කොටියකු පුදුම සහගත ආකාරයෙන් ඉම්පාලා මුවකු දඩයම් කරන ආකාරය බොස්වානාහි මොරෙමි ජාතික වනෝද්‍යානයේ දී ඡායාරූපයට නැගීමට වනජීවී ඡායාරූප ශිල්පියකු සමත්වී තිබේ.
ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පදිංචි යස්මින් ටාජික් මේ දර්ශනය ඡායාරූපයට නගා ඇත.
කොටියෙක් මෙවැනි දඩයමක් කරන ආකාරය වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය හැකියැයි පරිසරවේදීහු කියති.
අඩි හතලිහක් පමණ උසැති ගසක් මුදුනේ කොටියා විවේක සුවයෙන් රැඳී සිටියි. තණ කමින් ඒ ගස අසළට පැමිණෙන ඉම්පාලා මුවන් රංචුවකි. මේ මුවන් රංචුව දකින කොටියා හොඳින් වැඩුණු මුවකු දෙස බලා ගසේ සිට හිටි හැටියේ බිමට පනින්නේ ඒ මුවාගේ පිට මතටය. ඡායාරූප ශිල්පියා පවසන්නේ කොටියා ගසෙන් බහින්නේ නැතිව කෙලින්ම මුවා මතට පැන්න බවයි. එය ඔහුගේ ඡායාරූපවල ද පැහැදිලිව පෙනෙන්නට තිබේ.
හදිසියේම උඩින් පහත්වූ කොටියා එක් මුවකු ගොදුරු වෙද්දී අනිත් මුවෝ හිස් ලූ ලූ අත දිවයති. මොහොතකින් තම මුඛයේ උල් දත් අතර මුවාගේ ගෙල තදින් රඳවා ගන්නා කොටිය ගස මතට නැග ගනී. මේ මුවා කොටියාගේ දිවා ආහාරය බවට පත්වූ බව ටාජික් පවසයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම අනුව සතර අපායෙන් එකක් තමයි තිරිසන් ලෝකය මෙළොවදී කළ අනුව තිරිසන් ලෝකවල උපදිනවා ඉතින් දුගතියක ඉපදුනාම දුක් විදිනවා කොටිය බඩගින්නේ දුක් විදිනවා මුවා මරණයට ලක්වෙලා දුක් විදිනවා .අපි කලයුතු මේ සතර මහා නරකයන්ට නොවැටී සුගතියට යන්න පින් කිරීමයි. (ස)
මම හිතුවා ඉතාලි ආවත්, ගම්පහ මිනිස්සුන්ට හොදට මොලේ තියෙනවා කියලා.බැලුවහම, එහෙම නැති අයත් ඉන්නවා.(අ)
අර නසර්ට ලංකවේ බතල ටිකක් තම්බල දුන්නනම් මොලේ පෑදෙයි (දී)
අමිල මහත්මයා කෙසෙල් ගහකට කොටලා වගෙයි. (දී)
අපේ ජීවිතත් ඔය වගේම තමා. කුමන මොහොතක කුමන විදියට අනතුරක් ඒවිද කියල කාටද කියන්න පුළුවන්. කැලයේ හිටපු මුවාට කොටියාගෙන් විතරක් අනතරු වුණාට අපිට අපේ ජාතියේ අයගෙන්ම ඕන මොහොතක අනතුරක් එන්න පුළුවන්. ඒවා සමහර විට කොටියා මුවාව අල්ලනවා කැමරා කරපු කැමරා 100ක් තිබුණත් හොයාගන්න බැරිවෙනවා.. (අ)
බලන්නකෝ අදහස් ගොඩ (නි)
සත්තුන්ගේ එකම රාජකාරිය මරාගෙන කෑම විතරයි (දී)
පරිසරයේ සමතුලිතතාවය කියන්නේ ඕකට තමයි..... (දී)
මේක තම සොබාදහමේ නිතිය.. දිවිය කියන්නේ කෙළේ ඉන්න ඉතාමත් බුද්දිමත් සත්වයෙක්... මාංශ බක්ෂක සතෙක් තවත් සතෙක් මරාගෙන කන්නේ විනොදෙට නෙමේ.. උගේ බඩගින්නට... අපි කවුරුහරි ඒ මුවාට පව් කියල කියනව නම් මිනිස්සු මරණ අහිංසක සත්තු පව් නැද්ද? (දී)
උන් මරාගෙන කනවා මිනිසුන් නොමරා කනවා (දී)
ස්භාව ධර්මය තේරුම් ගන්න බැරි අය මෝඩ අදහස් දමන්න එපා. නසාර් වගේ. (අ)
ස්වාභාවධර්මය (දී)
මේ කොටියෙක්වත් ජගුව(ර්) කෙනෙක්වත් නොවෙයි දිවියෙක් (දී)
මම දන්නේ නැහැ (දී)
