හිමිදිරියේ ඇමරිකාවේ නිව්ජර්සි නගරයේ සිට නිව්යෝක් නුවර බලා යාමට සිටි මගීන් පිරිසකි.ඔවුන් සියල්ල නොඉවසිල්ලෙන් බලා සිටියේ තමන් රැගෙන යාමට බසයක් පැමිණෙන තුරුය.ඈතින් බසයක් මතු වූයේ සියල්ලන්ගේම සිතට සැනැසුමක් ගෙන දෙමිනි.
පොරකමින් බසයට ගොඩවූ මගීන් තමන්ට රිසි තැන් වල වාඩි වී බලා සිටියේ රියැදුරා ගමන් අරඹන තුරුය.බස් රථයේ ශබ්ද විකාශනයෙන් මගීන් ඇමැතූ රියැදුරා ඔවුනට සුභ උදෑසනක් පතා බසයේ වායු සමනය ක්රියාත්මක කළා පමණි....
බසයේ මගී ආසන වලට ඉහළින් වූ වායුසමන විවර තුළින් එළියට ආවේ කැරපොත්තන් රෑනකි.ගණනින් සිය ගණන් වූ කැරපොත්තෝ, බස් රථයේ වහලයේ, ආසන ,මගීන්ගේ බඩු බාහිරාදිය ආදියේ එල්ලී සිටියා.මෙතෙක් නිසලව පැවැති බස්රියේ ඇතුළත යුද පිටියක ස්වරූපය ගත්තේ ඉන් පසුවය.කෑකෝගැසීම්,තර්ජන හා සාප කිරීම්
හමුවේ බස්රථයේ රියැදුරා මාර්ගය අයිනේ බස් රථය නැවැත්වීය.
ඇතුළුවූවාටත් වැඩි හදිස්සියකින් එක පොදියට බස්රථයෙන් බැසගත් මගීන් පිරිස බලධාරීන්ට දොස් තබමින් සිටිනාතුර සිය බළධාරීන් දැනුම්වත් කළ රියැදුරා තවත් බසයක් ගෙන්වාගැනීමට කටයුතු කළේය.මෙවර නම් මගීන් පිරිස කිසිදු ආකාරයේ ආපදාවකින් තොරව නිව්යෝක් නගරය බලා ගෙන යාමට රියැදුරා සමත්විය.
සිදුවීම පිළිඹදව මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අදාළ බස් සමාගම මේ පිළිඹද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා (දී)
ඇමරිකාව කියන්නේ පිරිසිදියි කියන රටක් නේද (දී)
මේහේ බස් වල නයි පොලොංගුත් යන එකේ ඕවත් දේවල්ද ?? (දී)
මේහේ බස් වල නයි පොලොංගුත් යන එකේ ඕවත් මොනවද? (නි)
මානව හිමිකම් එකට කියන්න (දී)
කැරපොත්තෝ නොවේ පරඟැටියෝ (අ)
කැරපොත්තෝ කියලා සුද්දන්ටත් කියනවා අපි නම්. (නි)
ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
ඇයි, අපේ බස්වලත් ඉන්නවනේ. දැකලා නැද්ද? (නි)
ආපෝ! ලංකාවේ වෙන දේවල් බලද්දී ඕක ඔච්චර දෙයක්ද? (නි)
ලංකාවේ පුරුදු ඇමෙරිකාවටත් පුරුදු කරන්න ද හදන්නේ? මම නම් හිතන්නේ නැහැ ඇමෙරිකානුවන් බස් වලට නගින්නේ පොරකාගෙන කියලා. පුළුවන් නම් අපිත් පුරුදු වෙමු පෝලිමට බස් වලට නගින්න. (නි)