අලි බෙටි යොදාගෙන කඩදාසි නිපදවීමට ජපාන ජාතිකයෙක් සමත්ව සිටී.
හිසාෂී උවේඩා නම් වන ඔහු මෙසේ කඩදාසි නිපදවීම සඳහා යොදාගන්නේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලි අනාථාගාරයකින් ඉවත් කෙරෙන අලි ඇතුන්ගේ බෙටිය.
එසේ ලබාගන්නා බෙටි එළිමහනේ වියළා අනතුරුව දිනක් පුරාවට හුමාලය ආධාරයෙන් ජීවාණුහරණය කෙරේ.අනතුරුව විවිධ කඩදාසි කර්මාන්තශාලා වලින් ඉවතලන කඩදාසි සමග මෙසේ වියළාගත් බෙටි මිශ්‍ර කරගැනීමෙන් නැවත භාවිතයට සුදුසු කඩදාසි නිපදවා ගැනේ.
මෙම කටයුතු සිදුකෙරෙන්නේ අලි අනාථාගාරය ආසන්නයේම පිහිටි උවේඩා සතු කර්මාන්තශාලාවකය.උවේඩා පවසන අන්දමට මෙම කර්මාන්තශාලාවෙන් දිනකට කඩදාසි තීරු දහසක් පමණ නිපදවේ.
අලි ඇතුන්ගේ බෙටි ශාඛ කෙඳිති වලින් ගහණය.එනිසාම මෙසේ නිපදවන කඩදාසි සාමාන්‍ය කඩදාසි වලට වඩා ඝණකමින් වැඩිය.
මෙම කඩදාසි දැනටමත් රටවල් 10 කට පමණ අපනයනය කෙරේ.ඊට අමතරව ජපානයේ සත්ත්වෝද්යානයන්හි ඇති වෙළදසැල් වලද ‘‘අලි කඩදාසි‘‘ යනු සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් අනිවාර්යයෙන්ම මිලදී ගන්නා සිහිවටනයකි.
හසාෂි උවේඩා ශ්‍රීලංකාවේ ප්ලාස්ටික්,තේ කොළ අපනයනය හා මැණික් සම්බන්ධ ව්‍යාපාරයක් කිහිපයකම හිමිකරුවෙකි.හෙතෙම ශ්‍රීලංකාවට මුලින්ම පැමිණ ඇත්තේ ඔහු ජපානයේදී හඳුනාගත් ශ්‍රීලංකා නිලධරයෙකුගේ විවාහ උත්සවයට සහභාගී වීමටය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවම වානර යුගයේ ඉන්නේ මෙවැනි වැඩ දිහා බැලුවම.ඔක්කොමට වැඩිය බඩගොස්තරවාදයයි කම්මැලිකමයි තමයි මෙයට ප්‍රධානතම හේතුව.පිටමිනිස්සු අපේ රටට ඇවිත් මෙවැනි ඉවතලන දෑ ප්‍රයෝජනයට ගෙන කරන නිෂ්පාදන අපේ මිනිස්සු ඉහලින් අගය කළ යුතු දෙයක්. (ම)
ලංකාවේ අලි බෙටිවලින් කඩදාසි හැදුවෙ අද ඊයේ නෙමේ. සංචාරක කාර්මාන්තයෙ ඉන්න අය ඒක දන්නවා. කෙසේවෙතත් මේ ජපන මහතාට ජය වේවා.(අ)
ඔය කඩදාසි අලි බෙටි වලින් විතරමද හදන්න පුළුවන්? (නි)
මීට කලකට පෙර ප්‍රංශ රාජ්‍ය රුපවාහිනී නාලිකාවක් ශ්‍රී ලංකාවේදී මෙම අලිබෙටි කඩදාසි නිෂ්පාදනය ගැන නිපදවන ලද වාර්තා චිත්‍රපටයක් අපට දැක බලාගැනීමට හැකි වුණා (අ)
අනේ අපි දැන් නැති හින්ද අහන්නේ ඔය අලි බෙටි ටික විසිකරලා කඩදාසි වලින් විටරක් ඕක හදන්න පුළුවන්නේ. (අ)
