හෙට දින ලොව එළිය දැකීමට සිටින ළදරුවා අධිශීතකරණයේ තබා රැකියාවට යෑමට බටහිර කාන්තාවෝ හුරුවෙමින් සිටිති.
වෛද්‍ය විද්‍යාවේ තවත් පිම්මක් වන මෙය හැදින්වෙන්නේ ‘‘බිත්තර අයිස් කිරීම‘‘ ලෙසය.
මෙහිදී ළදරු කළලය විශේෂයෙන් සකස් කරන ලද අධිශීතකරණයක තබා සංරක්ෂණය කිරීම සිදුවේ.පසුව එහි හිමිකාරිනිය දැන් දරුවෙකු ලැබීමට කාලය හරියැයි තීරණය කළායින් පසුව කළළය අධිශීත තත්ත්වයෙන් මුදවා එය නැවත ඇයගේ ගර්භාෂයේ තැන්පත් කෙරේ.
අතීතයේදී කාන්තාවට නියම වී තිබූ තම රැකියාවට ආයුබෝවන් කියා නිවෙසට වී දරුමල්ලන් රැක බලා ගැනීම වෙනුවට දැන් මාතෘත්වයේ උත්තරීතරත්වයද දරාගෙන ඔවුගේ රැකියාවන්ගේ ඉහළම තල වලට යාමටත් මෙයින් වර්තමාන කාන්තාවට අවස්ථාව ලැබී ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
තවද දරුමල්ලන් ලැබීමෙන් පසුවද රැකියාවේ නිරතවීමට තීරණය කරන කාන්තාවන් නිසා බොහෝ අවස්ථාවලදී අයාලයේ යන පවුල් මේ ක්‍රමය නිසාවෙන් සුරැකෙනු ඇතැයිද ඔවුහු කියති.
රැකියාවේ නිරත වීමට තවදුරටත් අවශ්‍ය නොවූ විට විශ්‍රාම ගෙන නිදහසේ දරුසුරතල් බැලිය හැකි හෙයින් බටහිර කාන්තාවන් බොහෝ දෙනා දැන් ගබ්සා කර ගැනීම් වල නොයෙදී තම කළළ අධීශීත කර තබා ගැනීමට නැඹුරු වී ඇති ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ.
මෙම තත්ත්වය තමන්ගේ වාසියට යොදාගනිමින් බොහෝ මහා පරිමාන සමාගම්ද කළළ අධිශීත කර තබා ගැනීම සදහා අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරමින් සිටී.
මෑතකදී ෆේස්බුක් සමාගමද එය යටතේ සේවය කරන කාන්තාවන්ට කළළ අධිශීත කර තබා ගැනීම සඳහා අමතර මුදල් ගෙවීම ආරම්භ කළේය.
ඇපල් සමාගමද නුදුරේදීම එහි සේවය කරන්නියන්ටත් මෙසේ කළළ අධිශීත කර ලබා ගැනීමට අමතර මුදල් ගෙවීමට සිටින බව නිවේදනය කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තාක්ෂණය සමහරු වරදවා තේරුම් අරගෙන. මෙම තාක්ෂණය නිසා මඳ සරුභාවයෙන් පෙළෙන බොහොම යුවලවල් වලට දරු සුරතල් බලන්න අවස්ථා ලැබිලා තිබෙනවා. එහෙම ලැබෙන දරුවන් ඔවුන් බලාගන්නේ රජ පැටවූ වගේ. මගේ මිතුරෙකුට නිවුන් දරුවන් ලැබුනා. අවුරුදු 8 ක් දරුවන් නැතුව කණස්සල්ලෙන් සිටියාට පසු. දැන් මේ තාක්ෂණය ඔස්සේ ලැබුන ඔවුන්ගේ දරුවන්ට තිබෙන සැප! (නි)
ගෑණුන්ට අම්ම කෙනෙක් වෙන එකේ වටිනාකමක් නැහැ. ලංකාවේ අම්මන්ඩිලත් පුරුදු වුණොත් අඹ සරණයි. (අ)
