ඇපල් සමාගමේ නවතම නිමැවුම වන අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට කළිසම් සාක්කු වල ගමන අකැප වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
නව ජංගම දුරකථනය එළිදැක්වූ විගසම එය මිලදී ගත් බොහෝ දෙනා දැන් පැමිණිලි කරමින් සිටින්නේ කුඩා පීඩනයක් යෙදීමෙන් පවා දුරකථනයේ රාමුව නැවිය හැකි බවයි.
එනම් අයිපෝනය සාක්කුවේ දමාගෙන ගමනේ යෙදීම, ආසනයක හිද ගැනීම පවා පෝනයේ රාමුවේ හැඩය වෙනස් කිරීමට සෑහෙන බව ඔවුහු කියති. ඔවුන් මේ සදහා සාක්ෂිද ඉදිරිපත් කැර ඇත.
එම සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඡායාරූපයන්ගේ දැක්වෙන ආකාරයට දුරකථනයේ පසුපස ඉහළ ප්‍රදේශය පසුපසට නැවී ගොස් තිබේ.මෙම ඇබැද්දියට මුහුණදී ඇති පරිශීලකයින් පවසන ආකාරයට තවදුරටත් රාමුව නැමුනේ නම් දුරකථනයේ තිරයටද හානි පැමිණේ.
විශේෂඥයින් පවසන්නේ ඇපල් සමාගම මේ නව අයිපෝනයේ නිපදවීමට ඉතා මෘදු ලෝහයක් වන ඇලූමිනියම් පමණක් භාවිතා කර තිබීමත් රාමුව ඉතා තුනී වීමත් මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන බවයි.
අඟල් 5.5 ක විසල් තිරයකින් යුතු වුවද රාමුව ඉතා තුනී යැයි අයිපෝන් 6 ප්ලස් එළිදැක්වීමට පෙර සිටම ඇපල් සමාගම එය ගැන වර්ණනා කරමින් සිටියේය.
දැන් එම වර්ණනාම ඔවුන්ට පාරාවළල්ලක්ව ඇති බව පෙනේ.
කෙසේනමුත් සාක්කුවේ දමාගෙන යෑමේදී රාමුවේ හැඩය වෙනස්වෙතැයි චෝදනා නැගුණු පළමු දුරකථනය නව අයිපෝනය පමණක් නොවේ. සැම්සුන්ග් සමාගමේ ගැලැක්සි එස් 5 ජංගම දුරකථනයටද, සෝනි සමාගමේ එසෙඞ් 1 ජංගම දුරකථනයටද මේ හා සමානම චෝදනා නැගී ඇත.
මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් ඇපල් සමාගම නිකුත් කර නොමැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇපල් වැඩක් නැහැ (නදී)
ඒ උනාට ගැලෙක්සි එස් 5 ගොඩක් හොදයි (නදී)
දැන් ඔයගොල්ලෝ ඉල්ලන්නේ කොන්ක්‍රීට් වලින් හදපු එකක්ද? (නි)
අපේ මිනිස්සු හරිම මෝඩයි.මේ ලියන ඒවා දැක්කම ලැජ්ජයි (නි)
කොන්ක්‍රීට් වගේ හොඳ ශක්තිමත් ෆෝන් කේස් තියෙනවා. අරගෙන දා ගන්නකො මැසිවිලි නගන්නේ නැතුව. ඇපල් සමාගම කොයි තරම් මහන්සි වෙන්න ඇද්ද ඔය ෆෝන් එක හදන්න. (නදී)
