයට ගන්න කියලා තියාගෙන ඉන්නවා. යුද්ධයට සුදානම් වීමක් තමයි මේ. යුද්ධය කියන්නේ ධනවාදය පවත්වාගෙන යන්න තියෙන එකම විදියයි. (හේ)
ජර්මනියත් මැදපෙරදිගක් කරයිද දන් නෑ. (අ)
සංදර්ශණ පමණි,හානියක් නැත.කිසිදා ඇමෙරිකාව රුසියාවට පහර නොදෙයි,රුසියාවේ බොහෝ න්‍යස්ටික අවි ඇත.(අ)
එදා රුසියාව ජර්මන් හමුදාවට ගහන්න ඉදිරිපත් නොවුනා නම් ඇමරිකාව බම්බු ගහයි. ඔබලා පාවිච්චි කරන්නේ රුසියානු රොකට් එන්ජින් කියලා ලෝකෙට කියන්නකෝ. චීනෙට ට්රිලයන් 4 වඩා ණය බව ලෝකෙට කියන්නකෝ. (හේ)
ඒ විතරක් නෙමේ, පෝලන්තෙට සොල්දාදුවන් 3000ක් යවල. මේක අපහු සීතල යුධ සමයක් වේවි. එ්ත් ජනවාරි 20න් පස්සේ තමා හරියටම මේක බල ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඇමෙරිකාව ගහන්න තියෙන ඔක්කොම තුරුම්පු ගහනවා වියරුවෙන්. ඒ කෙසේ වෙතත් මේ යන ක්‍රමේ නම් එච්චර හොඳ නැහැ ලෝකෙටම.(අ)
එක පතොරොමක් හරි රුසියාවට එරෙහිව පත්තු කළදාට 3 වෙනි ලෝක යුද්ධය ආරම්භ වුණා කියලා හිතන්න. (නි)
යුද්ධය කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක්. ප්‍රශ්න විසඳීමට අවිය භාවිත කරනවාට වඩා මොළය භාවිත කිරීම වටිනවා. (නි)
ඇමරිකානු රඟමඩලේ අන්තිම ජවනිකාව! ලෝකෙට පුම්බන්න යනවා. රට තුළ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ඇමරිකානු ජනතාව දන්නවා. (නි)
සෝවියට් දේශය ජර්මනියට පහර දෙනවා නොවෙයි. දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වුණේ හේතු ගණනාවක් නිසා. ඇමරිකාව සම්බන්ධ වුණේ පර්ල් වරායේ ප්‍රහාරයෙන් පස්සේ. මහ බලවතුන් දෙන්නා ළඟම ඕනෑතරම් න්‍යෂ්ටික අවි තියෙනවා. යුද්ධයක් ආවොත් ඒකෙන් ලෝකෙටම විඳවන්න වෙනවා. (නි)
ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ආනයනය කරන ඇමෙරිකාවට ජය වේවා!! ලංකාවට කිසිම ආර්ථික වාසියක් නොමැති රුසියාව පරාජවේවා!! මතක තියාගන්න ලංකාව අපනයන කරන භාණ්ඩ වලින් 30%ක් මිලදී ගන්නේ ඇමෙරිකාවයි (නි)
බුද්ධික දන්නා දෙයක් කතාකළොත් හොඳයි (නි)
ඔබාමාගේ යුධ පිස්සුව තදවෙලා වගෙයි (නි)
වැඩේ නම් ලේසී නෑ.(හේ)
වැඩි දෙනෙක් ඇමෙරිකන්විරෝධී බවකුයි පෙනෙන්නේ. මට නම් කියන්න බැහැ රුසියාව ඇමෙරිකාවට වඩා හොඳයි කියලා. චීනය, රුසියාව, ඇමෙරිකාව ඔක්කොම එකයි. එකම වෙනස ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් තිබෙනවා කිසියම් ප්‍රමාණක නිදහසකුත් එක්ක. (නි)
නාමල්, දන්නා දේ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ! (නි)
වෙන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)
ලුම්බිණි, ජෝර්ජ් වොෂින්ටන්ගේ කාලයේ ඇමරිකාව නොවෙයි දැන් තිබෙන්නේ. බුෂ්ගෙන් පසුව එය සම්පුර්ණයෙන්ම කණපිට ගියා. (නි)
නාමල්, මම ඔබට කියාදුන්නේ ඔබ නොදන්නා පැත්තක්. වැඩිවිස්තර අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. (නි)
තාක්ෂණය ඇමරිකාවට වැඩියි කියන රුසියාව අත්වැරදිමකින්ද මෑතකදී මගී ගුවන් යානයට පහරදුන්නේ? (නි)
අජිත් ඇමරිකන් ඩොලරය ජාත්‍යන්තර මුල්‍ය ඒකකයක් වුණ නිසාම ඇමරිකාවට පුළුවන් වෙලා තියෙනවා ඕනෑතරම් ඩොලර් අච්චු ගහන්න උද්දමනයක් රට තුළ ඇති නොවන විදියට. එ්ක නිසා තමයි තවමත් ඕක දුවන්නේ. (නි)
මෙයද පාරාවළල්ලක්ම කරගනු නිසැකය
නියමයි නේද (හේ)
රුසියාවට විරුද්ධව යුධමය ක්‍රියා ගන්න ලේසි නැහැ , දෙවන ලෝක යුද්ධයේදීත් රුසියාව නිසා තමා නාසි ජර්මනිය පැරදුනේ , අන්තිම මොහොතේ ඇමරිකාව අත දැම්මට , අනික මේ දේවල් වෙනස් වනවා , අලුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආවම. ජර්මනිය ඉල්ලාගෙන කෑමක් කන්නේ , මොනවා හරි වුනොත්. (අ)
ලුම්බිණි , ඔබ මල්ලක් අරගෙන ඇමරිකාවට කඩේ ගියාට , කරුණු නොදැන. ඇමරිකාවේ ඉපදුන එහි පුරවැසියන් පවසන්නේ ලෝකයේ අනික් දියුණු රටවල තිබෙන ප්රතන්තරවාදය හෝ නිදහස එහි නොමැති බවය , රජයට විරුද්ධව උද්ගෝෂණ යන අයව පොලිසිය වෙඩි තබා මරනවා , පාරේ යන මිනිහකු සැක සහිතනම් ඔහුට වෙඩි තබා මරනවා , නිතරම වාගේ පාසල් වල වෙඩි තබා මරණ ප්‍රමාණය අති මහත් , ඡන්ද ක්‍රමය ලොකු ප්‍රෝඩාවක් , ඇමරිකාවේ රුපවාහිනියෙන් දකින ඇමරිකාව නෙමේ ඇත්ත ඇමරිකාව , ඒ බව දන්නේ එහි එහි නියම පුරවෙසියන් , වෙනත් රටවලින් ආර්ථික සංක්‍රමණය කර පුරවැසි වුන අය , උදේ හවස පැය 24න් පැය 14 කට වඩා රැකියා කර , ගෙදර ආපු ගමන් කාල නිදන නිසා , එම රට ගෙන අවබෝධයක් නැහැ. (අ) ,