යසන්ගගේ කතාව හරි ඔය විදියට අර "මාතෘ සෙනෙහස " දාරක ස්නේහය "කියන පද අවලංගු වෙනවා තමයි නමුත් ලෝකේ යන්නේ දැන් යසංග ඒ පැත්තට නම් අපි මොනවා කරන්නද ? අනික මේක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ සාමාන්‍ය විදියට දරුවන් නොලැබෙන අය ඒ අයට කොහොම හරි දරුවෙක් ලැබෙන නිසා ඕක ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නදී)
පියුමි ඔබ හරි මට එතැනදී පොඩි වැරද්දක් උනා එම්බ්රියෝ ෆ්රීසින්ග් එහෙමත් නැත්නම් "කළල අදිශීතකරණය " කියල දෙයක් තියනවා තමයි (නදී)
බඩේ ඉන්නකොට අම්මා එක්ක කොච්චර ලෙන්ගතු බැඳීමක් දරුවා ඇති කරගන්නවාද? අම්මාටත් හැම තත්පරයම දරුවාව දැනෙනවා. ඔය වැඩෙන් ඒ සුන්දර බැඳීම පිරිහෙනවා. (නි)
ජයත් කළල පවා දැන් කල් තබා ගන්නවා. මේ තාක්ෂනය ඕස්ට්‍රේලියාවේ හරිම දියුණුයි. එයට කියන්නේ එම්බ්රියෝ ෆ්රීසින්ග් කියලා. මද සරු භාවය සඳහා අයි වී එෆ් ප්‍රතිකාර වලදී මෙය බහුලව භාවිතා කරනවා. (අ)
අනේ මෙහෙමත් ලෝකයක්.(හේ)
මෙතන පොඩි ගැටළුවක් තියනව තමයි මෙහෙම තියාගන්නේ ඩිම්බ හරි ශුක්‍රානු හරි ඔය දෙක සංසේචනය උනාට පස්සේ හැදෙන "යුක්තානුව " එහෙම තිය ගන්න බැහැ එක සීග්‍රයෙන් බෙදිලා කලලයක් බවට පත්වෙනවා මේකට කියන්නේ "කළල විකසනය " කියල . (හේ)
ඉබෝලා වෛරසයත් නවීන තාක්ෂණයක් තමයි. (ස)
මේ තාක්ෂණය ගොඩක් හොඳ එකක්. මම දැකලා තියෙනවා දරුවෝ නැතිව දුක් විදින මිනිස්සු. බයවෙන්න දෙයක් නැහැ බොහොම වගකීමෙන් මේ කලල තැන්පත් කරන්නේ (නදී)
මේවා බලලා පණ්ඩිතකම් කියන්න සිංහලයා හරි දක්ෂයි. (ස)
මඳ සරුභාවය ලංකාවෙත් විවාහක සමාජයේ වැඩි වශයෙන් අද තිබෙනවා. එහෙම උදවිය මෙවැනි ප්‍රතිකාර මඟින් හෝ දරුවෙකු ලබාගන්න එකේ වැරැද්දක් නැහැ. නැති කෙනාටනෙ ඒකෙ වේදනාව දැනෙන්නේ. පිටින් මේ ප්රශ්නය දිහා බලන කෙනාට හෝ දරුවන් ඇති අයට ඒ ගැන වැටහීමක් නැහැ. (නි)
දරුවන් නැති උදවියගේ මානසික පීඩාව මම දැකල තියෙනවා. මගේ ඥාති යුවලක් ඉන්නවා. ඒ නිසා නවීන තාක්ෂණයෙන් හරි තමන්ගේ යහපත් පැතුම් ඉටුකරගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. (නි)
අනාගතයේ දරුවන් බලාපොරත්තුවෙන තරුණියන් අඩු වශයෙන් වයස 30 වෙනකොටවත් ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න උනන්දු වෙනවා නම් හොඳයි. ඉන්පසු නවීන විද්‍යාවේ පිහිටෙන්වත් දරුවෙක් ලබාගන්න බැරි අවස්ථා බහුලයි. වයස්ගත වෙන්න සමහරුන්ට ගර්භාෂයේ නොයෙක් ආබාධ හැදෙනවා. ඊළඟට ඔය තැන්පත් කරන කළල පිහිටන්නේ නැති අවස්ථා බොහොමයි. (නි)
