ජැක්සන් ඇන්තනි අධ්යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ "ඇඩ්රස් නෑ" චිත්රපටයේ විශේෂ දර්ශනයක් ලබන 28 වැනි ඉරිදා දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාහලේ දී තිරගත කිරීම සඳහා සුදානම් කර ඇත.
ලන්ඩනයේ විවිධ ශ්රී ලාංකික කලා සහ සංස්කෘතික වැඩ කටයුතු සංවිධානය කිරීමේදී පෙරමුණ ගෙන ක්රියා කරන " අපේකම" කණ්ඩායම එය ඉදිරිපත් කරයි.
ප්රධාන චරිතය රඟන කමල් අද්දරආරච්චි ද සහභාගී වීමට නියමිතය.
"ලාංකීය සමාජයේ තවත් එක් පැතිකඩක සිනමාරූපී විවරණය, 'ඇඩ්රස් නෑ' සිනමා කෘතිය ලන්ඩනයේ දී ඔබට නරඹන්නට ලැබෙන මෙම අවස්ථාව මඟ නොහරින ලෙස" අපේකම සංවිධානයේ මහේෂි කෝකිලා කියන්නීය.
කමල් අද්දරආරච්චි සමඟ පියුශාන් පෙරේරා සහභාගී වන "පුන්සඳ රෑ" නම්වූ ගීත ප්රසංගයක් ද සංවිධානය කර ඇත. එය පැවැත්වෙන්නේ මාර්තු 5 වැනි සෙනසුරාදා සවස 7 සිට පැවැත්වීමට නියමිතය. පියුෂන් ඔහුගේ පියාවූ ජේ.ඒ.මිල්ටන් පෙරේරා විසින් ගායනා කැරුණු ගීත රැසක්ම එදින ගායනා කිරීමට යයි.

![Adres_Na2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/Adres_Na21.jpg)
![ADRESS_NA[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/ADRESS_NA1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දැන් ජැක්සන්ට ඇඩ්රස් නැහැ තමයි.(හේ)
මේක බලන අයගේද නැත්නම් හදපු කෙනාගේද ඇඩ්රස් නැත්තේ?(හේ)
මිනිස්සු සල්ලි හම්බ කරන්න කරන දේවල්?(බ)
මමත් මේක බැලුවා. (ර)