පහුගිය සිකුරාදා ඇමෙරිකාව විසින් ලිබියාවේ අයි එස් කදවුරකට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් සර්බියානු තානාපති කාර්යාලයයේ දෙදෙනෙකු මිය ගිය බව සර්බියා නිලධාරීන් ප්‍රකාශ කළැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහුගිය නොවැම්බරයේ සිට ප්‍රාණ ඇපකරුවන් ලෙස අයි එස් සටන්කාමීන් භාරයේ සිටි සර්බියා සන්නිවේදන නිලධාරී ස්ලඩ්ජානා ස්ටන්කොවික් සහ තානාපති කාර්යාලයයේ රියදුරෙකු වූ ජෝවිකා ස්ටෝවික් මෙලෙස මිය ගොස් ඇති බව එරට අගමැති ඇලෙක්සන්ඩර් වුවික් ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු එෆ්-15ඊ යානය සිකුරාදා එම අයි එස් කදවුරට ප්‍රහාර එල්ල කළේය. ඉන් 40කට ආසන්න ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත්, ගිය වසරේ ටියුනිසියාවේ ප්‍රහාරයට වග කිව යුතු ප්රහාරකයන්ද ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කරයි.
සර්බියානු විදේශ ඇමති ඇමෙරිකාව සහ ලිබියාව වෙත ඇගිල්ල දිගු කරන බව සදහන්ය.
ලිබියාව සහ ඇමෙරිකාව යන රටවල් ද්විත්වයෙන්ම මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බවට දැනුවත්වීමක් නොකළ බව ඔහු සදහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ යුධ අපරාද හොයන අය? (ර)
මේ කරන යුද්ධේයි ලංකාවේ පැවිති එකයි අතර වෙනස මොකක්ද? මානව හිමිකම ගැන පර්ස්නයක් ඇදිලා නොයන්න. (ර)
ඇමරිකාව ඔය රටවල් ඔක්කොම අවුල් කරා ගඩාපි ලිබියාව හොදින් පාලනය කරා ඇමරිකාව සහ යුරෝපය එකතුවෙලා රටවල් විනාස කරා. (ර)
ගඩාපි ලිබියාව කෑවා. ඇමෙරිකාව ඉතුරුටික කනවා. හැබැයි, මානව හිමිකම් අය නිදි. (නි)
නිමල් දන්නා දෙයක් කතාකරන්න.. ගඩාෆි කියන්නේ ලංකාවේ හිටපු ආණ්ඩුවටත් වඩා සිය ගුණයක් දරුණු ඒකාධිපතියෙක්.. ඔහුව මැරුවේ ඔහුගේ වැසියොමයි.. ඇමරිකාව හා යුරෝපය ඔවුන්ට උදව් කළා.. නැතිනම් ඔවුන් ගඩාෆි අතින් සමුහ ඝාතනය වෙන්න ඉඩ තිබුනා. දැන් වෙලා තියෙන්නේ විවිධ ගෝත්‍ර රටේ පාලන බලය වෙනුවෙන් සටන් කිරීම.. එක ඇමරිකාවේ වරදක් නොවේ (අ)
මේක යුධ අපරාදයක් නොවේ.. යුධ අපරාධයක් යනු සිතාමතා කල ඝාතනයක් (අ)
නාමල්, ඔයාත් දන්නැති දේවල් කතා කරන්නට එපා. ගඩාෆි තරම් තමන්ගේ මිනිස්සුන්ට සලකපු රටේ නායකයෙක් නැහැ. සල්ලිවලට රටේ නායකයන් පාවාදීම හැම රටකම ඉන්නවා.මම ලිබියාවේ අවුරුදු තුනක් සේවය කළා. මම හොඳටම දන්නවා ගඩාෆි ඒ මිනිස්සුන්ට කරලා තියන තරම්.(බ)