ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී ස්පේස් - එක්ස් රොකට්ටුවක් පුපුරා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ආසන්නයේ තිබූ ෆේස්බුක් චන්ද්‍රිකාවද පිපිරීමෙන් විනාශ වී ගොස් ඇතැයි කියති. එය අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන්ගත කිරීමට නියමිතව තිබූ එකක් බව ද කියති.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පෙරහුරුවකට යොදා ගත් අවස්ථාවේ මෙම පිපුරුම සිදුව ඇතැයි වාර්තාවේ.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද චන්ද්‍රිකාව විනාශවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබිණි.
රොකට්ටුව පිපිරීමෙන් සැතපුම් ගණනාවක් අවට පිහිටි ගොඩනැගිලි ද සෙලවීමට ලක්වූ බව එරට ආරංචි පවසයි. පිපුරුමෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වැඩි දෙයක් වුනත් අවට ඉන්න අහිංසකයෝ තමයි පීඩාවට පත්වෙන්නේ. එයාල නම් සොරි කියයි. (බ)
දැන් ඉතින් අප්‍රිකාවේ මිනිස්සුන්ට තව ටික කාලයක් වැඩක් ඇති වැඩකට කාලය යොදවන්න පුළුවන්.(හේ)
ඇමෙරිකාව දන්නේ අනෙත් මිනිස්සු නැතිකිරීම පමණි.(හේ)
මගේ ‘ෆේස්බුක් චන්ද්‍රිකාව‘ මගේ ෆේස්එකේ නම් තවමත් ඔය යස අගේට ඉන්නේ. එයා ෆොටෝ දානවා, මම ලයික් ගහනවා. (නි)
අනේ මන්දා ලංකාව කවදා දියුණු වෙයිද, ගිහාන් වගේ අය ඉන්නකන් (නි)
හරියට හරි ගිහාන්!! (නි)
යූ ටියුබ් එකෙන් මම නම් බලාගත්තා
ඒකනේ කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියලා (නි)