ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය පොප් ගායකයකු වූ ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් අද (22) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මිය යන විට 57 වැනි වියේ පසුවූ ප්‍රින්ස් බටහිර පොප් සංගීත ලොව විප්ලවකාරී කුමරු ලෙස ප්‍රසිද්ධව සිටියේය. ප්‍රින්ස් සිය නිවසේදී මිය ගොස් සිටි අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පසුගියදා පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර ඔහු අසනීපයට ලක්ව වෛද්‍ය උපදෙස් මත නිවසේ විවේක ගනිමින් සිටියේය.
රොක්, ජෑස්, ෆන්ක් ඇතුළු සංගීත ශෛලීන් රැසක් ප්‍රින්ස්ගේ නිර්මාණ ගොන්නට අයත් විය. ගීත රචකයකු හා සංගීතඥයකු ලෙසද ඔහු විශිෂ්ට දස්කම් පෑවේය. සංගීත කලාව වෙනුවෙන් කළ මෙහෙයට 1984 දී ඔහුට ඔස්කාර් සම්මානයද හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ සින්දු අහලා බලන්න. පුදුමාකාර මධුර කටහඬක් ඔහුට තියෙන්නේ. (නි)
ඔව් කරුණාජීව, මොහුගේ මධුර කටහඬ අපේ ප්‍රවීණ ගායකයෙකුගේ හඬට සමානයි (නි)
80 දශකයේ අප සතුටට පත්කළ ඔහු අපි විසින් ඉතාම අගය කරන ඇමරිකානු ගායන තරුවක්. අප ඔහුට නිවන් සුව පතමු! (නි)