ප්රංශයේ සුප්රසිද්ධ සංකේතයක් වූ අයිෆල් කුලුන ප්රංශ ජාතික ධජයේ වර්ණයෙන් ආලෝකවත් කර ඇත. අයිෆල් කුලුන රාත්රී කාලයේ දී ජාතික ධජයේ ඇති රතු නිල් සහ සුදු වර්ණයෙන් දිස්වන ආකාරයට අලෝකවත් කරන ලද්දේ ප්රථම වතාවට බව ප්රංශ බලධාරීහු කියති. මෙලෙස එම කුලුන වර්ණවත් කළේ සිකුරාදා එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් 129 දෙනකු මිය යාමෙන් පසුවය. මේ ප්රහාරයෙන් පසු අයිෆල් කුලුන මහජන ප්රදර්ශනයට ඉඩ නොදී වසා දැමිණි. ඉන් අනතුරුව සඳුදා පස්වරුවේ අයිෆල් කුලුන නැවත මහජන ප්රදර්ශනය සඳහා විවෘත කිරීමට පෙර පිළිකුල් සහගත ත්රස්ත ප්රහාරය හෙළා දකිමන් එහි සියළු විදුලි පහන් නිවා දැමිණි. මොහොතකින් අයිෆල් කුලුන නිල්, රතු හා සුදු වර්ණයෙන් ආලෝකමත් වූයේ සියලු දෙනා පුදුමයට පත්කරමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිෆල් කුලුන නියම විදියට වර්ණවත් වෙන්නේ සියලු ත්රස්තයන්ව විනාශ කළ දිනටයි. එංගලන්තය මේ අතර කොටි විරු සැමරුමට ඉඩ දෙයි. මෙයාල තවම ත්රස්තවාදීන් හදුනා ගෙන නැහැ. (ම)
තමන්ගේ ජනාධිපතිගේ කණ ළඟම බෝම්බ පුපුරවපු ත්රස්තවාදීන්ට විරුද්ධව ප්රංශයට කරන්න හැකි වුණේ ගුවනින් බෝම්බ දාන එක විතරයි. ඒක ඕනෑම රටකට කළ හැකි දෙයක්. හැකිනම් සාර්ථක ගොඩබිම් මෙහෙයුමක් කරලා ප්රධාන ත්රස්තවාදී නායකයින් විනාශ කරලා රටේ ගෞරවය රැකගන්න. (නි)
එයාලා ගුවනින් බෝම්බ දැම්මහම මැරෙන්නේ ත්රස්තවාදීන්. අපි අපේම රටේ කොටින්ට බෝම්බ දැම්මහම මැරුනේ සිවිල් වැසියන්. එහෙම කියපු රටක් තමයි ඔය ඉල්ලන් කන්නේ. (නි)