කොටියටත් කෑම අවශ්‍යයි නේ අපි ඒ ගැනත් හිතන්න ඕනේ නේද (දී)
ටාජික් (වනජීවී ඡායාරූප ශිල්පියා) , නසාර් ( අපේ අහිංසක කොමෙන්ට් කරු ) සහ අනෙක් සියලුම කොමෙන්ට් කරුවන් එතන හිටියනම් අපිට තිබුණා අර අහිංසක සතා බේරගන්න, එහෙම නැතිව අපිට නසාර් කියුවා වගේ කැමරා කරුට තිබුනේ කැමරාවෙන් කොටියට ගහලා මුවා බේරගන්න බැහැ,( ඒක කරන්න බැහැ කොල්ලෝ කොටි හරි නපුරයි.)(දී)
ලංකාවේ ජීවන බරත් බඩු මිල ඔය විදිට තමයි ඔලුවට වැටෙන්නේ !! (දී)
නසාර් කොහද ඉස්කෝල ගියේ (දී)
මම හිතන්නේ නසාර් අදහස් කළේ, මිනිස්සු දැන් ඕනෑම අනතුරකදී ෆොටෝ ගන්න එකයි වීඩියෝ කරන එකයි තමයි කරන්නේ. අනතුරෙන් කාවවත් බේරාගන්න බලන්නේ නැහැ . (නි)
මේක තමයි දියුණු යැයි කියන මුළු මහත් ලෝකයේ මිනිස් ප්‍රජාවගේ සිට නොදියුණු වනාන්තරගත සත්ව ප්‍රජාවටම පොදු න්‍යාමය. බලය, සවිය, ආයුධ, මුදල වැඩි කොටියා ඒ කිසිත් නැති පොදු ජනයා නමැති මුවා දඩයම් කරගෙන කනවා. එහෙත් ඒක වෙන්නේ වෙනස් විදියකට. (නි)
චික් ජරා කොටියා අනේ පවි අසරණ මුව පැටියා (දී)
හැම සතාටම මොකක් හරි අති විශේෂ ශිල්ප ඤාණයක් පිහිටලා තියෙනවා. ඒ අතින් අපි හැමෝම සත්ව වර්ග අනුව එක සමානයි. ඒත් මිනිහ විතරයි තමන්ගේ ඤාණය අයුතු විදිහට පාවිච්චි කරලා අනිත් ජිවිත වලට තර්ජනයක් වෙන්නේ (නදී)
ස්වභාවධර්මය කියන්නේ ඕක (දී)
කැමරා කරුට තිබුනේ කැමරාවෙන් කොටියට ගහලා මුවා බේරගන්න..... (දී)
චාමින්ද , අලුත් එස්.එල්.ආර්. ඩිජිටල් කැමරා වල තියෙනවා "බර්ස්ට්" එහෙම නැත්නම් "කන්ටිනුවස් ෂූටින්" කියලා සෙටින් එකක්. එවිට ෂටරය ඔබාගෙන ඉන්න තාක්කල් දිගටම රූප වදිනවා.කැමරාවේ තත්වය, මිල අනුව මෙය තත්පරයට වදින ගණන ෂොට් 3 වගේ සිට වැඩි අගයකට යනවා. (නි)
මේ දවස් වල අපේ රටේ වතුර නැති පළාත් වල , වතුර හොයාගෙන එන සත්තු ගොදුරු කරගෙන කන මිනිසුන්ගේ අමානුෂිකකම බැලුවහම මේ කොටියා හොඳයි (නි)
කැළෑ නීතිය කියන්නේ ඕක තමයි (නි)
කැමරාව නම් නියමයි (නි)
නසාර් ගැන මට නම් හිතාගන්න බැහැ (නි)
පින්තුර ගත්ත කැමරාවත් නියමම කැමරාවක් වෙන්න ඇති.තප්පරයකට පින්තුර, හතරක් පහක්වත් වත් ගන්න පුළුවන් ඇති. (ස)
විශිෂ්ට ඡායාරූප පෙළක් (නි)
චමින්ද ඔයා හිතුව ද එයා දෙකයි පනහේ කැමරාවක් අරගෙන යාවි කියලා. (ස)
නසාර් කියන දේ කරන්න බැරිවුනත් එ් අදහය අහිංසකයි. (දී)
මේ කොටියෙක් නෙවෙයි ජගුව(ර්) කෙනෙක් (දී)
ඉතාලියේ ඉන්න සමහර අය හිතනවා, ඒ ගොල්ලෝ ඉතාලියේ ජීවත් වුණහම සියල්ල දත් කියලා. මහත්තයෝ, පුවතට අදාළව වැදගත් දෙයක් ලියන්න.එහෙම ලියන්න දන්නේ නැත්නම්, පාඨකයින් ලියා තියෙන අදහස් ටික කියවලා ඒවා රසවිඳින්න. (නි)
තන්තුලගේ අමිල,ඔහේගේ අදහස දෙකයි පනහටත් වැඩිය බාලයි. (දී)
අපේ කට්ටිය හිටියනම් මුවා කොටියට ලබන්නේ නෑ. (අ)
මේක ඡායාරූප කරපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා. (අ)