සැම්බියාවේ ලූආන්ග්වා ජාතික වනෝද්‍යානයේ ඇතෙක් සියඹලා ගසකට නැග්ගේය.
ගස පසෙකින් තිබූ විශාල තුඹසකට ගොඩවූ ඇතා ප්‍රවේසමින් ගසේ අත්තකට ගොඩ විය.
අනතුරුව හොඩවැල ඒ මේ අත දිගුකරමින් සියඹලා රස විදින්නට විය.
මේ සියල්ල වනජීවී ඡායාරූප ශිල්පී බ්‍රයන් ජැක්සන්ගේ කැමරාවේ සටහන් විය.
ජැක්සන්ට අනුව වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් සියඹලා කෑමේ රුසියෝය.ගසින් ගස සොයා යන ඔවුන් පෙර පාද ඔසවාගෙන පසු පාද වලින් සිටගනිමින් හොඩවැලද යොදාගෙන සියඹලා ගස් ‘සුද්ධ‘ කරන බව ඔහු කියයි.
ගස් අතු වලට ගොඩවීමට ඇතැමුන් උත්සාහ කරන බවත් බොහෝ අවස්ථාවන්හි සිදුවන්නේ ගසද පෙරළාගෙන ඔවුන් බිමට වැටීම බවත් ඔහු පවසයි.
මේ ඇතාට නම් ආපදාවකින් තොරවම ගසේ අත්තටම ගොඩවී සියඹලා රස බැලීමේ අවස්ථාව ලැබී ඇති සෙයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණය කරනවා වෙන්න ඇති. (නි)
විජේ බලාගෙනයි අලි කතාවකට ගිහින් අලි වැඩක් වෙයි. (ස)
මරු (ස)
අනේ විජේසේකර, මගේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දි මමත් එහෙමයි. දැන් දෙවෙනි බබා ලැබෙන්න ඉන්නේ. මට අඹ කන්න ආසයි. මේ රටේ අඹ නැහැනේ. මට ටිකක් හොයලා එවනවද ලංකාවෙන්? (ස)
සැම්බියාවෙ අලි සියඹල කනව .ලංකාවෙ අලි කළු කෝපි බොනව. (අ)
"අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්" . (ස)
හරිම ලස්සන දර්ශනයක් ...!! (ස)
සිතුමිණිටත් එහෙම හිතිලා තියෙනවද? (නි)
මේ ඇතින්නියක් වෙන්න ඇති. පැටියෙක් හම්බවෙන්න නිසා ඇඹුල් කන්න ආසා හිතෙන්න ඇති. (නි)
බිම ඉන්න අලි කියන වලු පිස්සු නටන්න එපා ලංකාවේ ඉන්න අලිත් පිස්සුම තමයි නටන්නේ කියල .(ස)
අලියත් පිස්සුනේ නටන්නේ.අත්තත් කඩාගෙන, අතපයකුත් කඩාගෙන, රෝහලෙන් නවතින වැඩක් ඕක නම් (නි)
අරුණ, කන්න නැතිකමට නෙමෙයි. අලි ආසයි ඇඹුල් ජාති කන්න. ඒකයි... (ස)
අනේ පව් අසරණයා. ගහ පල්ලේ නම් වැටෙන්න එපා. අපිටත් දුක හිතෙයි. අපේ රටේ වන අලි ටික ගැන හැමදාම අපි අහන්නේ හද කම්පා කරන දේවල්මයි..? (ස)
අනේ අපේ රටේ වන අලි සම්පත රැකගන්න කවුරුවත් නැද්ද?? අහිංසක අලිට කරදර කරන අයට වන්දි ගෙවන්න වේවි.(ස)
අලියොත් එක්ක බැහැ. (ස)
මෙහෙ ඉන්න අලින්ට නම් ගස් නගින්න තියා පයින් යන්නත් බැහැ. එකමුතුකම සහ දැනමුතු කම නැතිව වලවල් වළමයි වැටෙන්නේ. (නදී)
අලියටත් ජොලියක් හිතෙන්න ඇති.(නදී)
මිනිස්සු අච්චාරු, කඩල, මුරුක්කු වගේ දේවල් කන්නේ කන්න නැති නිසා නෙවෙයි නේ.(නදී)
මුන්ට හරියට බඩ පිරෙන්න කන්න දෙන්නේ නැහැනේ. ඒකයි ඕවට ඉබේම ඇබ්බැහි වෙන්නේ (නි)