ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ කර්මාන්තශාලාවකට කඩා වැදුනු පුද්ගලයෙක් වෙඩි තැබීම නිසා හතර දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තුවාල කරුවන් අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වෙඩි තැබීම සිදුකලේයැයි සැකකරන පුද්ගලයා පොළිස් වෙඩිපහරින් මිය ගොස් ඇති බවත් කැන්සාස් ප්‍රාන්ත බලධාරීන් පවසයි.
පොළීසිය පවසන්නේ සැකකරු ආසන්නයේ පිහිටි හෙසස්ටන් නගරයේ කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයෙක් බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කර්මාන්තශාලාවේ 150ක පමණ පිරිසක් සේවය කරමින් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව අයිතිවාසිකම් (බ)
හසන්, තේරුමක් ඇති දෙයක් කියන්න. මේවා අපරාදකරුවන් කරන අපරාධ. මානව හිමිකම් කැඩීම් කියන්නේ රජයක් හෝ පොලිසිය විසින් සිදු කලොත්. (ර)
මේවා ආසියාතික රටවල ඕනෑතරම් සිදු වෙනවා.. නමුත් ඇමරිකාවේ උනොත් ලෝකෙටම ප්‍රවෘතියක්.. ධනවත් රටවල මිනිස් ජීවිතවල වටිනාකම වැඩියි වගේ... (ර)
ඇමරිකාව තරම් භයානක රටක් ලෝකේ කොහෙවත් නැහැ. සිවිල් වැසියන්ට තුවක්කු මිලදී ගන්න පුළුවන් පුදුම අනුවන නීති ඇති රටක්.(හේ)
මේ දේවල් කාටත් පේන්නේ නැද්ද?9හේ)
අපිට සන්හිදියාව ගැන බණ දෙසනවා අැමරිකාවේ බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මරනවා (හේ)
රොහාන් ඔබ ඇමරිකාවට ගිහින් තියනවාද? ඔය විදිහට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරනවා කොහෙද ඔබ දැක්කේ? ඇමරිකාවේ මිනීමැරුම් සාපේක්ෂව බොහෝ ආසියාතික රටවලට වඩා අඩුයි.. (ර)
ඔබ හරි නාමල්, නමුත් ඇමරිකාව අපේ රටට ඇඟිලි ගහන්නේ නැත්නම් (නි)
නාමල්, රොහාන්, ඇමරිකාවේ මිනීමරන්නේ බල්ලෝ බළල්ලු ගානට නොවෙයි, මැස්සෝ මදුරුවෝ ගාණට. (නි)
නාමල්, මම හිතන්නේ රොහාන් ඇමරිකාව ගැන කියන්නේ හොලිවූඩ් ෆිල්ම් එකක් කියලා වෙන්න ඇති. (නි)
නාමල් - නිව්යෝර්ක්, සමහරවිට අනෙක් ප්‍රාන්ත වල වෙන්නේ මොනවාද කියලා දන්නේ නැතුව ඇති. පොඩ්ඩක් පහුගිය සතියේ පත්තර අරගෙන බලන්න. (නි)
ලෝකේ සිවිල් ජනයාට තුවක්කු මිලදී ගැනීමට පුළුවන් එකම රට ඇමරිකාව නොවේ. යුරෝපයේ හැම රටකමත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තෙත් මිලදී ගන්න පුළුවන්. නමුත් මෙතරම් මිනී නම් මැරෙන්නේ නැහැ. (නි)
ලංකාවෙත් තුවක්කු තිබුනනේ දැනට අවුරුදී 20කට පමණ උඩදී. නමුත් යුද්ධ නැති ගොඩක් රටවල තුවක්කු මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්දියාවේත් සිවිල් ජනයාට තුවක්කු ගන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ තුවක්කු නීතිය ලිහිල් වැඩියි (නි)
මගේ කළු ජාතික ඇමරිකන් මිත්‍රයා තුවක්කු ගැන ඇතිවුණු කතාබහකදී තර්කකළේ මෙන්න මේ ලෙසයි. වාහනයක් බීමතින් හෝ මෝඩ ලෙස පදවා ජිවිත හානි කළාම වාහන තහනම් කරන්න කියලා කවුරුත් කියන්නේ නැත්නම් ඇයි තුවක්කු තහනම් කරන්න කියන්නේ? මට ඒ වෙලාවේ මතක්වුණේ ලංකාවේ ෆුල්ෆේස් හෙල්මට් නීතිය. (නි)
මට වැදගත් අැමරිකාවේ මිනිස්සු මරණ එක නමේ ඔවුන් අපි රටට කරන අනිසි බලපෑම් ගැන කියන්න මම කොහොමත් පිටරට්ටුන්ට ගොටු අල්ලන්නේ නැහැ (බ)
මොහාන්, ඔබ ඇමරිකාව ගැන වැඩිය දන්නෙ නැති නිසයි ඒ. ඇමරිකාවේ හැමෝටම තුවක්කු මිලදී ගන්නට බැහැ. කවදාවත් අධිකරණයකින් අපරාධයකට වැරදිකරුවෙකු නොවූ, වැඩිහිටි පුද්ගලයින්ට ෆෙඩරල් රජයේ පසුබිම් පරීක්ෂාවකින් පසුවයි මිලදීගත හැක්කේ. ඇමරිකාවේ මිනීමැරුම් ප්‍රමාණය ජනගහණය සාපේක්ෂව ලංකාවටත් වඩා අඩුයි. (නි)