ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා දෙකක් පැසිපික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස කඩා වැටී ඇත්තේ ඇමෙරිකාවේ එයා වින්ග් 17 බල ඇණියට අයත් එෆ්.ඒ. 18 වර්ගයේ යානා දෙකකි.
පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ තිබූ යූ.එස්.එස්.කාර්ල් වින්සන් නමැති නෞකාවෙන් මේ යානා ගුවන්ගත වූ බව ද පවසයි.
ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ එක් නියමුවකු දිවි බේරාගෙන ඇති බවයි. යානා ගුවන්ගත වූ නෞකාවට ඔහු ගෙනවිත් දැන් ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවත් අනෙක් ගුවන් නියමුවා හා අනතුරට පත්වූ යානා දෙකෙහි කොටස් සොයා පරීක්ෂණ දියත්කැර ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට දැන් අපල කාලයක්ද කොහෙද ලබල තියෙන්නේ. (අ)
ඉසුරන්දි , ඇමරිකාවට අපල නෙමේ ඇමරිකාව නිසා මුළු ලෝකෙටම අපල කාලයක් දැන් ලබලා. ලෝකය පුරාම යුද්දය වපුරනවා , ත්රස්තයන් බිහි කරලා මුදල් දීල ආයුධ දීලා , පස්සේ ත්රස්තයන් ආපිට හැරිලා ගහනවා (නදී)
මේ අවස්තාවේ අපි ඇමෙරිකාවට සහය පල කල යුතුයි. (නදී)
අනුන්ට අටවන උගුලේ තමන් වැටෙන කාලය ලඟාවෙලා. (නදී)
කල කලදේ පල පලදේ . කවුරුන්හෝ අනුනට ගින්දර දුන්නොත් කවදාහෝ දිනයක ඒ ගිනිදලු ඔහුගේ පැත්තටත් හැරෙනවාලු, නේද ?(දී)
එකම ගුවන් තොටක යානා 11 අතුරුදන් වෙද්දී යානදෙකක් සුළු දෙයක්නේ (දී)
රජකම් කලත් කළකම් පල දෙනවා කියන්නේ නිකන් නෙවේ කියලා දැන්වත් ඇමරිකාවට තේරෙනවද මන්දා (නදී)