ඇමෙරිකාවේ කොලරාඩෝ නගරයේ මැදි වියේ යුවළක් සැන්ඩවුන් සුරතල් බල්ලා සමග තම වාහනයෙන් කිලෝ මීටර් 150ක් ඈත මොන්ටානා ප්රාන්තයට ගියහ.
ඒ රාත්රී භෝජන සංග්රහයක් සඳහාය. අතරමගදී අවන්හලක් අසල රිය නවත්වා අඹු සැමියන් කෝපි බීමට ගියහ.
කාන්තාව රියදුරු අසුන යට තබා ගිය ඩොලර් සියයේ නෝට්ටු නෝට්ටු 5ක් (රුපියල් 72000) බල්ලා විසින් සපා කා ගිල දමා තිබිණි.
වාහනයේ විසිරී තිබූ ඩොලර් කෑලි කිහිපයක් හමුවිය. භෝජන සංග්රහයෙන් පසු ගෙදර ආ ඔවුහු දින තුනක් මුළුල්ලේ බල්ලාගේ මළ එකතු කැර ඩොලර් නෝට්ටු කෑලි එකතු කළේය.
ඒ කෑලි අලවා කොලොරාඩෝ රාජ්ය භාණ්ඩාගාරයට ඉදිරිපත් කොට ඩොලර් 500ක් (රුපියල් 72000) ඔවුහු ලබාගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලොත් නොකන සල්ලි කියන කතාව බොරු වෙනවා (නි)
දම්මී, ඔයාගේ ඇඟේ සෙම්,සොටු,ජරාව නැතුව සෙන්ට්, පව්ඩර් වෙන්න ඇති නේද තියෙනවා ඇත්තේ? (නි)
දම්මි නමේ හැටියට නොවෙයි ඔබගේ අදහස්. කාන්තාවක් වෙලත් තවත් කාන්තාවකට අපහාස නොවන විදිහට අදහස් දක්වන්න පුරුදු වෙන්න. (නි)
මම නම් මගේ බල්ලාගේ කැතකුණු අතගාන කිසිම අප්පිරියාවක් නැහැ. (හේ)
සුනඛ මළ වල විෂබීජ තිබෙන නිසා අතින්ඇල්ලීම අනුමත කල නොහැක. රාගය, මෝහයට කුමක් කල නොහැකිද? (ර)
නලීන් ,යමෙක් නොදැනුවත්ව යමක් කීවානම් එය වටහා දීමයි නුවණැත්තන් කරන කාරිය. ඔයාලා වාගේ නුවණැති මහා ඇදුරන් බලාගෙන ඉන්නේම අදහසක් අල්ලාගෙන ගරහන්නටමනේ. (ර)
ඒ සතාට කන්න දෙන්නෙත් නැතුව ඇති. (ර)
ඉනෝකාගේ මොලේ තමයි මොලේ. අයින්ස්ටයින් පරාදයි. (ර)
කතාව මම පිළිගන්නේ නෑ (බ)
එහෙම බලනකොට ලංකාවේ බල්ලෝ කෑවේ ජාතික ධනයද? (අ)
ඉනෝකා ඔහොම කතාකළාට ඔයාගෙ ඇඟේ තියෙන්නෙත් මීටත් අන්ත සෙම් සොටු, මළ මූත්ර දහ ජරාව නේද? (නි)
සල්ලි..! සල්ලි! කොහේ තිබුනහම මොකද ? අත්වැසුම් පැළඳ ගත්තාම, මුකවාඩමක් දාගත්තාම ඕවා මහා කජ්ජක් නොවෙයි. (නි)
පවු අහිංසක බල්ලා බඩගින්නට කන්න ඇති (නි)
සමහර මුදල් නෝට්ටු අතින් ඇල්ලුවාම අත කසන ගතියක් තිබෙනවා නේද? මුදල් නෝට්ටු පරිහරණයෙන් පසුව අත් සෝදා ගැනීම ඇඟට ගුණයි. ළමා ළපටින්ටත් මේවා පුරුදු කරන එක වැඩිහිටි සැමගේ යුතුකමක්. (නි)
පසුගිය රජයෙන් ඩොලේර් බිලියන ගනම් අපේ රටේ කෑවේ මේ රජය බලන් ඉන්නේ ඒවා වමාරනකන් කළු සල්ලි සුදු කරන්න නමුත් තවම නැහැ. කෙසේ නමුත් ඇමරිකාව දැන් කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ ආර්ථික බේල හීනතාවය ජනතාවට දැන් හොදට වැදිලා තියෙන්නේ අනිත් රටවලට පංපොරි ගැහුවට.(රේ)
ඔය භාණ්ඩාගාරෙට භාර දුන්නේ ලංකාවේ අපි අබලි මුදල් නෝට්ටු බැංකු ගිණුමකට දාන්න බැංකුවට දෙනවා වගේ වැඩකට. මේ නෝට්ටු වෙනුවට අලුතින් නෝට්ටු නිකුත් කරනවා.(අ)
බඩගිනි උහුලන්න බැරිව බල්ලාකන්න ඇති. බල්ලාව එක්ක ගොහින් මුකුත් කන්න අරන් නොදුන්නාට හොඳ වැඩේ කියලයි කියන්න තියෙන්නේ. (බ)
කොහොම එකතු කළාද මේ ඩොලර් නෝට්ටු කෑලි ටික...?මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා.අලවපු එව්වා සමාජ ගත වුනාම කීදෙනෙකුගේ අතින් අතට යනවාද...?කොහොම කොහොම හරි අප්පිරියාවෙන් හෝ වැඩේ කරගෙන.අපිට නම් ඔය වැඩේ කරන්න පුලුවන්ද....? (බ)