ඇමරිකාවේ ඔබාමා රජය එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට විකිණීම මගින් කලාපීය ආරක්ෂාවට බලපෑමක් නොවනු ඇතැයි පෙන්ටගනය කියයි.
‘අපි හිතන්නේ නෑ ඒක ඉන්දියාවට ගැටළුවක් වෙයි කියලා. අපි හිතනවා මේක උදව්වක් වෙයි කියලා පකිස්තානයේ ත්‍රස්ත මර්දනයට. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවටත් වැදගත් වේවි‘ යනුවෙන් පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක පීටර් කුක් පවසයි.
එෆ් 16 න්‍යෂ්ඨික ප්‍රහාරක ජෙට් යානා පකිස්තානයට අලෙවි කිරීමට ඇමරිකා ජනපති ඔබාමාගේ රජය පසුගිය පෙබරවාරි 13 තීරණය කළ අතර ඒ සඳහා ඩොලර් මිලියන 700ක් වැයවන බව පකිස්තාන ආරංචි කියයි.
ඉන්දියාට ඒ සම්බන්ධයෙන් සිය විරෝධය ඇමරිකා තානාපති රිචඩ් වර්මාට ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසියාවටත් වැඩේ දෙන්නයි හදන්නේ. (ර)
අපි පකිස්තානෙන් ගත්තොත් තමයි ඉන්දියාවට ප්‍රශ්නෙ. (ර)
ලන්දේසි පෘතුග්‍රීසි එන්ගිරිසි ආසියාව මංකොල්ල කලා ගිය, දැන් එළිපිට ඇමරිකාවෙන් එනවා. යුද්ධ කරලා අල්ල ගන්න බැරි රටවල් තමන්ගේ අවනතෙට ගන්න බැරි රටවල් විවිධ විවිධ උපක්‍රම මගින් යටත් කර ගැනීමේ වැඩක්. දැන් ඉතින් චීනයට ගහන්න තමයි ඔය ඔක්කොම කරන්නේ. (ර)
එම කලපෙයේ ඔවුන්ගේ සතුරා ඉන්දියාව සතුටු වෙන එකක් නැහැ , ඇමරිකාව කොහොමත් එදා සිට රටවල් යුද ගිනි අවුලන්න කටයුතු කරනවා මිසක ලෝකයේ සමයට අත දෙන්නේ නැහැනේ.(හේ)
අපි අපේ ජාතික ආරක්ෂාවට පාකිස්තානේ ගුවන් යානා ගද්දි පාකිස්තානේ ජාතික ආරක්ෂාවට පාකිස්තානේ ඇමරිකාවේ ගුවන් යානා ගන්නවනේ .. (බ)
ඉන්දියාවට හොඳ කනේ පාරක් දීල...!!! (බ)
දැන් ඉන්දියාවට ගුවන් යානා ගැන ප්‍රශ්නයක් තියන්නේ කලින් අපිට පකිස්ථානයෙන් ගන්න එපා කිව්වා දැන් පකිස්ථානයට දෙන්න එපාලු එතකොට ඒගොල්ලන්ට විතරද පුළුවන් ගුවන් යානා ගන්නයි විකුනන්නයි (රේ)
එෆ්16 කියන්නේ න්‍යෂ්ඨික ප්‍රහාරක ගුවන් යානයක්ද? (නි)