නෝට් 3 තමයි දැනට හොඳ එකකට තියෙන්නේ. නෝට් 4 වලට නම් හොඳ ඉල්ලුමක් තියෙයි (නි)
මොකක් හරි මේකට කරන්න වෙයි නේද? (ස)
ඒකට කමක් නැහැ. ඕවා ගණන් ගන්න එපා (නි)
මම නම් ඔය ගිනි ගණන් දීලා ෆෝන් ගන්නේ නැහැ (දී)
මට තියෙනේ ඇපල් ෆෝන් එකක් එත් ලෙඩ මොකුත් නැහැ (දී)
අයි ෆෝන් එකක් ගන්න පුලුවන්නම් මමත් වැද්දේක් වැඩ්ඩෙක් (දී)
ලකී අයියේ, මමත් ඇපල් වලට ආසම නැහැ. වරකා තමයි මම කැමතිම පලතුර. (නදී)
මම ගන්නේ නැත්තේ එකනේ ඇපල් තිත්තයි... (දී)
මම නම් මේ කෝකටත් හරිම ප්‍රියමනාපයි. (නි)
එහෙම තමයි හැමදේම සර්වසම්පුර්ණ නැහැ. අලුත් දෙයක අඩුපාඩු තියෙන්න පුළුවන් (නි)
මම ඇපල් ෆෝන් විතරයි පාවිච්චි කරන්නේ (දී)
මම මේ ෆෝන් එකක් ගන්න හිටියේ හොඳ වෙලාවට මම ගත්තේ නැත්තේ මම බේරුනා.(අ)
මම අාස රතු පාට ඇපල් වලට රතු පාට ෆෝන් තාම අාවේ නෑ නේද (අ)
අයි ෆෝන් එකේ ලෙඩක්? ඉතින් මට ගානක්වත් නැනේ ....(දී)
පඩිය පමාවුණ එක හොඳට ගියා. (අ)
මම ගන්න ගියේ ඒත් මට හිතුනා එපා කියලා (දී)
කිසිම දේකට හදිස්සි වෙන්න නරකයි.ටිකක් කල් අරගෙන, බලා ගෙන ඉන්න ඕනේ. (දී)
අපරාදේ මගේ අයි 6 එකත් දෙකට නැමුනා අපරාදේ හදිස්සි වෙලා ගත්තේ. (දී)
මම ගත්තා. අයියෝ අහුවුනා (දී)
අපරාදෙ මගෙ සල්ලි.(අ)
වෙලාවට මම ගන්න යනකොට මේක කීවේ , . ගත්තානම් මම ඉවරයි නේ. . . .(අ)
අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි (දී)
නැවත සකස් කරන්න නැතිනම් මිනිස්සු කලකිරෙනවා (දී)
ඉතින් ඕක කලිසම් සාක්කුවේ නොදමා ගියාම ඉවරයි , දැනට ගත් කට්ටියට තිබෙන එකම විකල්පය , මම නම් ඇපල් වලට ආසම නැහැ , මිදී තමා ආසම පස්සේ කේජු(අ)
මම හොද වෙලාවට ගත්තේ නැත්තේ (දී)
දැක්ක ගමන්හිත වැටෙන ඒවා ඔහොම තමයි.(අ)
බ්ලැක්බෙරි ගත්තනම් හරි.(අ)
ඇපල් කුණු වෙනවනේ යාලු (දී)
අනේ මම ඔව්ව ගැන දන්නේ නැහැ මං ගාව තියෙන්නේ නොකියා 1100 එකක් ගලේ ගැහුවත් මොකුත් වෙන්නේ නැහැ.(අ)
අපෝ මේක බොරු චෝදනවක්නේ මේකට කියන්නේ නම්‍යශීලි කියල මේකත් මේ අයිපෝන් 6 ප්ලස් ජංගම දුරකථනයට එකතුකරලා තියෙන පහසුකමක් දුරකථනය සාක්කුවේ දමාගෙන වාඩිවෙන්න පහසුවෙන්න (දී)
යකඩ කෑලිනේ පුදුම වෙන්න දෙයක් නැහැ (දී)
අපෝ මමනම් ගන්නේ නැහැ (දී)
ඒකත් ඉවරයි එහෙනම් (අ)