කර්නාටක මහාධිකරණය තමිල්නඩු හිටපු මහඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේය.
ජයලලිතා (66) පසවනුයේ තමාට එරෙහි චෝදනා දේශපාලන චේදනාවෙන් කළ බවයි.
ඇප අයැදුම ඉවත දමමින් මහාධිකරණය පැවසුවේ දූෂණ නඩු කඩිනමින් විසඳා අවසන් කළ යුතු බවට ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි පණිවුඩයක් දී ඇති බවයි.
නඩු තීන්දුව ඇසීමට ජයලලිතාගේ හිතවත්හු කර්ණාටක මහාධිකරණය අසලට පැමිණ සිටියහ.
ජයලලිතා දැනටම බැංගලෝර් සිරගෙදරක ප්‍රභූ මැදිරියක (අඩි 12*8) රඳවනු ලැබ සිටින්නීය.
එම බිත්තියට යාබද වැසිකිළියක් ද ඇත. ඇයට ඇඳක් ද දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දමිළ චිත්‍රපටියක් මතක් වුණා (නි)
එහෙම නැති එක හොඳයි. නැත්නම් ඩොලර් බිලියන ගානක් වියදම් කරලා හිරගෙවල් හදයි (නි)
උපාලි. මෙච්චර මේ දරුණු අපරාධ හොරකම් මිනි මැරුම්, ජඩකම්, අලුකුත්තේරුකම්, දූෂණ කෙරෙන අමන රටටද පුණ්‍ය භූමියක් කියලා කියන්නේ? (අ)
මේ නඩුව තමිල්නාදුවේම ඇහුවනම් ජයලලිතා අදත් නිවරදිකාරයෙක්. (හේ)
සිනමාවට ආවේ සුදු සළුවක් අරගෙන.රඟපානකොට සුදු සළුව රතු කරගත්තා. මහ ඇමතිනිය වී රතු සළුව මඩපාට කරගත්තා (නි)
නුවනින් මද සමහර ජනතාව රූපයට හා ප්‍රසිද්දියට ඡන්දය දෙති. මෙය ලොව බොහෝ රටවල පුරුද්දකි. කැලිෆෝනියා ප්‍රාන්තයේ අර්නෝල්ඩ් ව දිනෙව්වා. පිලිපීනයේ බොක්සින් ක්‍රීඩක මනි පක්යව් පත්කරගත්තා. රොනල්ඩ් රේගන් ජනාදිපති කරගත්තා. (නදී)
මෙයා ලංකාවෙන් ගිය පුංචි ළමයින්ටත් හිරිහැර කෙරෙව්වා. පිල්ලේ ලට එව්වට කතා නෑ. (නදී)
ජයලලිතා වෙනුවෙන් දිවි පිදුවා කියල අහිංසක වැඩිමල් මිනිසුන්ව ගිනි තියල මැරුවා මොන තරම් අපරාධද? (නදී)
ජාතීන් සහ ආගම් අතර වෛරය වපුරන, හොරකම් කරන අපේ රටේ දේශපාලු කට්ටියට මෙහෙම දඬුවම් ලැබෙන්නේ කවදාද අනේ! (නි)
පාලක සහ ජනතාවගෙන් සමහරුන් වැරදි කළාට අපේ රට බුදුන් වැඩි පුණ්‍ය භූමියයි. මෙය ජය ලලිතා ට පමණක් නොවේ අපිට අංචි අදින අනිත් බලවත් රටවල අයටත්, මෙහි ඉපදිලත් උපන් බිමට ගරහන මුදලට පවා දී ද්‍රෝහිකම කරන කාටකාටත් වෙන දෙය ඉදිරියේදී බලා ගන්න පුළුවන් වේවි. (නදී)
දමිළයෝ රවටා ගෙන කාපු ජය ලලිතාට මොකද වුනේ. දැන් සම්බන්දන්ලට කට උත්තර නැහැ. මොවුන් හිරේට යවන විදියක් නැද්ද ? අප ජාතින් දෙක කොටවන මේ අයව හිරගෙට යවන්න ඕනේ (නදී)
අනේ ඉතින්! අපේ රටේත් සාධාරණව හිතුවොත් නම් කී දෙනෙක් ඔය විදියට හිර කූඩුවේ ලගිනවද? (නි)
අනේ පවු ජයලලිතා! (නි)
මෙයා ලෝකය වටේම ඉන්න දෙමල ජනතාවගේ හිත වල ලංකාව ගැන වෛරයක් ඇති කළා. රජකම් කළත් කළකම් පළ දෙනවා කියන්නේ මේකටයි. (නි)
හොඳ වැඩේ මමනම් කියන්නේ, හොඳම වැඩේ. අර ගලපු ගංගා ඒ දවස් වල...මම දෙවියන්ට කිවුවා ගලාපන් දෙවියනේ ජයලලිතාගේ ගෙදර පිටින්ම මුහුදට ගලාගෙන යන්න කියලා..! දැන්නම් මට ගොඩාක් සතුටුයි. (නි)
මෙයා තරුණ කාලේ නිළියෙක් වෙන්න කලින් නම් ඔය වගේ පුංචි කාමර වල ඉඳල හොඳට පුරුදුයි ... ඒ හින්ද අතීතය මතක් කර කර ඉන්න පුළුවන් වෙයි ..හැබයි දැන් නම් පුංචි කාමරේට වෙලා ඉන්න වෙන්නේ තනියම තමයි ...(අ)
කාට කාටත් මේවා පාඩම් මලේ.(අ)
හිරගෙදර වුණත් තමිල්නාඩුවේ වැසියන්ට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැති වැසිකිළියක් එක්කම කාමරයක් ලැබුන එකම මදිද. (නි)
තරුණ කාලයේ අති දක්ෂ නිළියක් වශයෙන් ඉඳලා ,කසාද නොබැඳ, දේශපාලනය කළත්,අධික තණ්හාවෙන් අයථා ලෙස හරිහම්බ කිරීමට ලැබූ දඬුවමට අපි මොනවා කරන්නද? (නි)
අපේ රටේ ඒකට? ඉන්දියාවේ නම් එයාලා හිරේ යවනවා. (නි)
වෙනමම ඇඳක් සහ වැසිකිළියක් දීපු එකම මදෑ, හොරකම් කරපු තරමට.... (නි)