අල් කයිඩා සංවිධානය නිර්මාණය කළේත් ඊට මූල්‍යය අනුග්‍රහය දැක්වූයේත් ඇමරිකාව බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරන වීඩියෝ පටයක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතියි.
ඉහත වීඩියෝ පටය සී.එන්.එන් ප්‍රවෘතියක කොටසක් වන අතර එය යූ ටියුබ් වෙබ් අඩවිට මුදා හැරීමෙන් පසු ලොව පුරා පැතිර ගොස් ඇත.
එහි ඇය කියා සිටින්නේ සෝවියට් තර්ජනය හමුවේ සෝවියට් හිතවාදී ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවට එරෙහිව සටන් වැදීම සඳහා වසර 30කට කලින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පිහිටවූ බවයි.
රේගන් ජනාධිපතිවරයා කොංග්‍රසයේ සහයද ඇතිව මෙම කටයුත්තට මැදිහත් වූ බව ඇය පිළිගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට කිරි පොවලා ඊළඟට කන්නේ උන්ගෙන්.(නදී)
බළලා මල්ලෙන් එළියට පනියි.(නදී)
ඉර හද හා සත්‍ය දීර්ඝ කාලයක් ලොවෙන් වසන් කළ නොහැක.(නදී)
ඉර හඳ සහ සත්‍යය දීර්ගකාලයක් ලොවෙන් වසන්කළ නොහැක. (නි)
ඇමරිකාව කවද්ද ලෝකෙට හොද දෙයක් කලේ?(නදී)
මොකද්ද මේ කතාවේ තේරුම (දී)
එල්.ටී.ටී එකටත් කොහොම හරි කිරි පොවා ශක්තිමත් කරන්න. එතකොට තව අවුරුදු 30 පස්සේ කනවෝ කනවෝ කිය කියා ලෝකය වටේ දුවමින් ලෝකේ පෙරලන්න පුළුවන්.(නදී)
අපේ අහවල් මහත්තයත් දැන් කියයිද මන්දා එල් ටී ටී යී එක හැදුවේ ඒගොල්ලෝ කියලා. (නි)