මම දන්නා ලෙසට නම් ඔය කියන ව්‍යාපාරය කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයෙහි පටන් ගෙන දැනට වසර 30 - 35 ක් පමණ වෙනවා එම ව්‍යාපාරය දැනටත් පවත්වා ගෙන යනවා. (අ)
මේක කලිනුත් අපේ රටේ සුළුවෙන් කළ දෙයක් කියා මට මතකයි. (නි)
අපිට ඉතින් දේශීය දේවල් වල අගයක් නැහැනේ (නි)
අපේ ලංකාවේම අය පටන් ගත්ත මැක්සිමස් කියන 100% ක්ම දේශීය සමාගම 1997 ඉඳන් අලිබෙට්ටෙන් කඩදාසි හදනවා. ඒ අය එම නිෂ්පාදන වලට විවිධ ජාත්‍යන්තර සම්මාන පවා දිනලා තියෙනවා. (බ)
නිකන්ම නිකන් කෑගහන ජෙ.වී.පී එකටයි පිවිතුරු හෙල උරුමයටයි මෙවා හොඳ පාඩම්. අඩු තරමින් 4-5 දෙනකුට හරි රක්ෂා දෙන එකත් ලොකු දෙයක්. හෂසි උවේඩාට මගේ සුභ පැතුම්! (අ)
ඉතාම අගනා වැඩක්. (ම)
පරසරයට ආදරය කිරීම (අ)
පින්නවල අලි අනාථාගාරය ලග තියන කෞතුකාගාරෙය් අලි බෙටි වලින් කඩදාසි හදන හැටි අනාථාගාරය බලන්න ඒන අයට අපේ අය කියල දෙනවා. සමහර විට මේ ජපන් මහත්මයාටත් කලින් අෙල් අය ඕක කරන්න අැති. ඒ්ත් අෙප් මිනිස්සු දේශීය දෙයට තැනනොදෙන කොට අෙප්දේශපාලුෙවා හැමදාම සුද්දව අගය කරමින් දේශීය මිනිහා වලට අැද දමන කොට අපේ දෙයින්පිට අය වාසි ලබා ගන්නවා.මේත් ඒහි ඒක් නිදසුනක් විය හැකියි. එහෙත් මම පුද්ගලිකව ජපන් ජනයාට ඉතා ගරු කරමි. මා ඒහි විසු වසර දෙ ඒරට මාෙග් නිවස හා මට සමීප කරන්නට මෙවුන්ගේ ලෙංගතු හැදියාව සමත් වූ හෙයිනි.(අ)
අපේ ලංකාවේ අධ්‍යාපනය සාක්ෂරතාව අලි බෙට්ටක් තරම් වත් වටිනවද කියල අපිට හිතන්න .දැනුත් ප්‍රමාද නැහැ .සුද්දෝ අවුරුදු පනහකට විතර කලින් හොයාගෙන පොත්වල ලියපුවා අපි කටපාඩම් කරගෙන විබාභ පාස්වෙලා උපාධි ගන්නවා . කිසිම දෙයක් නිර්මාණය කරන්න බැරි මුලධර්ම පමණක් දන්නා අබ්බගාතයෝ තමා අපේ විබාභ ක්‍රමයෙන් බිහිවෙන්නේ. මෙය එයට හොඳම උදාහරණයක්. (ම)
ජපන් මහත්තයට සුබ පතනවා.. (ම)
ඔබට තව තවත් මෙවැනි කාර්යයන් කිරීමට හැකිවේවා! (නි)
පේනවා නේද දියුණු ජාතියක් සමඟ සම්බන්ධවීම තුළින් ලබන දියුණුව? (නි)
බලන්න අපේ රටේ නිෂ්පාදන වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන (නි)
කොහොම වුණත් ජපනා නිසා හොඳයි. මිනිහා අඩුතරමේ කෑගල්ලෙන් අලිබෙටිවත් අරගෙන යනවා. අපේ අල්ලපු රටේ කට්ටියට ළඟදි මෙහෙ ඇවිල්ලා වැඩ පටන්ගත්තාට පස්සේ එහෙම ඔය ව්‍යාපාරයේ රහ දැනුනා නම් මොනවා වෙයිද? (නි)
ඉතා අගනා වටිනා පරිසර හිතකාමී වැඩක් (ම)