අපේ ළමා තැනිත් කැමතියි මේ වැඩේට. එ්ත් බියක් දැනෙනවාලු විදුලිය පැය ගණන් විසන්ධි කරන නිසා. ජෙනරේටර් බැහැ ඉන්දන ගණන්. එම නිසා බටහිර රටකට යන්නයි අදහස. (නදී)
මෙයයි නවීන තාක්ෂණයේ දියුණුව (නි)
මේකේ ප්‍රතිපලය වෙන්නේ අස්වාභාවික මිනිසුන් බිහිවීම නැත්තම් මව් සෙනහස නැති දරුණු මිනුසුන් බිහි කිරීමයි (නදී)
අනවශ්‍ය නම් අලෙවි කරන්නත් පුළුවන් ! මාරු කරන්නත් පුළුවන් ! රාජ යෝගයක් බලල කේන්දරයක් හදාගන්නත් පුළුවන් ! (නදී)
තමන්ට ඕන වෙලාවට බබාල හදන්න බැහැ. නිසි වයසේදී විතරයි සාර්ථක වෙන්නේ.(හේ)
මෙයින් කියවෙන්නේ කාන්තාවන්ගේ ඩිම්බ ගැනයි. කලලයක් කියන්නේ සංසේචනය වූ දෙයක්. කාන්තාවන් වයස්ගත වූ විට විශේෂයෙන් වයස 30 න පසුව ඔවුනගේ ඩිම්බ වල ගුණාත්මක භාවය පහල යනවා. වයස 35 න පසු සීග්‍රයෙන් පහල වැටෙනවා. මේ නිසා සාමාන්‍ය තත්ව යටතේ දරුවෙකු ලබා ගැනීම් හැකියාව වැඩි වයස කාන්තාවන්ට අහිමි වෙනවා. අද බොහෝ දරුවන් බලා පොරොත්තු වන විවාහක කාන්තාවන්ට මද සරු භාවය පිලිබඳ ප්‍රශ්න එන්නේ මේ නිසා. නමුත් තරුණ විදීම ඩිම්බ ගබඩා කර තැබීමෙන් අධ්‍යාපනය සහ රැකියාව නිසා තරුණ විය පසු වූ කාන්තාවන්ට සහනයක් සැලසෙනවා. (හේ)
මිනිසත් බව ලබන්න කොච්චර පින් කරන්න ඕනෙද? මෙහෙම ලබා ගත්ත ජීවිතයක් මේ විදිහට සරල කරන්නේ කොහොමද අපිට අපි වෙනුවෙන් අර්ථකතනයක් දෙන්න පුළුවන් වේවිද. ස්වභාවිකව හැදෙන දේයි කෘතීමව හැදෙන දේයි ගැන වෙනස හදුනා ගන්න බැරි අන්දයින්ද මේ සොයා ගැනීම් කරන්නේ. (ස)
සහතික ඇත්ත ගයාන් ගේ අදහසට මමත් එකඟයි. (ස)
හස්බන්ඩ්වත් ෆ්‍රිජ් එකේ දාල යන්න පුරුදු වේවිද? (හේ)
මේ හැම දේකින්ම මනුස්සකම පිරිහෙනවා විතරයි.(හේ)
මෙම ලිපිය ඩිම්බ අඩු උෂ්ණත්වයක තබා සුදුසු කාලයක ඒවා ගෙන සංසේචනය කිර්‍රමක් ගැන කියවෙන්නක් විය යුතු යැයි සිතනවා, එවන් දෙයක් බටහිර මාධ්‍යවලින් කියවූ බැවින්. ෆේස්බුක් සහ ඇපල් සමාගම් තම සේවිකාවන්ට එහි වියදම ලබාදීමට සූදානම් බව වාර්තා වුණා. කළලයක් හා ඩිම්බයක් අතර වෙනස අපේ උගත් පාඨකයින් වටහා ගනු ඇතැයි සිතනවා. (හේ)
මෙහෙමත් කාලයක්.(හේ)
තව ටික කාලයකින් කෘතීමව සකස් කරපු ගර්භාෂයක් (යන්ත්‍රයක්) තුළට කලලයක් තැන්පත් කර මාස 10 පස්සේ ළමයෙක්ව ගන්න පුළුවන් වෙන තාක්ෂනය ඒවි . එතකොට අපේ අයට ප්‍රසුත නිවාඩු ඕනෙත් නැහැ. මේ වගේ දේවල්වලින් වෙන්නේ මිනිසා තුලින් මිනිසත්කම තුරන්වී අමනුස්සකම රජකිරීමයි.(හේ)
මෙහෙම යනකොට මිනිසුන්වත් මෙහෙම අධිශීතරකණ වල දාලා යන දවසක් එයිද දන්නෙ නැහැ (නි)