ප්‍රංශයේ පැරිස් නුවර පොන්ට් ඩේ ආර්ට්ස් පාලමේ අත්වාරුවට ඉබියතුරු සවිකිරීමේ සම්ප්‍රදායට නැවතීමේ තිත තැබීමට නගර බලධාරීන් තීරණය කර තිබේ.
මෙය පැරිසියට පැමිණෙන සංචාරකයින්, විශේෂයෙන් ආදරවන්තයින් අනිවාර්යයෙන්ම අනුගමනය කරන සිරිතක් බවට පත්ව තිබුණු අතර පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමෙන් තමන්ගේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා සදාකල් පවතින බව ඔවුහු සංකේතවත් කළහ. ඉබියතුරු සවිකිරීමෙන් අනතුරුව ඔවුන් යතුරු විසි කළේ පහළින් ගලායන ගංගාවටය.
පොන්ට් ඩේ ආර්ට්ස් පාලම පැරිසියේ ප්‍රකට අයිෆල් කුළුණ මත යොමුවන මාර්ගයේ පිහිටා ඇති අතර එනිසාවෙන්ම මෙය සංචාරකයින්ගේ අවධානයට හසුවන්නේ නිතැතින්මය.
පාලම තනා ඇත්තේ නැපෝලියන් අධිරාජ්‍යය සමයේ වන අතර ආදරය හා මිත්‍ර සම්බන්ධතා සංකේතවත් කරනු වස් පාලමේ අත්වැට මත ඉබියතුරු සවිකිරීමේ සම්ප්රදායේ ආරම්භය පළමු ලෝක යුද සමයේ සර්බියානු යුවළකගේ ආදර කතාවක් දක්වා දිවයන බව සදහන්වේ.
ඉබියතුරු සවිකිරීමේ සම්ප්රදාය නැවතීමෙන් නොනැවතී දැනට සවිකර ඇති ඉබියතුරු ඉවත් කිරීමේ කටයුතු දියත් කිරීමටද පැරිස් නුවර බළධාරීන් පියවර ගෙන තිබේ.ඔවුන් පවසන ආකාරයට මෙසේ කටයුතු කිරීමට හේතුව ඉබියතුරු වල බර පාලමට දැරිය නොහැකි තත්ත්වයට පත්ව තිබීමයි.
මේ නිසාම පාලමේ කැබලි ගැලවී වැටී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එක් අවස්ථාවක මුළු පාලම වසා දමා සම්පූර්ණ ප්රතිසංස්කරණයක් සිදුකිරීමටද සිදුව තිබේ.
දැනට ඉබියතුරු ලක්ෂ 7 ක් පමණ පාලම් අත්වාරුවේ සවිකර තිබෙන බව සඳහන්ය.
පැරිසිය ආදරවන්තයින්ගේ පාරාදීසය වුවද,එය ප්‍රංශ ජාතිකයින් ලෙස තමන්ට මහත් ගෞරවයක් වුවද,ආදරය සංකේතවත් කිරීමට නම් පාලමක් මත ඉබියතුරු සවිකරනවාට වඩා වෙනත් දෙයක් සිදුකිරීමට පැරිසියේ ඕනෑ තරම් අවස්ථා තිබෙන බව නගර බලධාරීන්ගේ අදහසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාහු අපල සෙනසුරු දොස් මේවා මිත්‍යාවන් (බ)
මොන සල්ලි කන්දරාවක්ද ? (නදී)
මෙවැනි එකක් මෙල්බන් වලත් ඇති අතර එයත් ගැලවීමට තීරණය කර ඇත. (ර)
පිස්සන්ගේ පිස්සු වැඩ (බ)
දික්කසාද උනාම යතුර හොයාගන්නේ කොහොමද දන්නේ නැහැ (නදී)
අරුණ, යතුරක් නම් කැපුවා කියමුකෝ. ඒත් ඉබ්බා? (නි)
අයියෝ පවු! (නි)
මේ වගේ පාලමක් මෙහෙත් තිබ්බා නම් චීනා ගොඩ. (නදී)
ආදර වන්ත්තයන් ගේ දිනය දවසේ මගේ යාලුවෙක් එයාගේ මහත්තයත් එක්ක ඔය තැනට ගොස් ඉබි යතුරක් එල්ලුවා ඊට සතියකට පස්සේ ඒ දෙන්න ඩිවෝස් උනානේ .(කේ)
ඉබි යතුරවල ආදරය රඳා පවතින බව සිතීම ශිෂ්ට සම්පන්න සිතුවිල්ලක්ද? දියුණු ජාතිය යයි කීම කොතරම් නිවැරදිද? (බ)
ආදරය සදාතනිකයි (නි)
"මෝඩ වැඩ කරන්නේ කිලෝ ගණන් වලින්" කියමන ඔප්පු කරන්න හොඳ උදාහරණයක්. (බ)